නේපාලයේ සිදු වූ ස්වාභාවික ව්‍යසනය පිළිබඳව ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා නායක හිමියන්ගෙන් ශෝක ප්‍රකාශයක්..
නේපාලයේ උතුරු ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමි කම්පාව, ග්ලැසියර් කඩා වැටීම සහ හදිසි ගංවතුර ව්‍යසනයෙන් අසරණ වූ සමස්ත නේපාල වැසියන් සහ විදේශීය සංචාරකයින් වෙනුවෙන් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය ඕමාරේ කස්සප මහා නායක හිමිපාණන් වහන්සේ සිය ගැඹුරු ශෝකය සහ ආශීර්වාද පණිවිඩයක් නිකුත් කර තිබේ.
නේපාලයේ රාසුවා (Rasuwa), නුවාකොට් (Nuwakot), ධාඩින් (Dhading) යන දිස්ත්‍රික්ක ඇතුළු භෝතේ කෝෂි සහ ත්‍රිශූලි ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ඇති වූ මෙම හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිනිස් ජීවිත 400කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇති අතර, තවත් සිය ගණනක් අතුරුදන්ව තිබේ. එමෙන්ම නිවාස, ගම්මාන සහ පරිසර පද්ධතීන්ට ද දැඩි හානි සිදුව ඇත.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වූ පින්බර ලුම්බිණි දේශය සහ නේපාල ජනතාව ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ සිත්වලට නිරන්තරයෙන්ම සමීප වන බැවින්, මෙම අභියෝගාත්මක අවස්ථාවේදී පීඩාවට පත් සැමට ශක්තිය ප්‍රාර්ථනා කරන බව උන්වහන්සේ සඳහන් කරති.
අදාළ ලිපිය පහළින්..


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..
සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි
කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?
නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...
22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය
එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්
ජනාධිපති අනුර කුමාර දිසානායක ජවිපෙ ඓතිහාසික කාර්යභාරයට පිටුපෑවා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
ඉන්දියාව සහ චීනය දේශසීමා ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට එකඟ වෙති
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි..
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 500 පනී..
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි..
අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කරගන්න ශානි අබේසේකර ප්‍රංශ තානාපති කාර්යාලයට ගිහින් නැහැ.. තානාපතිවරයා වෙනුවෙන් ගත්ත නිවසේදී ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
යුක්‍රේනයට එල්ල වූ රුසියානු හයිපර්සොනික් ප්‍රහාරය යුරෝපයට දුන් පණිවිඩයක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..