"අඩියක්වත් පස්සට ගන්නේ නෑ.. 22 ගේනවමයි.." - අධිකරණ ඇමති කියයි..
කවුරුන් කුමන බාධා එල්ල කළ ද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට ගත් පියවර අඩියකින් හෝ ආපස්සට නොගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (30) පැවති, රට හදන ජන බලය පෙළගැසෙන බදුල්ල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"දැන් අපි බලයට එනකොට මොකක්ද තිබුණේ? අවුරුදු තිහක්, හතළිහක් ඉබාගාතේ ගිය ක්‍රමයක් මුළු යාන්ත්‍රණයම මළකඩ කාලා හිරවෙලා තිබුණා. අපේ ප්‍රධාන පොරොන්දුවක් වුණේ දූෂිතයන්, වංචනිකයන් අධිකරණය ඉදිරියට පමුණුවන්න අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරනවා කියන එක. ඒක සකස් කරගෙන යෑමේදී මොකද වෙන්නේ? එක පාරටම අපි දකින්නේ මොකක්ද? නඩු ලක්ෂ එකොළහක් ගොඩ ගැහිලා, අධිකරණ පද්ධතිය සමස්තයක් වශයෙන් කරගෙන යනකොට නඩු වේගවත් කරන්න, කාර්යක්ෂම කරන්න. අපිට සිද්ධ වෙනවා තව දෙයක් බලන්න. මොකක්ද? නඩුකාරතුමන්ලාගේ විශ්‍රාම ගැනීමේ වයස සම්බන්ධයෙන්.
නඩුකාරයෙක්ම කරන්න නම්, විශ්‍රාමික වයස විතරක් වැඩි කරලා හරියන්නේ නැහැ කියන තර්කය මම පිළිගන්න ගමන් මම කියන්නේ අනිත් ප්‍රතිසංස්කරණත් එක්කම තමයි ඒක බලන්නේ. අන්න එතකොට ඒ දැනුම කියාගත්තහම නඩු අපට කාර්යක්ෂම කරගන්න පුලුවන්. එහෙනම් මොකක්ද මේ මවන බිල්ලා, ඒ ගොල්ලෝ කියනවා අපි එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මේක ගේනවා. අධිකරණ සංවිධාන පනත් සංශෝධනය වුනා කිව්වහම මෙතුමන්ලා සහ සියලුම දිසා විනිසුරුවන්ගේ වයස අවුරුදු දෙකකින් වැඩි වෙනවා. සියලුම එකේ සියලු තමයි දෙක, දෙක වැඩි වෙන්නේ. ඔන්න අපි යම් හෙයකින් එක නඩුකාරයාගේ විතරක් වයස වැඩි කරන්න හැදුවොත්. එහෙම නැත්නම් තෝරාගත්ත නඩුකාරතුමියගේ විතරක් වයස වැඩි කරන්න හැදුවොත්. එහෙනම් ඔය කියන තත්ත්වේ හරි.
කිසිදු වරදක් නෑ. අපේ විපක්ෂෙ කට්ටියයි ප්‍රතිවාදීන් කියන එකක් තමයි. නෑ ඒක කරන්න මේ ඉන්න සුරසේන නඩුකාර තමාගේ කාලයෙන් පස්සේ කරන්න. දැන් කවුද එක් කෙනෙක් ඉලක්ක අරන් ඉන්නේ? අපිද? අහනවා ඇයි සංශෝධනය ගේන්නේ. ඇයි දෙසැම්බර් මාසේ බැරි? එකකොට දැන් ගෙනාපුවාම හොඳ නැති එක දෙසැම්බර් මාසෙන් පස්සේ හොඳ වෙන්නේ මොන ක්‍රමයෙන් ද? මේ අවුරුද්ද අවසන් වන විට ඔබලාට ප්‍රතිඵල දකින්න ලැබේවී, යුක්තිය ඉෂ්ඨ වෙනවා මේ ආණ්ඩුව ගත්ත පියවර ආපස්සට යන්නේ නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..