ව්‍යවස්ථා සංශෝධනයකින් ඡන්ද නොතියා මාලිමා ආණ්ඩුව අවුරුදු ගාණක් බලයේ ඉන්න සැලසුම් කරනවා.. - පාඨලී චම්පික රණවක
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කරගනිමින් මැතිවරණ පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දමා, ජාතික ජන බලවේග පාලනය අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය කුමන්ත්‍රණය කරමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරි වසර 10ක් හෝ 20ක් යනතුරු මැතිවරණ නොපවත්වන බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිදු කරන ප්‍රකාශ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ රජයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙතෙක් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර නොමැති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
සමගි ජන බලවේගයට වඩා තම කණ්ඩායම සැබෑ විපක්ෂය ලෙස රජය පිළිගැනීම පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ස්තූතිය පළ කළ රණවක මහතා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බවත්, මැතිවරණ සිතියම අකුලා දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම උත්සාහ කරන බවත් චෝදනා කළේය.
වෙනත් රජයක් යටතේ නීතියට මුහුණ දීමට සිදුවනු ඇතැයි පවතින බිය නිසා රජය මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන බව ඔහුගේ අදහසයි.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් රණවක මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීමට රජය සතුව නිසි සැලසුමක් නොමැති බවයි. 2022-2024 කාලසීමාව තුළ රනිල් වික්‍රමසිංහ මහතා ගත් දැඩි තීරණ නිසා ආර්ථිකය ස්ථාවර වූ බවත්, එහෙත් වත්මන් වැඩපිළිවෙළ යටතේ 2027න් පසු රටට ඉදිරියට යා නොහැකි බවත් ඔහු පැවසීය.
2028 වසරේ සිට ණය ප්‍රතිපූරණය ආරම්භ කිරීමට සිදුවන බැවින්, දැනට පවතින ඇමරිකානු ඩොලර් බිලියන 6.4 ක විදේශ සංචිත ප්‍රමාණය 2028 වන විට ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීමේ දැවැන්ත අභියෝගයට රජය මුහුණ දිය යුතු බව ඔහු අවධාරණය කළේය.
දූෂණයට එරෙහිව කටයුතු කරන බවට රජය කරන ප්‍රකාශ ද රණවක මහතා මෙහිදී ප්‍රශ්න කළේය. විශේෂයෙන් 2021 වසරේ ගෑස් අර්බුදයට වගකිවයුත්තන්ට වත්මන් රජය යටතේ ද ආරක්ෂාව ලැබෙන බවත්, 2022 ආර්ථික කඩා වැටීම පිළිබඳව මූල්‍ය අරමුදල කලින්ම අනතුරු අඟවා තිබියදීත් ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..