ව්‍යවස්ථා සංශෝධනයකින් ඡන්ද නොතියා මාලිමා ආණ්ඩුව අවුරුදු ගාණක් බලයේ ඉන්න සැලසුම් කරනවා.. - පාඨලී චම්පික රණවක
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කරගනිමින් මැතිවරණ පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දමා, ජාතික ජන බලවේග පාලනය අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය කුමන්ත්‍රණය කරමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරි වසර 10ක් හෝ 20ක් යනතුරු මැතිවරණ නොපවත්වන බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිදු කරන ප්‍රකාශ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ රජයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙතෙක් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර නොමැති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
සමගි ජන බලවේගයට වඩා තම කණ්ඩායම සැබෑ විපක්ෂය ලෙස රජය පිළිගැනීම පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ස්තූතිය පළ කළ රණවක මහතා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බවත්, මැතිවරණ සිතියම අකුලා දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම උත්සාහ කරන බවත් චෝදනා කළේය.
වෙනත් රජයක් යටතේ නීතියට මුහුණ දීමට සිදුවනු ඇතැයි පවතින බිය නිසා රජය මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන බව ඔහුගේ අදහසයි.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් රණවක මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීමට රජය සතුව නිසි සැලසුමක් නොමැති බවයි. 2022-2024 කාලසීමාව තුළ රනිල් වික්‍රමසිංහ මහතා ගත් දැඩි තීරණ නිසා ආර්ථිකය ස්ථාවර වූ බවත්, එහෙත් වත්මන් වැඩපිළිවෙළ යටතේ 2027න් පසු රටට ඉදිරියට යා නොහැකි බවත් ඔහු පැවසීය.
2028 වසරේ සිට ණය ප්‍රතිපූරණය ආරම්භ කිරීමට සිදුවන බැවින්, දැනට පවතින ඇමරිකානු ඩොලර් බිලියන 6.4 ක විදේශ සංචිත ප්‍රමාණය 2028 වන විට ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීමේ දැවැන්ත අභියෝගයට රජය මුහුණ දිය යුතු බව ඔහු අවධාරණය කළේය.
දූෂණයට එරෙහිව කටයුතු කරන බවට රජය කරන ප්‍රකාශ ද රණවක මහතා මෙහිදී ප්‍රශ්න කළේය. විශේෂයෙන් 2021 වසරේ ගෑස් අර්බුදයට වගකිවයුත්තන්ට වත්මන් රජය යටතේ ද ආරක්ෂාව ලැබෙන බවත්, 2022 ආර්ථික කඩා වැටීම පිළිබඳව මූල්‍ය අරමුදල කලින්ම අනතුරු අඟවා තිබියදීත් ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..