ශ්‍රී ලංකා චීන ආගමන පාලන සහයෝගිතා ගිවිසුමට කැබිනට් අනුමැතිය..
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ආගමන පාලන සහයෝගිතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා එකඟතාවකට පැමිණ තිබේ.
දෙරට අතර ආයතන ප්‍රධානීන් හා නිල නියෝජිතයින් මට්ටමින් සිදු කරන සාකච්ඡා හා සංචාර සඳහා පහසුකම් සැලසීම, වැදගත් නිල තොරතුරු හා බුද්ධි තොරතුරු හුවමාරුව, සක්‍රීය හා සාධනීය ප්‍රවේශයක් ඔස්සේ දෙරටේ ව්‍යාපාරික, ආයෝජන, සංචාරක, තාක්ෂණික, විද්‍යාත්මක ක්ෂේත්‍ර වල නියැලෙන පුරවැසියන් විෂයයෙහි බලපාන්නා වූ වීසා, ආගමන හා විගමන කටයුතු ආදිය පිළිබඳව පහසුකම් සැපයීම, සංවිධානාත්මක අපරාධ වශයෙන් සැලකෙන තැනැත්තන් වෙළඳාම හා ජාවාරම් කිරීම සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවරයන් ගැනීම සහ නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ධාරිතා සංවර්ධනය සඳහා වැඩමුළු සංවිධාන කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් අපේක්ෂා කරනු ලබයි.
යෝජිත කෙටුම්පත් ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ නීතිපතිගේ නිෂ්කාශන ලබාගෙන ඇති බව සඳාහන්.
ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..