පෙරහැර නතර කිරීමක් ගැන යළි දේශපාලන වේදිකාවේ කතා එපා.. - ජනපති
යළි කිසිදු දිනක මෙරට දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහැර උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැලකෙරෙන සංදේශය දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ අවස්ථාවේදී මේ බව අවධාරණය කළේය.
රාජ්‍යත්වයත්, දළදා වහන්සේත් අතර ඇති අත්හැරිය නොහැකි බැඳීම සහ සංස්කෘතික උරුමය මෙහිදි සිහිපත් කළ ජනාධිපතිවරයා, කිසිවෙකු තමන්ගේ දේශපාලන වේදිකාවක හෝ ආරෝවක් පිරිමසා ගැනීමට මෙම ඓතිහාසික උරුමය මත කටයුතු කිරීම කිසිසේත් සාධාරණ නොවන බව පැවසීය.
"මෙම පෙරහැර මංගල්‍ය අත්හැරීම යනු අපේ මුළු ජාතියේම හෘදසාක්ෂිය, අධ්‍යාත්මය සහ ජාතියේ ජීවය මරා දැමීමයි.
පසුගිය සමයේ දේශපාලන වේදිකාවල පෙරහැර තහනමක් පිළිබඳ සාකච්ඡාවට ලක් වුණා. එවැනි ප්‍රකාශ කිරීම මොනතරම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද. එයින් පෙනෙන්නේ අපේ ජාතියේම අධ්‍යාත්මය මරා දැමීමේ සහ සංස්කෘතියේ පාදම විනාශ කිරීමේ බලයක් හොබවනවා කියන එකයි.
මෙම පෙරහැර මංගල්‍ය තහනම් කිරීමේ උත්සාහයක් දරනවා කියන ප්‍රකාශයම මොනතරම් විනාශකාරීද. එය කිසිසේත්ම දේශපාලන වේදිකාවක සාකච්ඡාවකට හෝ තර්කයකට හෝ ගත යුතු කරුණක් නොවේ.
ඒ නිසා කිසිවෙකු තමන්ගේ දේශපාලන වේදිකාවක හෝ ආරෝවක් පිරිමසා ගැනීමට හෝ ගැටුම් විදාහ දැක්වීමට කිසිසේත්ම මෙම ඓතිහාසික උරුමය මත කටයුතු කිරීම සාධාරණ නැහැ.
නැවත කිසි දිනකවත් අපේ රටේ දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතුයි.
අපේ ජාතියේ අධ්‍යාත්මය මරා දමන බව, ඓතිහාසික සංස්කෘතික උරුමය, ප්‍රෞඪත්වය සහ ආත්මය විනාශ කරන බව ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතුයි" යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලවල වාර්ෂික ඇසළ මහා පෙරහැර චිරාගත සම්ප්‍රදායානුකූලව පරිපූර්ණ සහ උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැලකෙරෙන සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඊයේ (28) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන් පූර්ණ සහාය දෙයි..
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..
සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි
කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?
නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...
22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය
එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්
ජනාධිපති අනුර කුමාර දිසානායක ජවිපෙ ඓතිහාසික කාර්යභාරයට පිටුපෑවා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
ඉන්දියාව සහ චීනය දේශසීමා ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට එකඟ වෙති
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි..
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 500 පනී..
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි..
අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කරගන්න ශානි අබේසේකර ප්‍රංශ තානාපති කාර්යාලයට ගිහින් නැහැ.. තානාපතිවරයා වෙනුවෙන් ගත්ත නිවසේදී ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු