ඉන්ධන භාවිතය සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු නියෝජ්‍ය කථානායකගෙන් නිවේදනයක්..
රජයේ ඉන්ධන අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ, ඉන්ධන පරිහරණය සම්බන්ධයෙන් අනුමත ක්‍රමවේද පිළිබඳ නිසි සොයා බැලීමකින් තොරව තම කීර්ති නාමයට හානි කිරීමේ චේතනාවෙන් සමාජ මාධ්‍ය සහ වෙනත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පළකර ඇති බවය.
තම ධුර කාලය තුළ ඉන්ධන ලබාගෙන ඇත්තේ නීත්‍යානුකූලව හිමි ප්‍රතිපාදන සහ අනුමත සීමාවන්ට යටත්ව පමණක් බවත්, ඒ සම්බන්ධ සියලු නිල ලේඛන සහ වාර්තා තමන් සතුව පවතින බවත් ඔහු සඳහන් කරයි.
නිසි සොයා බැලීමකින් තොරව මෙවැනි පදනම් විරහිත චෝදනා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණක් බවද හිටපු කථානායකවරයා පවසයි.
නියෝජ්‍ය කථානායකවරයා ලෙස රාජකාරි කටයුතු කිරීම සඳහා සුදුසු නිල වාහනයක් නොතිබූ බැවින්, බාහිරින් කුලී පදනම මත වාහනයක් ලබාගැනීමට අවස්ථාව තිබූ බවද ඔහු සඳහන් කර තිබේ.
එලෙස බාහිරින් වාහනයක් ලබාගත්තේ නම් විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින්, එම කුලී ගාස්තු වෙනුවෙන් වැයවීමට තිබූ මුදල් ඉතිරි කරමින් කටයුතු කළ බවද ඔහු පවසයි.
පෙර කථානායකවරුන් සහ නියෝජ්‍ය කථානායකවරුන්ට අදාළව පැවති සම්ප්‍රදායන්, නීති හා රෙගුලාසි අනුව තමන් ධුරයේ කටයුතු කළ බවත්, කිසිදු අනීතික කටයුත්තක් සිදුකර නොමැති බවත් හිටපු කථානායක අජිත් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..