ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙලා.. පිළිකා රෝගීන් අනතුරේ..
ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ වෛද්‍ය සැපයුම් අංශය (MSD) අතර හටගෙන ඇති ආයතනික සම්බන්ධීකරණ දෝෂයක් හේතුවෙන්, පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක එන්නත් 160,000ක ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවල සිරවී ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.
අදාළ එන්නත එන තනි පෙට්ටියෙහි සියලු දත්ත හා එම සිලින්ජරයේ ඉදිරිපස නිවැරදි ලේබලය, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මක බව නිවැරදිව සඳහන්ව තිබියදීත්, ලේබලයේ පිටුපස ඇති පරිපාලනමය ගැටලුවක් මුල් කරගනිමින් වෛද්‍ය සැපයුම් ඒකකය විසින් මෙම ඖෂධ භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.
රුපියල් 900ක වැනි වටිනාකමක් ඇති මෙම එන්නත මේ වනවිට කළුකඩ මිලට අලෙවිවන බවත්, එය රුපියල් 25,000කට වැඩි බවත් වාර්තා වේ. කෙසේ නමුත් එම මිල ගණන්වලටද මෙම එන්නත් ලබාගැනීමට නොහැකි බව වාර්තා වේ.
'කීමෝතෙරපි' ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා මසකට රෝගීන් 25,000කට ආසන්න පිරිසකට මෙම එන්නත් අත්‍යවශ්‍ය වේ.
මෙම එන්නත් තොගය සිලින්ජරයෙ පිටුපස ලේබල් කිරීම සඳහා යළි හරවා යැවුවහොත් එම තොගය මෙරටට නැවත ලැබීමට අවම වශයෙන් මාස 3ක කාලයක් ගතවේ.
ඒ අනුව ඉදිරි මාස 3 ඇතුළත පිළිකා රෝගීන් 75,000ක් පමණ දැඩි ජීවිත අවදානමකට මුහුණ දෙනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..
සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි
කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?
නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...
22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය
එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්
ජනාධිපති අනුර කුමාර දිසානායක ජවිපෙ ඓතිහාසික කාර්යභාරයට පිටුපෑවා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
ඉන්දියාව සහ චීනය දේශසීමා ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට එකඟ වෙති
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි..
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 500 පනී..
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි..
අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කරගන්න ශානි අබේසේකර ප්‍රංශ තානාපති කාර්යාලයට ගිහින් නැහැ.. තානාපතිවරයා වෙනුවෙන් ගත්ත නිවසේදී ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
යුක්‍රේනයට එල්ල වූ රුසියානු හයිපර්සොනික් ප්‍රහාරය යුරෝපයට දුන් පණිවිඩයක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..