නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු.. - සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
සෙවනගල සීනි කර්මාන්තශාලාවේ පවතින සේවක නොසන්සුන්තාව සහ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
සභාපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය පුරා පැවති සේවක නොසන්සුන්තාව හේතුවෙන් අවස්ථා කිහිපයකදීම නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වූ බවයි.
අගෝස්තු 25 වැනිදා සිට සේවකයින් සේවයට වාර්තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා මෙහෙයුම් අඩාල වී ඇති අතර, අගෝස්තු 26, 27 නිවාඩු දිනවලින් පසුව අගෝස්තු 28 වැනිදා උදෑසන 10.00 වන තෙක්ම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ බවයි ඔහු සඳහන් කරන්නේ.
ඒ අනුව, නිෂ්පාදනයක් සිදු නොවන පසුබිමක වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන ආයතනික පාඩුව වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙනතුරු කර්මාන්තශාලාව වසා තැබීමට පාලනාධිකාරිය තීරණය කළ බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම කර්මාන්තශාලාව වසා තිබියදීත් අත්‍යවශ්‍ය කටයුතුවලට මෙන්ම සීනි අලෙවිය සඳහා පැමිණි ලොරි රථවලට බාධා කිරීම හේතුවෙන් ආයතනයේ ආදායම් මාර්ගවලටද බලපෑම් එල්ල වී ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.
ආයතනයේ පිරිස් බලය සහ වැටුප් ව්‍යුහය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින අතර, කිසිදු සේවකයෙකුගේ වැටුප අඩු නොකර මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පවත්වන බවද සඳහන් කරන සභාපතිවරයා, පවතින වෘත්තීය ක්‍රියාමාර්ගයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවද අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බවත් එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
සෙවනගල කර්මාන්තශාලාව මොනරාගල දිස්ත්‍රික්කයේ උක් ගොවීන්ගේ ජීවනෝපාය සහ සේවකයින්ගේ රැකියා සමඟ සෘජුව බැඳී පවතින බැවින්, කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලින් මිදී වහාම සේවයට වාර්තා කරන ලෙසත්, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට එක්වන ලෙසත් සභාපතිවරයා සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..