උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන් විනාශ කිරීමේ සැලසුමක් ගැන චන්න ජයසුමනගෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් මකා දැමීම සඳහා නව මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට මහාචාර්ය චන්න ජයසුමන මහතා චෝදනා කරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, වසර 100කට අධික කාලයක් තිස්සේ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කර තිබූ පුරාවිද්‍යා ස්ථාන බහුතරයක් "සමාලෝචනය කිරීම" යන නාමයෙන් ඉවත් කිරීමට සැරසෙන බවයි.
මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර, ඒ වෙනුවට "ජාතික උරුම දෙපාර්තමේන්තුවක්" බිහිකිරීමේ සුදානමක් පවතින බවද ඔහු සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට මෙන්ම පාලනය කිරීමටද මැදිහත්ව සිටින අන්තවාදී බලවේග විසින් මෙම ක්‍රියාවලිය මෙහෙයවන බවටද ඔහු වැඩිදුරටත් අදහස් දක්වා ඇත.
අදාළ සටහන පහළින්..
"ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල බෞද්ධ පුරාවිද්‍යා උරුම මකා දැමීම සඳහා නවතම මෙහෙයුමක් දියත්ව ඇත. මේ යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසිකර ඒ වෙනුවට ඊනියා ජාතික උරුම දෙපාර්තමේන්තුවක් බිහිකර, වසර 100කට වැඩි කාලයක් තිස්සේ ක්‍රමානුකූලව පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් මගින් ප්‍රකාශ කර තිබූ ස්ථාන බහුතරය "සමාලෝචනය කිරීම" නමින් හකුලා, ඉවත් කිරීමට සැරසෙන බව දැනගන්නට ඇත.
වත්මන් ආණ්ඩුව පත්කර ගැනීමට මෙන්ම හැසිරවීමට ද සක්‍රීයව මැදිහත්ව සිටින අන්තවාදී බලවේග මේ සඳහා කටයුතු කරන බව පෙනෙන්නට ඇත. යමක් මතුපිටන් පමණක් දකින, ආණ්ඩුවේ සුරංගනා කතා සහ බටර් ආලේපනවලට රැවටෙන අවිචාරවත් සිංහලයන්ට සිදුවන දෑ ගැන තේරැමක් ඇතැයි සිතිය නොහැකිය.
අප " ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය" නමින් කෘතියක් පළ කරන්නට කටයුතු යෙදුවේ ද මේ අවදානම කල්තියා දුටු හෙයිනි.
එම පොත මේ දිනවල ලංකාවට පැමිණ සිටින විශ්‍රාමික මහාචාර්ය තමරා ද සිල්වා මැතිණියට පිළිගැන්වීම පසුගියදා සිදු කෙරිණි. ඒ මහත්මිය වසර 43 ක් ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ සේවය කළ අතර කිහිප වතාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන තනතුර ද දැරීය.
එතුමිය, යමක් මතුපිටින් පමණක් නොදැක විචක්ෂණශීලීව බැලීමට සිංහලයාට කියා දීමට මහත් වෙහෙසක් ගත් දිවංගත නලින් ද සිල්වා ආචාර්යතුමාගේ දයාබර බිරිඳයි."

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..