ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙලා.. පිළිකා රෝගීන් අනතුරේ..
ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ වෛද්‍ය සැපයුම් අංශය (MSD) අතර හටගෙන ඇති ආයතනික සම්බන්ධීකරණ දෝෂයක් හේතුවෙන්, පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක එන්නත් 160,000ක ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවල සිරවී ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.
අදාළ එන්නත එන තනි පෙට්ටියෙහි සියලු දත්ත හා එම සිලින්ජරයේ ඉදිරිපස නිවැරදි ලේබලය, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මක බව නිවැරදිව සඳහන්ව තිබියදීත්, ලේබලයේ පිටුපස ඇති පරිපාලනමය ගැටලුවක් මුල් කරගනිමින් වෛද්‍ය සැපයුම් ඒකකය විසින් මෙම ඖෂධ භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.
රුපියල් 900ක වැනි වටිනාකමක් ඇති මෙම එන්නත මේ වනවිට කළුකඩ මිලට අලෙවිවන බවත්, එය රුපියල් 25,000කට වැඩි බවත් වාර්තා වේ. කෙසේ නමුත් එම මිල ගණන්වලටද මෙම එන්නත් ලබාගැනීමට නොහැකි බව වාර්තා වේ.
'කීමෝතෙරපි' ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා මසකට රෝගීන් 25,000කට ආසන්න පිරිසකට මෙම එන්නත් අත්‍යවශ්‍ය වේ.
මෙම එන්නත් තොගය සිලින්ජරයෙ පිටුපස ලේබල් කිරීම සඳහා යළි හරවා යැවුවහොත් එම තොගය මෙරටට නැවත ලැබීමට අවම වශයෙන් මාස 3ක කාලයක් ගතවේ.
ඒ අනුව ඉදිරි මාස 3 ඇතුළත පිළිකා රෝගීන් 75,000ක් පමණ දැඩි ජීවිත අවදානමකට මුහුණ දෙනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..