මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද..
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27 වැනිදා) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.
ඒ අනුව අද (26 වැනිදා) පස්වරු 06.43ට යෙදෙන සුබ නැකතින් උතුරු දිශාමුඛව පෙරහර ආරම්භ වේ. ශ්‍රී දළදා මාලිගාව අසලින් ආරම්භ වන පෙරහර සිව් මහා දේවාල පෙරහර කැටුව වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවැදීම සිදුවේ.
ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් උදෙසා පැවැත්වෙන මෙම මහා සංස්කෘතික පූජෝපහාරය මෙවර අගෝස්තු 18 වැනිදා ආරම්භ වූ අතර අගෝස්තු 18 වැනිදා සිට 22 වැනිදා දක්වා කුඹල් පෙරහර පැවැත්විණි. අනතුරුව 23 වැනිදා සිට රන්දෝලි පෙරහර ආරම්භ විය. තවද 23 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැති රන්දෝලි පෙරහරවලින් පසුව 27 වැනිදා අවසන් මහා රන්දෝලි පෙරහර පැවැත්වේ. ශ්‍රී දළදා මාලිගාවේ නිල කාලසටහන අනුව අවසන් රන්දෝලි පෙරහර මහනුවර නගරයම ආවරණය වන පරිදි ගමන් කිරීමට නියමිතය.
අනුරාධපුර යුගයේදී ක්‍රිස්තු වර්ෂ 4 වැනි සියවසේ කිත්සිරිමෙවන් රජ සමයේ දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමත් සමග දළදා පෙරහරට විශේෂ රාජකීය හා ආගමික වැදගත්කමක් හිමි විය.
අද අප දකින මහනුවර ඇසළ පෙරහරේ ප්‍රධාන ආකෘතිය මහනුවර රාජධානියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමය සමග දැඩි සම්බන්ධතාවක් පවතී.
එම යුගයේදී ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරත්, මහනුවර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාලවල පෙරහරත් එක් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සම්බන්ධ කෙරිණි. ඒ අනුව අදත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර ප්‍රධාන වශයෙන් ඉදිරියෙන් ගමන් කරන අතර සිව් දේවාල පෙරහර ඊට අනුගතව ගමන් කරයි.
‘රන්දෝලි’ යන නාමයට රජ සමයේ රැජනියන් ගමන් කළ ‘පල්ලැක්කු’ හෙවත් රන්දෝලි සමග සම්බන්ධතාවක් පවතී. පසුකාලීනව එම ‘පල්ලැක්කුව’ පෙරහරේ ගෞරවාන්විත අංගයක් ලෙස ඉදිරියට ගෙන එනු ලැබීය. වත්මන් රන්දෝලි පෙරහරේදී ද අතීත රාජකීය සම්ප්‍රදායේ මතකය එම අංගය තුළින් දැකගත හැකිය.
අද (27 වැනිදා) රාත්‍රියේ පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහර සමගම දින ගණනාවක් පුරා මහනුවර නගරය පුරා පැවැති පෙරහරේ රාත්‍රි සංචාර අවසන් වේ.
අගෝස්තු 28 වැනිදා අලුයම දිය කැපීමේ චාරිත්‍රය සිදුකිරීමෙන් අනතුරුව එදින දහවල් පෙරහර වීථි සංචාරය කෙරේ. ශ්‍රී දළදා මාලිගාවේ නිල කාලසටහන අනුව 28 වැනිදා දහවල් පෙරහර පස්වරු 2.18ට ආරම්භ කිරීමට නියමිතය. පෙර රජ දවසේ පැවති සම්ප්‍රදාය අනුව දහවල් පෙරහර අවසන් කර පෙරහර මංගල්‍යය සාර්ථකව පැවැත්වූ බවට වූ පෙරහර සංදේශය රාජ්‍ය නායකයා වෙත භාරදීමේ සම්ප්‍රදාය ද ඉතිහාසය පුරා පැවත එයි. වර්තමානයේ එම සම්ප්‍රදාය අනුව පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමෙන් පසුව ඇසළ පෙරහර මහා මංගල්‍යයේ නිල සමාප්තිය සනිටුහන් කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..