ඉරානය සමග සබඳතා පවත්වන චීන බැංකුවලට සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්..
ඉරානය ආර්ථික වශයෙන් හුදකලා කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් දැඩි කරමින්, එරට සමඟ මූල්‍ය සබඳතා පවත්වාගෙන යන චීන බැංකු ඉලක්ක කර සම්බාධක පැනවීමට ඉඩ ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබේ.
ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ තමා ගන්නා සෑම තීරණයක්ම පූර්වයෙන් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.
ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ද මීට පෙර ප්‍රකාශ කළේ දැඩි සම්බාධක හරහා ඉරාන රජය මූල්‍යමය වශයෙන් අඩපණ කිරීමට පියවර ගන්නා බවයි. මේ යටතේ ඉරානය සමඟ වෙළඳ සබඳතා පවත්වන අනෙකුත් රටවලට පවා ද්විතීයික සම්බාධක (Secondary Sanctions) පැනවීමේ අවදානම ඉහළ ගොස් ඇත.
විශේෂයෙන්ම ඉරාන තෙල් සඳහා ප්‍රධානතම වෙළඳපොළ වන චීනයේ බැංකු මගින් මෙම ගනුදෙනු තවදුරටත් කළමනාකරණය කරනු ලබයි. මීට පෙර ඉරාන හමුදාවට සහාය දුන් බවට චෝදනා කරමින් චීන සහ හොංකොං සමාගම් කිහිපයකට ඇමෙරිකාව සම්බාධක පැනවුවද, චීනයේ ප්‍රධාන පෙළේ බැංකුවලට එරෙහිව මෙතෙක් එවැනි පියවරක් ගෙන නොතිබීම විශේෂත්වයකි.
මූලාශ්‍රය - ndtv
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..