IMF කොන්දේසි යටතේ ආර්ථිකය කළමනාකරණය කළ පමණින් දිළිඳුකමේ අර්බුදය විසඳන්න බෑ.. - දිනන දකුණ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට අනුකූලව මූල්‍ය ඉලක්ක සපුරාගනිමින් ආර්ථිකය කළමනාකරණය කළ පමණින් මෙරට ජනතාව මුහුණ දෙන සැබෑ ආදායම් මාර්ග කඩා වැටීම සහ දරිද්‍රතා අර්බුදය විසඳිය නොහැකි බව 'දිනන දකුණ' සාමූහිකය පෙන්වා දෙයි.
මෑතකදී නිකුත් වූ Visual Capitalist ගෝලීය අවම වැටුප් දර්ශකයට අනුව රටවල් 130ක් අතුරින් ශ්‍රී ලංකාව ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අතින් 120 වන ස්ථානය දක්වා පහත වැටී ඇති අතර, මෙරට අවම වැටුපේ සැබෑ මිලදී ගැනීමේ හැකියාව මසකට ඇමෙරිකානු ඩොලර් 200ක අගයක පවතින බවද ඔවුහු සඳහන් කරති.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) බහුමාන අවදානම් දර්ශක වාර්තාව උපුටා දක්වන එම සාමූහිකය, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 55.7ක්, එනම් මිලියන 12.3කට අධික පිරිසක් අධ්‍යාපනය, සෞඛ්‍යය, ණයගැතිභාවය සහ ජීවන තත්ත්වය යන ක්ෂේත්‍රයන් හි දැඩි බහුමාන අවදානමකට ලක්ව සිටින බව පවසයි.
දැනටමත් රටේ දිළිඳුකම සියයට 25 ඉක්මවා ඇති අතර, ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය දෑ සපයා ගැනීමට පවා ණය ලබා ගැනීමට හෝ දේපළ උකස් කිරීමට පෙළඹී ඇති බවද සඳහන් වේ.
රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූල්‍ය ස්ථාවරත්වය, ප්‍රාථමික ගිණුමේ ධන ශේෂ සහ අයවැය පරතරය කළමනාකරණය ගැන සාධනීය තොරතුරු ඉදිරිපත් කළද, එම සංඛ්‍යාලේඛනවලින් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවන යථාර්ථය නිරූපණය නොවන බව 'දිනන දකුණ' සාමූහිකය අවධාරණය කරයි.
එකතු කළ අගය මත බදුවල (VAT) ඉහළ දැමීම් සහ රාජ්‍ය වියදම් සීමා කිරීම හරහා රජය මූල්‍ය ස්ථාවරත්වය පෙන්නුම් කළද, ඒ හරහා එල්ල වූ බදු බර ජනතාවගේ සැබෑ ආදායමට දැඩි ලෙස පහර දී ඇත.
එබැවින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හා නිෂ්පාදන යෙදවුම් මත පනවා ඇති බදු ලිහිල් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම මෙන්ම පවුල්වල ණයගැතිභාවය සහ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ඉලක්කගත සහන සැලසීමට රජය වහා පියවර ගත යුතු බව එම සාමූහිකය වැඩිදුරටත් පෙන්වා දෙයි.
රටක සැබෑ ආර්ථික සෞඛ්‍යය මැනිය යුත්තේ ලේඛනගත මූල්‍ය ඉලක්ක මත පමණක් නොව, ජනතාවගේ සැබෑ වැටුප් වර්ධනය, දිළිඳුකම පිටුදැකීම සහ සැබෑ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය කිරීම මත පදනම්ව බැවින්, වැඩකරන ජනතාවට සාධාරණ හා ගෞරවාන්විත ජීවන තත්ත්වයක් තහවුරු වන පරිදි ආර්ථික රාමුව සකස් කිරීම රජයේ ප්‍රධාන වගකීමකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..