2025 වසරේ රේගුවෙන් කෝටි 576 ක බදු මුදලක් අය කරගෙන නෑ.. - ජාතික විගණන කාර්යාලයෙන් අනාවරණයක්
ශ්‍රී ලංකා රේගුව විසින් 2025 වසර අවසාන වන විටත් රුපියල් කෝටි 576 කට ආසන්න බදු මුදලක් අය කරගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
රේගු ගුදම් 6 ක එකලස් කරන ලද වාහන 94,941 ක් වෙළඳපොළට මුදාහැර තිබූ අතර, ඊට අදාළ කෝටි 1,788 ක පමණ නිෂ්පාදනය මත අය කරන බදු මුදලින් කෝටි 576 කට ආසන්න ප්‍රමාණයක් අය කරගෙන නොතිබුණි. රේගු ආඥා පනතේ 84 අ (1) වගන්තියට අනුව ගුදමක එකලස් කරන ලද හෝ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ මුදාහරින අවස්ථාවේදී තීරු බදු ගණනය කර ගෙවිය යුතුව තිබුණි.
එමෙන්ම විවිධ හේතු මත අත්අඩංගුවට ගෙන රේගු අංගනවල රඳවා තිබූ නරක් වන සුළු භාණ්ඩ කන්ටේනර් 1,051 ක් විකුණා දැමීමට කටයුතු කර නොතිබූ අතර, ඊට වසර 5 කට වඩා පැරණි බහාලුම් 393 ක්ද ඇතුළත් විය.
රේගු ආඥා පනතේ 135 සහ 162 වගන්ති ප්‍රකාරව රඳවාගෙන ඇති බහාලුම් 1,869 සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ග ගත යුතු බවත්, නරක් වන සුළු භාණ්ඩ විකුණා දැමිය යුතු බවත් සඳහන් වන අතර මෙය අවිධිමත් ගනුදෙනුවක් ලෙස විගණන වාර්තාව පෙන්වා දෙයි. මේ තොරතුරු ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2025 වාර්ෂික වාර්තාවට අදාළ විගණන වාර්තාවේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘හමුදා රහසක්’: රුසියාවේ ‘නීත්‍යානුකූල ඉලක්ක’ පිළිබඳ පුටින් කියෙව් සහ ලන්ඩනය දෙගිඩියාවට පත් කරයි — ප්‍රධාන ප්‍රකාශ
මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හැම ඒකාධිපතියෙක්ම කියන්නේ තමන්ගේ තීරණ ජනතාව වෙනුවෙන් කියලයි.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..
22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..
ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..
Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..
විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ
ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..
පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..
22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි
කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්