නේපාලයේ වැනි විපත් මෙරටත් ඇතිවිය හැකියි.. – මහාචාර්ය අතුල සේනාරත්නගෙන් අනතුරු ඇඟවීමක්
නේපාලයේ සිදුවූ ආකාරයේ දැවැන්ත ස්වාභාවික විපත් කුඩා පරිමාණයෙන් හෝ ශ්‍රී ලංකාව තුළ ඕනෑම මොහොතක සිදුවීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට හොඳ පාඩමක් කියාදෙන බව පෙන්වා දෙන ඒ මහතා, මෑතකදී ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුව අතරතුර සරසවිගම ප්‍රදේශයේ සිදුවූ නායයෑම ඊට හොඳම උදාහරණය බව සඳහන් කළේය. එම නායයෑම නිසා ඇළ මාර්ගයක් අවහිර වී මුළු ගම්මානයම යටවීමෙන් පුද්ගලයින් 20 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.
ගංගා සහ ඇළ දොළ ආසන්නයේ ඇති දිරාපත් වූ පාෂාණ හා පස් තට්ටු නායයාමෙන් ජල මාර්ග අවහිර වන අතර, පසුව එම ජලකඳ එකවර බිඳී යාමෙන් නොසිතූ මොහොතක දැවැන්ත ජලගැලීම් නිර්මාණය විය හැකි බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
එබැවින් සාමාන්‍ය නායයෑම් සිතියම්ගත කරනවා සේම, මෙලෙස ජල මාර්ග අවහිර වී ක්ෂණික ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් සහිත ප්‍රදේශ ද කඩිනමින් සිතියම්ගත කර පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ වැදගත්කම ඒ මහතා අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..