කෝටි දෙකහමාරක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට.. රිමාන්ඩ්..
කෑගල්ල නගර සභාවේ ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන මන්ත්‍රී කසුන් මධුසංඛ බණ්ඩාර මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ලබන සැප්තැම්බර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇත.
දේපළ වෙළඳාම් සමාගමක් විසින් පවරා ඇති මෙම නඩුවට අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ "කබානා" ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තුවක් නියමිත කාලසීමාව තුළ අවසන් නොකිරීමෙන් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක (රු. 26,000,000) මූල්‍ය පාඩුවක් සිදු කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ගිවිසුම ප්‍රකාරව කබානා 18ක් නිම කර පසුගිය පෙබරවාරි 11 වනදාට පෙර භාර දිය යුතුව තිබුණ ද, මන්ත්‍රීවරයා විසින් නිම කර ඇත්තේ කබානා 14ක් පමණක් බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දැනට ක්‍රියාත්මක වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හැම ඒකාධිපතියෙක්ම කියන්නේ තමන්ගේ තීරණ ජනතාව වෙනුවෙන් කියලයි.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..
22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..
ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..
Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..
විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ
ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..
පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..
22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි
කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්
එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි
එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්