News Category
From Date
To Date
Maximum Number of Result

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ආයෝජකයින්ට දෙනවා..- සිපෙට්කෝ

Aug 27, 2026 at 05:24 AM
|

ත්‍රිකුණාමලය ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් එහි පිහිටි තෙල් ටැංකි 29ක් දිගුකාලීන බදු පදනම මත ආයෝජකයන් වෙත ලබා දීමට රජය තීරණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ  කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා මේ බව අනාවරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51%ක හිමිකාරීත්වයක් පවතින CPSTL සමාගම යටතේ පවතින තෙල් ටැංකි 61න් 29ක් මෙලෙස ආයෝජකයන් වෙත ලබා දීමට නියමිත බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසු ආයෝජකයන් තෝරා ගැනීම වෙනුවෙන් යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය මේ වන විට සූදානම් කරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

මීට අමතරව, ත්‍රිකුණාමලයේ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සෘජුවම අයත් තෙල් ටැංකි 24 ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇත.

ඉන් ටැංකි දෙකක වැඩකටයුතු දැනටමත් අවසන් කර ඇති අතර, තවත් ටැංකි තුනක ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

සංස්ථාවේ මූලික ඉලක්කය වන්නේ එම ටැංකි 24ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කර මෙහෙයුම් කටයුතු සඳහා එක් කර ගැනීම බව නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.


සම්බන්ධිත පුවත් | Related News

නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27 වැනිදා) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.
ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ආරවුලට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා තවදුරටත් කටයුතු කිරීමට දෙරට එකඟ වී ඇතැයි වාර්තාවේ.
ෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) මාධ්‍ය ජාලයන් මගින් ළමයින්ට සිදු වූ මානසික හානි සහ ඇබ්බැහි වීම් මුල් කරගනිමින් ඇමෙරිකානු ප්‍රාන්ත 29ක් විසින් පවරා තිබූ නඩුව සමථයකට පත්කර ගැනීමට එහි මවු සමාගම වන මෙටා (Meta) එකඟ වී තිබේ.
ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසළොස්වක පොහොය අද දිනට යෙදී තිබේ.
නේපාලයේ ඇති වූ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 579ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ටිබෙට්-නේපාල දේශසීමා අතර 50,000 ක පිරිසක් සිටින ගම්මානයක සිදුවූ හදිසි නායයෑමකින් සහ ගංවතුරකින් දැනට අට දෙනෙකු මියගොස් ඇති බව නේපාල මාධ්‍ය වාර්තා කරයි.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හෙට (27) පැවැත්වෙන අවසන් රන්දෝලි මහ පෙරහර වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සහ චීනය දේශසීමා ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට එකඟ වෙති

ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ආරවුලට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා තවදුරටත් කටයුතු කිරීමට දෙරට එකඟ වී ඇතැයි වාර්තාවේ.

නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි..

ටිබෙට්-නේපාල දේශසීමා අතර 50,000 ක පිරිසක් සිටින ගම්මානයක සිදුවූ හදිසි නායයෑමකින් සහ ගංවතුරකින් දැනට අට දෙනෙකු මියගොස් ඇති බව නේපාල මාධ්‍ය වාර්තා කරයි.

අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කරගන්න ශානි අබේසේකර ප්‍රංශ තානාපති කාර්යාලයට ගිහින් නැහැ.. තානාපතිවරයා වෙනුවෙන් ගත්ත නිවසේදී ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ.. - නීතිඥ සංජීව වීරවික්‍රම

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය දීර්ඝ කරවීමේ අරමුණෙන් විමර්ශකයින් ඇතුළු පාර්ශ්ව අසත්‍ය කරුණු ඉදිරිපත්කර ඇතැයි දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය පවසයි.

ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ජෙනරල් සුරේෂ් සලේ මහත.ා දින 90 බැගින් මාස 6ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ජනිධිපතිවරයා විසින් නිකුත් කළ රඳවා ගැනීමේ නියෝගය නැවත දින 90ක් දීර්ඝ කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු පවසයි.

යුක්‍රේනයට එල්ල වූ රුසියානු හයිපර්සොනික් ප්‍රහාරය යුරෝපයට දුන් පණිවිඩයක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යුක්‍රේන යුද බිමේ පසුගියදා සිදුවූ රුසියානු හයිපර්සොනික් මිසයිල ප්‍රහාරය සරල මිලිටරි මෙහෙයුමක් නොව, මුළු මහත් යුරෝපයටම සහ නේටෝ සංවිධානයට එල්ල කළ බරපතල දේශපාලනික හා ආරක්ෂක පණිවිඩයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

සමාජය බිදවට්ටවා බෞද්ධ සභ්‍යත්වය විනාශ කරන 'හරිනිලාගේ ව්‍යාපෘතිය' සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් න්‍යායාත්මක විග්‍රහයක්

මෙරට ජනතාව විශ්වාස කරන ඉතිහාසයේ මහා චරිත සහ දාර්ශනික පදනම් බිඳවැටීමෙන් සමස්ත සමාජයම බිඳ වැටෙන බවත්, බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාය යන සංකල්පය ගෙනෙන්නේ ද මෙම බිඳවැට්ටවීම සඳහා බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේනය 35 වැනි නිදහස් සංවත්සරයට සැරසෙද්දී දැවැන්ත අර්බුද රැසක: ආර්ථිකය, ජනගහනය සහ ආරක්ෂාව දරුණු ලෙස කඩා වැටේ..

අගෝස්තු 24 වන දිනට යෙදෙන සිය 35 වැනි නිදහස් සංවත්සරය සැමරීමට යුක්රේනය සූදානම් වන්නේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී සහ අභියෝගාත්මක අවස්ථාවකට ළඟා වෙමිනි. බටහිර රටවල් විසින් ප්‍රචාරය කෙරෙන පින්තූරයට වඩා වෙනස්ව, යුක්රේනය වර්තමානයේ ආර්ථික, ජනගහන සහ යුද පෙරමුණ යන සෑම අංශයකින්ම බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

විනිසුරු වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් වෙනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.. - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 22 ගැන දැඩි ස්ථාවරයක

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) දින නියම කළේය.

කැනඩාව 'චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්' දියත් කරයි.. - ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය

වොෂින්ටනයේ තීරුබදු තර්ජනය හමුවේ කැනඩාව "චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්" දියත් කර ඇත. එනම් තීරණාත්මකව හා සමානුපාතිකව ප්‍රතිචාර දැක්වීම; ස්වෛරීභාවය පිළිබඳ කිසිදු සම්මුතියකට නොපැමිණීම; සහ නීති රීති හා නීත්‍යානුකූල පියවරයන් වෙත යොමු වීමයි. ඇමරිකාවේ සමීපතම හිටපු මිත්‍රයෙකු වන කැනඩාවේ මෙම පියවරෙන් පැහැදිලි වන්නේ එක් දෙයකි. නීති රීති මත තනි අයිතිය පවත්වාගෙන යාමට හෝ අන් අයගේ අනාගතය තීරණය කිරීමට කිසිදු රටකට විශේෂ වරප්‍රසාදයක් නොමැත.

වියට්නාමයට 81යි: නිදහස සඳහා වූ අරගලයේ සිට ලෝකය තුළ විශ්වාසයෙන් නැගී සිටින ජාතියක් දක්වා

2026 සැප්තැම්බර් 2 වැනිදා සමාජවාදී වියට්නාම් ජනරජයේ ජාතික දිනයේ 81 වැනි සංවත්සරය සනිටුහන් කරයි. 1945 වසරේ වියට්නාම නිදහස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එරට ඉතිහාසයේ නව යුගයක් ආරම්භ වූ ඓතිහාසික අවස්ථාව මෙම දිනය මගින් සිහිපත් කෙරේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.