චාමර යටතේ සෙවනගල ලාභය බිලියන 2.5යි.. සුනිල් යටතේ 2025 පාඩුව බිලියනයයි..
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස වසා දමා ඇති බවට පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල සමන් කුමාර මහතා චෝදනා කරයි.
ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ වෘත්තීය සමිති නායකයන් මර්දනය කරමින් ආණ්ඩුව මෙම පියවර ගෙන ඇති බවයි.
මෙම තීරණය හේතුවෙන් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ජීවිකාව සරිකර ගන්නා උක් ගොවි පවුල් 4,000කට ආසන්න සංඛ්‍යාවකගේ ආදායම් මාර්ග ඇහිරී ඇති අතර, එහි සේවයේ නියුතු 1,000කට අධික සේවක පිරිසකගේ රැකියාවන්ට ද දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.
වැටුප් හා ප්‍රසාද දීමනා මාස අටක කාලයක සිට කපා හැරීමට එරෙහිව ජවිපෙ ඇතුළු වෘත්තීය සමිති හයක් එක්ව මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවත්, පවතින අධික ජීවන වියදම හමුවේ එම කප්පාදුව දරාගත නොහැකි බවත් ලේකම්වරයා පැවසීය.
2022-2023 වසරවලදී රුපියල් බිලියන 2.5කට අධික ලාභයක් ලැබූ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව, 2025 වසර වන විට රුපියල් බිලියනයකට අධික පාඩුවක් ලබා ඇති බවට ද ඔහු මෙහිදී අනාවරණය කළේය.
ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියදී වැඩවර්ජන කැඳවමින් කර්මාන්ත ශාලා වසා දැමූ ආකාරයටම, බලයට පත්වීමෙන් පසුව ද සේවක ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදී මෙලෙස කර්මාන්ත ශාලා වසා දමා දහස් සංඛ්‍යාත ජනතාවක් අර්බුදයකට ඇද දමමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් චෝදනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..