76 අවුරුදු ශාප කාලෙදි ආයු අපේක්‍ෂාව 68%කින් වැඩිවෙලා.. - 22 විවාදයේදී පුදුම හිතෙන හෙළිදරවුවක්..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේදී, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ නැංවීම වර්තමානයට ඉතා සුදුසු හා කාලෝචිත පියවරක් බවයි.
මෙරට ජනගහන වර්ධනය සහ ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළ යාම පිළිබඳ සංඛ්‍යාලේඛන ගෙනහැර දක්වමින් ඔහු සිය තර්කය තහවුරු කළේය. 1948 නිදහස ලැබූ සමයේදී සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආයු කාලය අවුරුදු 48ත් 55ත් අතර පැවති අතර, 1978 වන විට එය අවුරුදු 67ත් 69ත් දක්වා ඉහළ ගිය බව පැහැදිලි කළ ඔහු, ගතවූ වසර 76 තුළ මෙරට ජනතාවගේ ජීවන කාලය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති ආකාරය පෙන්වා දුන්නේය.
වර්තමානය වන විට පිරිමි පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 77 දක්වාත්, කාන්තාවකගේ ආයු අපේක්ෂාව අවුරුදු 81 දක්වාත් වර්ධනය වී තිබේ. මෙම දත්තවලට අනුව ජනතාවගේ ක්‍රියාශීලී ජීවන කාල සීමාව ඉහළ ගොස් ඇති බැවින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සාධාරණ බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්.. - නිගමනය කථානායකට..
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ..
‘හමුදා රහසක්’: රුසියාවේ ‘නීත්‍යානුකූල ඉලක්ක’ පිළිබඳ පුටින් කියෙව් සහ ලන්ඩනය දෙගිඩියාවට පත් කරයි — ප්‍රධාන ප්‍රකාශ
මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හැම ඒකාධිපතියෙක්ම කියන්නේ තමන්ගේ තීරණ ජනතාව වෙනුවෙන් කියලයි.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..
22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..
ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..
Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..
විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ
ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..