දූෂණ විරෝධී පනත් සංශෝධනයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය සීමාවෙනවා.. - පැෆරල්
රජය විසින් ඉදිරිපත් කර ඇති නව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ සහ ඒවා භාවිත කිරීමේ අයිතියට දැඩි බාධා එල්ල වන බව පවසමින්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල් සංවිධානය) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
2024 ජූලි 24 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම සංශෝධන මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබාගන්නා දත්ත වෙනත් කාර්යයක් සඳහා භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් ලෙස දක්වා ඇති බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි. මෙය "මහජන බලය භාවිත කරන තැනැත්තන් මහජන නිරීක්ෂණයට විවෘත විය යුතුය" යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය උල්ලංඝනය කිරීමක් බව එම සංවිධානය පවසයි.
විශේෂයෙන්ම 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 88 වන වගන්තියට යෝජිත සංශෝධන මගින් වත්කම් හා බැරකම් ප්‍රකාශවල සංස්කරණය කළ පිටපත් ලබාගැනීම සහ ඒවා ප්‍රසිද්ධ කිරීම සීමා කිරීමට උත්සාහ කර ඇත. මෙලෙස තොරතුරු ගැලීම සීමා කිරීම දූෂිතයන් නීතියෙන් බේරී යාමට මග පාදන බවත්, මහජන දේපළ හා බලය භාවිත කරමින් අයථා ලාභ ලබන්නේදැයි සොයා බැලීමට ජනතාවට ඇති අයිතිය කිසිසේත්ම සීමා නොකළ යුතු බවත් එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ විනිවිදභාවය ආරක්ෂා කරමින් ජනතාවගේ පරීක්ෂා කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස පැෆරල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..