යට ඇදුමේ හිල් කියූ ඇමති කෙනෙකුගේ දුව ඉගෙනීමට එංගලන්තයට යවලා.. වසර හතරේම ගාස්තු එකවර ගෙවලා.. - රාජිත හෙළිකරයි
වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන්ගේ ජීවන රටාවේ සිදුව ඇති ක්ෂණික වෙනස පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා දැඩි විවේචනයක් එල්ල කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
විශේෂයෙන්ම, තමන්ට යට ඇඳුමක් පවා මිලදී ගැනීමට වත්කමක් නොමැති බවත්, බැනියමේ හිල් තිබූ නිසා එය වැලේ වැනීමට පවා ලැජ්ජා වූ බවත් පැවසූ වර්තමාන ඇමතිවරුන්ගේ අද තත්ත්වය ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
එවැනි ඇමතිවරයෙකුගේ දියණියක් මේ වන විට එංගලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන බවත්, එහි සිව් වසරක සම්පූර්ණ ගාස්තු එකවර ගෙවා ඇති බවත් රාජිත සේනාරත්න මහතා අනාවරණය කළේය.
ඇය පදිංචිව සිටින නිවසේ මාසික බෝඩිං ගාස්තුව පමණක් පවුම් 1,000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ) වන බවද ඔහු අනාවරණය කළේය.
මෙම මුදල් උපයාගත් ආකාරය පිළිබඳව ප්‍රශ්න කරන විට, "මගේ සල්ලිවලින් මම දරුවාට උගන්වනවා, තමුසෙලාට තියෙන අමාරුව මොකක්ද?" යනුවෙන් ඔහු පවසන බව සේනාරත්න මහතා සඳහන් කළේය.
අතීතයේ පැවති අසරණභාවයට සාපේක්ෂව මෙතරම් විශාල ධනස්කන්ධයක් කෙටි කාලයක් තුළ රැස්කර ගත්තේ කෙසේද යන්න අද වන විට විශාල ගැටලුවක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
එමෙන්ම වත්මන් පාලනය ක්‍රියාත්මක වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සකස් කළ ආර්ථික හා දේශපාලනික මාවතේ බවත්, මාලිමාවේ විධායක සභික ලාල් විජේනායක මහතා පවා වර්තමාන ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳව නොසතුටින් පසුවන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..