News Category
From Date
To Date
Maximum Number of Result

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන් විනාශ කිරීමේ සැලසුමක් ගැන චන්න ජයසුමනගෙන් අනාවරණයක්..

Sep 1, 2026 at 09:48 AM
|

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් මකා දැමීම සඳහා නව මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට මහාචාර්ය චන්න ජයසුමන මහතා චෝදනා කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, වසර 100කට අධික කාලයක් තිස්සේ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කර තිබූ පුරාවිද්‍යා ස්ථාන බහුතරයක් "සමාලෝචනය කිරීම" යන නාමයෙන් ඉවත් කිරීමට සැරසෙන බවයි.

මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර, ඒ වෙනුවට "ජාතික උරුම දෙපාර්තමේන්තුවක්" බිහිකිරීමේ සුදානමක් පවතින බවද ඔහු සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට මෙන්ම පාලනය කිරීමටද මැදිහත්ව සිටින අන්තවාදී බලවේග විසින් මෙම ක්‍රියාවලිය මෙහෙයවන බවටද ඔහු වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

අදාළ සටහන පහළින්..

"ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල බෞද්ධ පුරාවිද්‍යා උරුම මකා දැමීම සඳහා නවතම මෙහෙයුමක් දියත්ව ඇත. මේ යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසිකර ඒ වෙනුවට ඊනියා ජාතික උරුම දෙපාර්තමේන්තුවක් බිහිකර, වසර 100කට වැඩි කාලයක් තිස්සේ ක්‍රමානුකූලව පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් මගින් ප්‍රකාශ කර තිබූ ස්ථාන බහුතරය "සමාලෝචනය කිරීම" නමින් හකුලා, ඉවත් කිරීමට සැරසෙන බව දැනගන්නට ඇත. ⁣

වත්මන් ආණ්ඩුව පත්කර ගැනීමට මෙන්ම හැසිරවීමට ද සක්‍රීයව මැදිහත්ව සිටින අන්තවාදී බලවේග මේ සඳහා කටයුතු කරන බව පෙනෙන්නට ඇත. යමක් මතුපිටන් පමණක් දකින, ආණ්ඩුවේ සුරංගනා කතා සහ බටර් ආලේපනවලට රැවටෙන අවිචාරවත් සිංහලයන්ට සිදුවන දෑ ගැන තේරැමක් ඇතැයි සිතිය නොහැකිය.

අප " ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය" නමින් කෘතියක් පළ කරන්නට කටයුතු යෙදුවේ ද මේ අවදානම කල්තියා දුටු හෙයිනි. 

එම පොත මේ දිනවල ලංකාවට පැමිණ සිටින විශ්‍රාමික මහාචාර්ය තමරා ද සිල්වා මැතිණියට පිළිගැන්වීම පසුගියදා සිදු කෙරිණි. ඒ මහත්මිය වසර 43 ක් ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ සේවය කළ අතර කිහිප වතාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන තනතුර ද දැරීය.

එතුමිය, යමක් මතුපිටින් පමණක් නොදැක විචක්ෂණශීලීව බැලීමට සිංහලයාට කියා දීමට මහත් වෙහෙසක් ගත් දිවංගත නලින් ද සිල්වා ආචාර්යතුමාගේ දයාබර බිරිඳයි."


සම්බන්ධිත පුවත් | Related News

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබේ.
1940 අංක 09 දරන පවතින පුරාවස්තු ආඥා පනත අහෝසි කර "ජාතික සංස්කෘතික උරුම පනත" නමින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන පසුබිමක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 2026.08.28 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා වචන හරඹයක යෙදෙමින් සැබෑ අරමුණු සැඟවීමට උත්සාහ කර ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
ඉදිරි කාලයේදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණහොත් මෙරට විදුලි ගාස්තු නැවත වරක් ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.
අමෙරිකානු යුද ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව ඇති අතර, අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 13 දෙනාගෙන්ම සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස සියලු පෙත්සම්කාර පාර්ශ්වයන් ඉල්ලා සිටීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසයි.
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගිනිගෙන විනාශ වූ 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවෙන් සිදු වූ දැවැන්ත පරිසර හානිය වෙනුවෙන් අධිකරණය නියම කළ ඩොලර් බිලියනයක වන්දි මුදල ලබා ගැනීමට පාලකයන් කිසිදු උත්සාහයක් නොගන්නා බවයි.
නේපාලයේ ලැංටැං ලිරුං (Langtang Lirung) හි මීටර් 5,200 ක් ඉහළින් පිහිටි ග්ලැසියරයක් හදිසියේ පුපුරා යාමෙන් ඇති වූ හිම සහ පාෂාණ කඳුවැටිය මිනිත්තු 6-7 ක් ඇතුළත ගයිරොං (Gyirong) දේශසීමා කලාපය මුළුමනින්ම විනාශ කර දැමීය.
වර්තමානයේ වී වගා කරන භූමිය තවත් අඟලකින් හෝ වැඩි කිරීමට ආණ්ඩුවට අදහසක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ප්‍රධාන පුවත්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..

1940 අංක 09 දරන පවතින පුරාවස්තු ආඥා පනත අහෝසි කර "ජාතික සංස්කෘතික උරුම පනත" නමින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන පසුබිමක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 2026.08.28 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා වචන හරඹයක යෙදෙමින් සැබෑ අරමුණු සැඟවීමට උත්සාහ කර ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව ඇති අතර, අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.

ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..

නේපාලයේ ලැංටැං ලිරුං (Langtang Lirung) හි මීටර් 5,200 ක් ඉහළින් පිහිටි ග්ලැසියරයක් හදිසියේ පුපුරා යාමෙන් ඇති වූ හිම සහ පාෂාණ කඳුවැටිය මිනිත්තු 6-7 ක් ඇතුළත ගයිරොං (Gyirong) දේශසීමා කලාපය මුළුමනින්ම විනාශ කර දැමීය.

Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..

චීනයේ Xizang ස්වයං පාලන කලාපයේ නේපාල–චීන දේශසීමා ආසන්නයේ මෑතකදී සිදුවූ දරුණු ස්වභාවික ආපදාවෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදන් වූ චීන ජාතිකයන් සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සිය බලවත් සංවේගය පළ කර සිටියි.

22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..

ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්

ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන කතාබහ සහ යෝජනාවන් අධිකරණ ස්වාධීනත්වයට සෘජුවම බලපාන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් පුළුල් පර්යේෂණාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත.

22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රජය ලබා දී ඇති පිළිතුරු සාවද්‍ය බවත්, එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපහසුතාවයට පත්වන බවත් ‘දිනන දකුණ’ සාමූහිකය පවසයි.

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි අල් මින්හාඩ් (Al Minhad) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය විසින් සඳුදා අලුයම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව 'ද ජෙරුසලම් පෝස්ට්' පුවත්පත වාර්තා කරයි.

පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා මහජන අනුමැතිය ලබා ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

මුලතිව් කුරුන්දි රාජමහා විහාරස්ථානය සහ ඒ අවට පුරාවිද්‍යා හා වන සංරක්ෂණ රක්ෂිත භූමියෙන් ඉවත් කර ඇති පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුන්දි රජ මහා විහාරයේ විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි හිමියන් විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය දියත් කිරීමට සැරසෙන ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික "උපරිම පීඩන" ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට නියමිත බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දේශපාලන විද්‍යාඥ, මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් පෙන්වා දෙයි.

එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් හිමිවිය යුතුව තිබූ රුපියල් කෝටි 34,000ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4) වන්දි මුදල රටට අහිමි වීමේ ක්‍රියාවලිය පිටුපස ඇති තොරතුරු සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා අදහස් දක්වා තිබේ.

පාර්ලිමේන්තුවේ ඇත්තන් කෝටි 89ක කාලා, ඇඳලා..

පසුගිය වසර පහක (2020 - 2024) කාල සීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර හා නිල ඇඳුම් වෙනුවෙන් රුපියල් 89,40,13,863ක (කෝටි 89කට අධික) මුදලක් වැයකර ඇති බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

22 ට පක්ෂව, විපක්ෂව පෙත්සම් 27ක්..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙට (31) දිනට සති දෙකක් සපිරේ.

වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් නිර්මාණය කරමින්, සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ඇද දැමීමට රජය උත්සාහය දරනවා..- GMOA විරෝධය

වෛද්‍ය කාණ්ඩ අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය කරමින්, මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය දේශපාලන වුවමනාවන් මත අගාධයට ඇද දැමීමට රජය දරන උත්සාහයට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.