ලංකාවේ සමස්ත රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 32 ඉක්මවයි..
ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 97.952ක් (රුපියල් ට්‍රිලියන 32.977ක්) දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිකුත් කළ අගෝස්තු 28 වැනිදා වාර්තාවේ සඳහන් වේ. මෙම දත්ත සටහන් වී ඇත්තේ පසුගිය ජූනි 30 වන විට පැවැති තත්ත්වය පදනම් කරගනිමිනි.
ණය බෙදීගොස් ඇති ආකාරය:
මධ්‍යම රජයේ මුළු ණය: ඩොලර් බිලියන 95.047 (රුපියල් ට්‍රිලියන 31.999)
රාජ්‍ය ව්‍යවසාය ණය (රජයේ ඇප මත): ඩොලර් බිලියන 2.885
පළාත් සභා හා පළාත් පාලන ආයතන ණය: ඩොලර් මිලියන 20
දේශීය හා විදේශීය ණය තත්ත්වය
ජූනි අවසාන වන විට මධ්‍යම රජයේ දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 57.039ක් (රුපියල් ට්‍රිලියන 19.203ක්) වේ. මෙයින් නොගෙවූ භාණ්ඩාගාර බැඳුම්කර වටිනාකම රුපියල් බිලියන 16,069ක් වන අතර, නොගෙවූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 2,372කි.
එමෙන්ම විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 38.008ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පළමු කාර්තුවට (ඩොලර් බිලියන 37.468) සාපේක්ෂව ඩොලර් මිලියන 540ක වැඩිවීමකි.
බහුපාර්ශ්වික ණය: ඩොලර් බිලියන 14.802 (ආසියානු සංවර්ධන බැංකුව: ඩොලර් බිලියන 6.8851, ලෝක බැංකුව: ඩොලර් බිලියන 4.6662, IMF: ඩොලර් බිලියන 2.6152)
වාණිජ ණය: ඩොලර් බිලියන 12.409 (ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ඩොලර් බිලියන 10.0071ක් ඇතුළුව)
ද්විපාර්ශ්වික ණය: ඩොලර් බිලියන 10.797 (චීනය: ඩොලර් බිලියන 5.0067, ජපානය: ඩොලර් බිලියන 2.2727, ඉන්දියාව: ඩොලර් මිලියන 853.9)
ණය සේවාකරණය සහ ප්‍රතිව්‍යුහගත කිරීම
මෙම වසරේ දෙවන කාර්තුව තුළ රජයේ මුළු ණය සේවා ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 2,698.6කි (දේශීය ණය සඳහා රුපියල් බිලියන 2,441.6ක් සහ විදේශ ණය සඳහා රුපියල් බිලියන 257.0ක් වශයෙන්).
Official Creditor Committee, චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් (98%ක සහභාගීත්වයක් සහිතව) ඇතුළු පාර්ශ්ව රැසක් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවර සාර්ථකව අවසන් කර ඇති අතර, ජපානය, ඉන්දියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් මත සාමාන්‍ය ණය සේවාකරණය නැවත ආරම්භ කර ඇත. කෙසේ වෙතත්, තවත් රටවල් 13කට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..