පෙරහැර නතර කිරීමක් ගැන යළි දේශපාලන වේදිකාවේ කතා එපා.. - ජනපති
යළි කිසිදු දිනක මෙරට දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහැර උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැලකෙරෙන සංදේශය දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ අවස්ථාවේදී මේ බව අවධාරණය කළේය.
රාජ්‍යත්වයත්, දළදා වහන්සේත් අතර ඇති අත්හැරිය නොහැකි බැඳීම සහ සංස්කෘතික උරුමය මෙහිදි සිහිපත් කළ ජනාධිපතිවරයා, කිසිවෙකු තමන්ගේ දේශපාලන වේදිකාවක හෝ ආරෝවක් පිරිමසා ගැනීමට මෙම ඓතිහාසික උරුමය මත කටයුතු කිරීම කිසිසේත් සාධාරණ නොවන බව පැවසීය.
"මෙම පෙරහැර මංගල්‍ය අත්හැරීම යනු අපේ මුළු ජාතියේම හෘදසාක්ෂිය, අධ්‍යාත්මය සහ ජාතියේ ජීවය මරා දැමීමයි.
පසුගිය සමයේ දේශපාලන වේදිකාවල පෙරහැර තහනමක් පිළිබඳ සාකච්ඡාවට ලක් වුණා. එවැනි ප්‍රකාශ කිරීම මොනතරම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද. එයින් පෙනෙන්නේ අපේ ජාතියේම අධ්‍යාත්මය මරා දැමීමේ සහ සංස්කෘතියේ පාදම විනාශ කිරීමේ බලයක් හොබවනවා කියන එකයි.
මෙම පෙරහැර මංගල්‍ය තහනම් කිරීමේ උත්සාහයක් දරනවා කියන ප්‍රකාශයම මොනතරම් විනාශකාරීද. එය කිසිසේත්ම දේශපාලන වේදිකාවක සාකච්ඡාවකට හෝ තර්කයකට හෝ ගත යුතු කරුණක් නොවේ.
ඒ නිසා කිසිවෙකු තමන්ගේ දේශපාලන වේදිකාවක හෝ ආරෝවක් පිරිමසා ගැනීමට හෝ ගැටුම් විදාහ දැක්වීමට කිසිසේත්ම මෙම ඓතිහාසික උරුමය මත කටයුතු කිරීම සාධාරණ නැහැ.
නැවත කිසි දිනකවත් අපේ රටේ දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතුයි.
අපේ ජාතියේ අධ්‍යාත්මය මරා දමන බව, ඓතිහාසික සංස්කෘතික උරුමය, ප්‍රෞඪත්වය සහ ආත්මය විනාශ කරන බව ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතුයි" යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලවල වාර්ෂික ඇසළ මහා පෙරහැර චිරාගත සම්ප්‍රදායානුකූලව පරිපූර්ණ සහ උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැලකෙරෙන සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඊයේ (28) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..