News Category
From Date
To Date
Maximum Number of Result

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නැගෙනහිර උසාවියකින් තහනම් නියෝගයක්..

Sep 2, 2026 at 03:56 PM
|

*කන්නියා පිල්ලෙයාර් කෝවිල් භූමියේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්.

නැගෙනහිර පළාතේ පුද්ගලික ඉඩමක පිහිටි පැරණි නටබුන් චෛත්‍ය භූමියක පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අලුතින් සිදුකරන ඉදිකිරීම් අත් හිටුවමින් අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ත්‍රිකුණාමලය මහාධිකරණයේ අතුරු තහනම

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ කන්නියා උණුදිය ලිං පිහිටි භුමියට සමීපව ඇති පිල්ලෙයාර් කෝවිල් භූමියේ පිහිටි පැරණි චෛත්‍යයක් පවතින තත්වයෙන් තහවුරු කිරීම වෙනුවට ප්‍රතිසංස්කරණය කිරීම නවතාලමින් ත්‍රිකුණාමලය මහාධිකරණය විනිසුරු එම්. ඒ. ඒ අබ්දුල්ලා 2026 අගෝස්තු 31 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් 22 දක්වා බල පැවැත්වෙන බවයි.

කන්නියා උණු දිය උල්පත්  ආසන්නයේ පිහිටි මේ වන විට  විනාශයට පත්ව ඇති  පිල්ලෙයාර් කෝවිල් භූමියේ පිහිටි පැරණි චෛත්‍යයක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සදහා  ජුලි 22 වැනිදා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුල් ගල් තබා තිබේ.

 “අද තියෙන තත්වයෙන්  ඒක පවත්වාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ කිසිම ඉදිකිරීමක් කරන්න හොඳ නැහැ කියන නියෝගයක් දීලා තියෙනවා. සැප්තැම්බර් මාසේ 22 වැනිදා වෙනකම් ඒ නියෝගය බලාත්මකව තියෙනවා,” යි නීතිඥ සුමන්දිරන් ප්‍රකාශ කළේය.

තත්වය අධ්‍යයනය කොට වාර්තාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයා කල් ඉල්ලීම අධිකරණයේ දින නියමයට හේතු වූ බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පිල්ලෙයාර් කෝවිල හා ඒ ආසන්නයේ පිහිටි පැරණි චෛත්‍යය සහිත භුමිය ප්‍රදේශවාසියකුට අයත් පුද්ගලික ඉඩමක් බවයි.

පැරණි එකඟතාව සහ මෝසම

පුද්ගලික  භුමියේ පිහිටි පිල්ලෙයාර් කෝවිල වෙනත් ස්ථානයක ඉදි කිරීමටත්, එම භුමියේ පවතින පැරණි චෛත්‍යය ඒ ආකාරයෙන්ම සංරක්ෂණය කිරීමටත්  මීට ඉහතදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ එකඟතාවයකට පැමිණ තිබුණි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට හඳුනාගෙන ඇති ස්ථානයක්  ආරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිතියක් ඇති  බවත්, ඒ අනුව, එහි පැවති  බව පැවසෙන පුරාණ චෛත්‍යය දැනට පවතින තත්ත්වයෙන්ම ආරක්ෂා කිරීමට පමණක් ඔවුන්ට අයිතිය ඇති බවට H.C.R./RIT/590/2019 නඩුවේ දී  ඇති කරගත් එකඟතාවේ සඳහන්ව ඇති බවයි.

එම තීන්දුව ප්‍රකාරව ඉඩමේ හිමිකරු විසින් නීතිඥ ප්‍රශාන්ති උදයකුමාර්  මාර්ගයෙන් අධිකරණයට මෝසමක් මගින් දැනුම් දී ඇත්තේ අධිකරණය ඉදිරියේ මීට පෙර ඇති කරගත් එකඟතාවට පටහැනිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිය භුමියේ පිහිටි පැරණි චෛත්‍ය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මේ වන විටත් කටයුතු  සිදු කරමින් සිටින බවයි.

පුරාවස්තු පනතේ 20 වැනි වගන්තිය

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් අගෝස්තු 31 වැනිදා මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් කියා සිටියේ පෞද්ගලික ඉඩමක ඇති පුරා විද්‍යා ස්ථානයක් ආරක්ෂා කිරීම විනා එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ නොහැකි බවට පුරාවස්තු ආඥා පනතේ  පෙන්වා දී ඇති කරුණු මෙන්ම මීට ඉහතදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ එකග වී ඇති කරුණු ද ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ යළි අවධාරණය කළ බවයි.

“පුරාවිද්‍යා පනතේ 20 වැනි වගන්තියේ ඉඩම් අයිතිකාරයාත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් අතර ගිවිසුමක් ඇති කරගන්න පුළුවන් කියලා තියෙනවා. ඒ ගිවිසුමේ එහෙ තියෙන පුරාවිද්‍යා ස්ථානය ආරක්ෂා කරන්න ගිවිසුම් ගත වෙන්න පුළුවන්. අපේ ස්ථාවරය මොකක්ද කිව්වොත්, අධිකරණයේදී ගත්ත එකඟත්වය තමයි ඒ ගිවිසුම. පුරාවිද්‍යා පනතේ 20 වැනි වගන්තිය යටතේ තියෙන ගිවිසුමේ විශේෂිතව ආරක්ෂාව විතරක්, විතරක් කියන වචනය තියෙනවා. ඒ කියන්නේ, වෙන මොකුත් තියෙන්න හොඳ නැහැ. ආරක්ෂා කරන එක විතරයි කරන්න පුළුවන්. ප්‍රතිසංස්කරණය කරන්න බැහැ. සංරක්ෂණය කරන්න බැහැ. වෙන, පනතේ දීලා තියෙන වෙනත් බලයන් භාවිත කරන්න බැහැ. මොකද කිව්වොත්, එයාලා එකඟ වෙලා තියෙනවා අපිත් එක්ක ඒක තියෙන විදිහට ආරක්ෂා කරන ක්‍රියාවලිය විතරක් අපි කරනවා කියලා අධිකරණයේ එකඟ වෙලා තියෙන නිසයි අපි මේක ආයෙත් අධිකරණයට ඉදිරිපත් කළේ.”

චෛත්‍යය පිහිටි බව පැවසෙන ස්ථානයේ පැරණි ගොඩනැගිල්ලක නටබුන් සේ දිස්වන ගල් ගොල්ලක් තිබෙන අතර එම භුමියේ අලුතින් සිදුකෙරෙන ඉදිකිරීම්ද දැකගත හැකිය.

- theleader


සම්බන්ධිත පුවත් | Related News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනුකිරීම සඳහා අද (03) දිනයේ අවස්ථාව ලබා දී තිබේ.
22 වන ව්‍යස්ථා සංශෝධනයට එරෙහි සියලු දෙනා හොරුන් වංචාකාරයන් පාතාලයන් යැයි හංවඩු ගැසීමට තමන් එකඟ නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වසන්ත මුදලිගේ පවසයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවති පෙත්සම් සලකා බැලීමේ නඩු විභාගයේ අවසාන දින දෙක තුළ, නීති වෘත්තියේ නියැලී සිටින තරුණ නීතිඥයන් විශාල පිරිසක් ඉදිරිපත් වී තර්ක ඉදිරිපත් කිරීම අතිශයින් සතුටට කරුණක් බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේදී, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ නැංවීම වර්තමානයට ඉතා සුදුසු හා කාලෝචිත පියවරක් බවයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (2) සඳහන් කළේය.
5 ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 289,867 ක් අතරින් කඩඉම් ලකුණෙන් ඉහළ ලකුණු ගත් දරුවන් සංඛ්‍යාව 56,000ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (2) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් හා තවදුරටත් ⁣ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් වර්තාවක් අධිකරණය⁣ට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (02) ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබේ.

ප්‍රධාන පුවත්

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්.. - නිගමනය කථානායකට..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (2) සඳහන් කළේය.

‘හමුදා රහසක්’: රුසියාවේ ‘නීත්‍යානුකූල ඉලක්ක’ පිළිබඳ පුටින් කියෙව් සහ ලන්ඩනය දෙගිඩියාවට පත් කරයි — ප්‍රධාන ප්‍රකාශ

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්‍තුවට තේරි පත් වූ මන්‍ත්‍රීවරුන්ට එරෙහිව දිනන දකුණ සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හැම ඒකාධිපතියෙක්ම කියන්නේ තමන්ගේ තීරණ ජනතාව වෙනුවෙන් කියලයි.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ සෑම ඒකාධිපතියෙකුම පාහේ තමන් ගනු ලබන තීරණ ජනතාවගේ සහ රටේ යහපත උදෙසා ගනු ලබන බව පවසමින් බලය තහවුරු කරගන්නා බවයි.

22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 67 ක් සලකා බැලීම අද (02) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..

වත්මන් ජනාධිපති ලේකම්වරයා රේගු දෙපාර්තමේන්තුවේ සිදුවූ මහා පරිමාණ අක්‍රමිකතාවක් වසන් කිරීමට කටයුතු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..

1940 අංක 09 දරන පවතින පුරාවස්තු ආඥා පනත අහෝසි කර "ජාතික සංස්කෘතික උරුම පනත" නමින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන පසුබිමක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 2026.08.28 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා වචන හරඹයක යෙදෙමින් සැබෑ අරමුණු සැඟවීමට උත්සාහ කර ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව ඇති අතර, අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.

ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..

නේපාලයේ ලැංටැං ලිරුං (Langtang Lirung) හි මීටර් 5,200 ක් ඉහළින් පිහිටි ග්ලැසියරයක් හදිසියේ පුපුරා යාමෙන් ඇති වූ හිම සහ පාෂාණ කඳුවැටිය මිනිත්තු 6-7 ක් ඇතුළත ගයිරොං (Gyirong) දේශසීමා කලාපය මුළුමනින්ම විනාශ කර දැමීය.

Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..

චීනයේ Xizang ස්වයං පාලන කලාපයේ නේපාල–චීන දේශසීමා ආසන්නයේ මෑතකදී සිදුවූ දරුණු ස්වභාවික ආපදාවෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන් වූ චීන ජාතිකයන් සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සිය බලවත් සංවේගය පළ කර සිටියි.

22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..

ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්

ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන කතාබහ සහ යෝජනාවන් අධිකරණ ස්වාධීනත්වයට සෘජුවම බලපාන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් පුළුල් පර්යේෂණාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත.

22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රජය ලබා දී ඇති පිළිතුරු සාවද්‍ය බවත්, එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපහසුතාවයට පත්වන බවත් ‘දිනන දකුණ’ සාමූහිකය පවසයි.

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි අල් මින්හාඩ් (Al Minhad) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය විසින් සඳුදා අලුයම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව 'ද ජෙරුසලම් පෝස්ට්' පුවත්පත වාර්තා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.