
ජනපති වෙන්න පක්ෂ රැසකම ලොකු පොරයක්... පක්ෂ අභ්‍යන්තර පිල් බෙදීමත් දරුණුවටම
දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසෙන පරිදි ජනාධිපති අපේක්ෂක ධූර සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රැසක බරපතළ ගැටුම්කාරී තත්වයක් නිර්මාණයවී තිබේ.
බොහෝ පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපති අපේක්ෂක ධූර සඳහා ඉදිරිපත්වීමට කැමැත්ත පළ කිරීම සහ ඒ ඒ පක්ෂ තුළම අපේක්ෂක ධූර සම්බන්ධයෙන් පිල් බෙදීම් ඇතිවීම මෙම ගැටුම්කාරී තත්වයට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට තරග වැදීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද පක්ෂය සහයෝගය ලබා දෙන්නේ නම් ජනාධිපති අපේක්ෂක ධුරයට තරග වැදීමට සූදානම් බව පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
මේ අතර, ලංකා පොදු ජනපෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට හය දෙනෙකු පිළිබඳ අවධානය යොමු කර ඇති බව වාර්තා වෙයි.
බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ධම්මික පෙරේරා යන මන්ත‍්‍රීවරුන්ට අමතරව මාධ්‍ය ආයතනයක හිමිකරුවකු මෙන්ම තවත් විශේෂ පුද්ගලයෙකු ගැනද ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.
දෙමළ ජනතාවගේ පක්ෂ එකඟත්වයකට පැමිණෙන්නේ නම් දෙමළ ජනතා සන්ධානයේ නායක උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාද ජනාධිපති ධූරයට තරඟ වැදීමට සූදානම් බව ප්‍රකාශ කළේය. එහෙත් ඔහුට අපේක්ෂක ධූරය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක්ම කැමැත්ත නොදක්වන බව ද වාර්තාවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
