'X-press Pearl' ඩොලර් බිලියනයේ වන්දිය ගැන කාදිනල් හිමිගෙන් හෙළිදරව්වක්..
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගිනිගෙන විනාශ වූ 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවෙන් සිදු වූ දැවැන්ත පරිසර හානිය වෙනුවෙන් අධිකරණය නියම කළ ඩොලර් බිලියනයක වන්දි මුදල ලබා ගැනීමට පාලකයන් කිසිදු උත්සාහයක් නොගන්නා බවයි.
තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ පැවති 86 වැනි වාර්ෂික රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය අමතමින් උන්වහන්සේ සඳහන් කළේ, අදාළ නඩු තීන්දුව ක්‍රියාත්මක නොකර බලධාරීන් එය අමතක කර දමා ඇති බවයි.
මීට පෙර දකුණු මුහුදේදී තෙල් කාන්දුවක් සිදු කළ තවත් නෞකාවකට ද රහසින්ම රටින් පිටව යාමට ඉඩ දී ස්වභාවධර්මයට දැවැන්ත විනාශයක් සිදු කිරීමට ඉඩ සැලසූ ආකාරය උන්වහන්සේ මෙහිදී මතක් කර දුන්හ.
"ඒ උසාවි තීන්දුව එතැනින්ම ඉවරයි. ඒවා ක්‍රියාත්මක කරන්න බලයේ ඉන්න අය උත්සාහ කරනවාද?" යනුවෙන් උන්වහන්සේ එහිදී ප්‍රශ්න කර සිටියහ.
පාලකයන්ගේ ආත්මාර්ථකාමී සහ වගකීම් විරහිත ක්‍රියාකලාපයන් හේතුවෙන් පරිසර දූෂණය ඉහළ ගොස් මිනිස් ජීවිත පවා අනතුරේ වැටී ඇති බවත්, නේපාලය සහ ටිබෙටය අතර සිදුවන අයිස් කඳු කඩා වැටීම් වැනි ස්වභාවික විපත් සඳහා ද මිනිසාගේ මෙවැනි අදූරදර්ශී ක්‍රියා හේතු වී ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..
22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..
ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..
Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..
විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ
ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..
පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..
22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි
කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්
එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි
එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්
පාර්ලිමේන්තුවේ ඇත්තන් කෝටි 89ක කාලා, ඇඳලා..
22 ට පක්ෂව, විපක්ෂව පෙත්සම් 27ක්..
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් නිර්මාණය කරමින්, සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ඇද දැමීමට රජය උත්සාහය දරනවා..- GMOA විරෝධය