විදුලි බිල වැඩිවීමේ අවදානමක්! - ඩී.වී. චානකගෙන් අනාවරණයක්..
ඉදිරි කාලයේදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණහොත් මෙරට විදුලි ගාස්තු නැවත වරක් ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.
දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ පවතින රජය විදුලි ගාස්තු තුනෙන් එකකින් අඩු කරන බවට පොරොන්දු වුවද, මේ වන විට සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් ලෙස කලින් පැවැති මට්ටමට වඩා තුනෙන් එකකින් පමණ ගාස්තු වැඩි වීම බවයි.
පසුගිය සමයේ ලැබුණු අහඹු වර්ෂාපතනය නිසා ජල විදුලි උත්පාදනයට යම් සහනයක් ලැබුණු අතර, දහවල් කාලයේදී සූර්ය බලශක්තිය භාවිත කරමින් විදුලි පද්ධතිය යම් තාක් දුරට ස්ථාවරව පවත්වා ගැනීමට හැකි විය. නමුත් ඉදිරියේදී නැවතත් විදුලි ගාස්තු ඉහළ ගියහොත් එළඹෙන සංචාරක සමය හමුවේ සංචාරක කර්මාන්තයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද එය දරාගැනීමට නොහැකි වනු ඇති බවට ඔහු අවධාරණය කරයි.
මීට අමතරව, පසුගිය විදුලි ගාස්තු සංශෝධනයේදී ගල් අඟුරු පාඩුවෙන් ඇතුළත් කරනු ලැබුවේ සියයට 10ක පමණ ප්‍රමාණයක් බැවින්, අලුතින් ගල් අඟුරු නැව් පැමිණ ඒවායින් විදුලිය නිපදවන තෙක් එම පාඩුවෙන් මිදීමට නොහැකි වනු ඇත. එම අලාභය බදු මුදල් මගින් හෝ කෙළින්ම පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට සිදුවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, යම් හෙයකින් මෙම ගල් අඟුරු අක්‍රමිකතාව සිදු නොවූයේ නම් පවතින කාලගුණයත් සමග අධික පිරිවැයක් දැරීමට සිදුවන ෆර්නස් තෙල් හෝ ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවීමේ අවශ්‍යතාවයක් මතු නොවන්නේ යැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..