මෛත්‍රීට ‘සතුටුම යුගයේ ජනපති’ සම්මානය පුදයි..
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමය ඇගයීමට ලක් කරමින් ඒ මහතා වෙත ‘සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ යන විශේෂ ගෞරව නාමය සහිත සම්මානය පිරිනමා තිබේ.
මෙරට දේශපාලන ඉතිහාසය තුළ සිරිසේන මහතාගේ මැදිහත්වීම සහ සේවය අගය කරමින්, උළෙලේ සංවිධායක මණ්ඩලය විසින් ඔහු වෙත මෙම සුවිශේෂී ගෞරව නාමය සහිත සම්මානය පිරිනමා ඇත.
කොළඹ අරලියගහ මන්දිරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැති 'Global Brand Awards 2026' සහ 'SHE FOR THE NATION – Season 2' ජාත්‍යන්තර සම්මාන උළෙලේදී මෙම සම්මානය පිරිනැමිණි. ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන්, වෘත්තිකයන්, කාන්තා නායකත්වයන් සහ ජාත්‍යන්තර සන්නාම නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ අතර, ප්‍රකට 'KGF' චිත්‍රපට මාලාව හරහා ජාත්‍යන්තර අවධානය දිනාගත් ඉන්දීය රංගන ශිල්පී ගරුඩා රාම් මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වීම උත්සවයේ විශේෂත්වයක් විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පෙට්‍රල් පමණක් මිල පහළට.. සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..
22 වැනි සංශෝධනයට එරෙහිව ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට.. – ජනමත විචාරණයක් ඉල්ලයි
කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්
එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි
එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර - සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. - නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්
පාර්ලිමේන්තුවේ ඇත්තන් කෝටි 89ක කාලා, ඇඳලා..
22 ට පක්ෂව, විපක්ෂව පෙත්සම් 27ක්..
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් නිර්මාණය කරමින්, සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ඇද දැමීමට රජය උත්සාහය දරනවා..- GMOA විරෝධය
ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන් පූර්ණ සහාය දෙයි..
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..
සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි
කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?
නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...
22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය
එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්