නිවසකට ගල් ගසා CCTV කඩා දැමූ NPP මන්ත්‍රී ඇතුළු පිරිසක් අත්අඩංගුවට.. පසුව පොලිස් ඇප
නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි නිවසකට පහරදී, එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියට හානි කිරීමේ චෝදනාව මත ජාතික ජන බලවේගයේ (NPP) පළාත් පාලන මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ.
විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුට අයත් මෙම නිවස වෙත ගල් ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරී ඇති මෙම පිරිස, නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා ද කඩා දමා ඇති බවයි වාර්තා වන්නේ.
සිදුවීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත දුරකථනය ඔස්සේ කරන ලද දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක්, අදාළ ස්ථානයට ගොස් සැකකරුවන් පිරිස වටලා අත්අඩංගුවට ගෙන තිබේ.
ෙකෙසේ වෙතත්, පොලිස් ස්ථානය වෙත රැගෙන ආ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..
22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි
කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්
එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි
එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්
පාර්ලිමේන්තුවේ ඇත්තන් කෝටි 89ක කාලා, ඇඳලා..
22 ට පක්ෂව, විපක්ෂව පෙත්සම් 27ක්..
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් නිර්මාණය කරමින්, සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ඇද දැමීමට රජය උත්සාහය දරනවා..- GMOA විරෝධය
ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන් පූර්ණ සහාය දෙයි..
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..
සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි
කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?
නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...
22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය
එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්