''22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න'' - නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්වෙයි
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට තරයේ විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගෙන ඇති ස්ථාවරයට සහය පළ කරමින්, දිවයින පුරා පිහිටි වෘත්තීය සමිති සහ වෘත්තීය සංවිධාන 40 ක නියෝජිතයින් එක්ව අද (31) ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තබා තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA), රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), දුම්රිය ස්ථානාධිපති සංගමය, සමස්ත ලංකා ශ්‍රේණිගත විදුහල්පති සංගමය, තැපැල් වෘත්තීය සමිතිය සහ රජයේ හෙද සංගමය ඇතුළු වෘත්තීය සංවිධාන හා වෘත්තීය සමිති 40 ක් ශ්‍රී ලංකා නීතිඥ සංගම් මූලස්ථානයට රැස්ව මෙම තීරණයට එළඹ ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට, නීතියේ ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතා පරමාධිපත්‍යයට ඍජු තර්ජනයක් එල්ල වන බව මෙම සංවිධාන පෙන්වා දෙන බවයි.
මෙම රැස්වීමේදී සහභාගී වූ වෘත්තීය සමිති සහ සංවිධාන ඒකමතිකව පහත තීරණවලට එළඹ තිබේ.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එකහෙළා විරෝධය පළ කිරීම.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුලා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටීම.
ඉහළ අධිකරණවල පවතින සියලුම පුරප්පාඩු ප්‍රමාදයකින් තොරව පිරවීමට රජය කටයුතු කිරීම.
රජය මෙම සංශෝධනය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන්නේ නම්, ඒ සඳහා ජනමත විචාරණයකින් ජනතාවගේ තීරණය ලබා ගැනීම, යන තීරණ ඒ සඳහා ඇතුළත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..