අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී නම වෙනස් කරලා.. ලංකාවට ගෙන්වන වැඩේ සංකීර්ණයි.. - ඇමති ආනන්ද විජේපාල
මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිමය බාධා කිහිපයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
සිරස රූපවාහිනියේ 'දවස' වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිය නම වෙනස් කර සිංගප්පූරු පුරවැසිභාවය ලබාගෙන ඇති බවත්, එම රටේ පවතින නීතිමය තත්ත්වයන් හේතුවෙන් ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සංකීර්ණ වී ඇති බවත් ය.
කෙසේ වෙතත්, පවතින නීතිමය බාධාවන් මඟහරවා ගනිමින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විවිධ උපක්‍රමශීලී පියවර රජය විසින් ගනිමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
බැඳුම්කර නඩුව මේ වන විට අධිකරණය හමුවේ ඉදිරියට යමින් පවතින බවත්, අපරාධ මගින් උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
අපරාධකරුවන් සතු දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කරන බව ද ඔහු අවධාරණය කළේය.
විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට පුද්ගලයන් 236 දෙනෙකුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර ඇති බවයි. ඉන් රතු වරෙන්තු 110ක්ම නිකුත් කර ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව බව ඔහු පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..