ඇෆ්ගනිස්ථානයෙන් සෝවියට් දේශය පසුබැසීම ගැන කියූ කතාවකට කොළඹ රුසියානු තනාපති කාර්යාලයෙන් සැර පිළිතුරක්..
ඇෆ්ගනිස්ථානයෙන් සෝවියට් දේශය පසුබැසීම පිළිබඳව ශ්‍රී ලාංකික මාධ්‍යවේදී එල්. ඔකර්ස් (L.Ockersz) විසින් රචිත ලිපියක සඳහන් කරුණු කිහිපයක් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති කාර්යාලය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව රුසියානු තනාපති කාර්යාලය පෙන්වා දෙන්නේ ඇෆ්ගනිස්ථානය තුළ «සෝවියට් දේශය ලැබූ පරාජය» යනුවෙන් සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අසාධාරණ බවයි. 1989 පෙබරවාරි මාසයේදී සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූයේ ඉතා සංවිධානාත්මක සහ ක්‍රමවත් ආකාරයකට බව එහි සඳහන් වේ. එම කාලසීමාවේදී කාබුල් නුවර සෝවියට් තනාපති කාර්යාලයේ සේවය කළ, දැනට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තනාපති ලෙස කටයුතු කරන ලෙවාන් ජගාරියන් මහතා (H.E. Mr. Levan Dzhagaryan) මෙම සිදුවීම් සඳහා සෘජු ඇසින් දුටු සාක්ෂිකරුවෙකු බවද එහි දක්වා ඇත.
එමෙන්ම 2021 අගෝස්තු මාසයේදී තලිබාන් සංවිධානය හමුවේ අතිවිශාල වටිනාකමකින් යුත් හමුදා උපකරණ පවා අතහැර දමමින් නේටෝ (NATO) හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් සිදුකළ නින්දාසහගත පසුබැසීමට වඩා සෝවියට් හමුදාවන්හි ඉවත්වීම සම්පූර්ණයෙන්ම වෙනස් සහ පාලනය කළ හැකි මට්ටමක පැවැති බව රුසියානු තනාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.
සෝවියට් සමයේදී ඇෆ්ගන් ජනතාව වෙනුවෙන් රෝහල්, පාසල්, මාර්ග සහ කාර්මික පද්ධති වැනි ප්‍රධාන යටිතල පහසුකම් රැසක් ගොඩනැගූ අතර, නේටෝ සංවිධානය විසින් ජනතාවට ප්‍රයෝජනවත් කිසිවක් නිර්මාණය නොකර ඇෆ්ගනිස්ථානයේ සමාජීය හා කාර්මික යටිතල පහසුකම් විනාශ කිරීමට පමණක් කටයුතු කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
PRESS RELEASE of the Russian Embassy in Sri Lanka
September 3, 2026
The Embassy paid attention to some paragraphs of the article “Civilizational dialogue proving a remote possibility as realpolitik rages” by L.Ockersz. We would like to provide an adequate response.
References to the alleged «defeat of the USSR in Afghanistan» are completely inappropriate. The withdrawal of Soviet troops from Afghanistan was completed
in February 1989 in an orderly manner. H.E. Mr. Levan Dzhagaryan, Ambassador of Russia to Sri Lanka and Maldives, worked in the USSR Embassy in Kabul and was an eye-witness to those events. The orderly withdrawal of Soviet army contrasts sharply with the disgraceful escape of NATO troops from Afghanistan in August 2021 while abandoning expensive equipment following a humiliating defeat from the Taliban.
Soviet experts established vital infrastructure: hospitals, schools, roads and industrial facilities. In contrast, NATO constructed nothing but destroyed the social, industrial and logistic infrastructure depriving Afghan people of access to it.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..