ජනාධිපති නියමයෙන් සලේ රැඳවුම් නියෝග මත රඳවා සිටිනවා.. - සරත් වීරසේකරගෙන් අනාවරණයක්..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කැබිනට් මණ්ඩලය අහෝසි කර වෙනත් පනතක් ගෙන එනවා නම්, සුරේෂ් සලේගේ මෙම මස 28 වැනිදා අවසන් වන දින 180 රැඳවුම් නියෝගය තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සුදුසු නැති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (25) පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජෙනරාල් සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත මේ වන විට දින 180 ක් ජනාධිපතිගේ නියෝග මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින බවයි.
නමුත් ඊයේ පෙරේදා ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කැබිනට් මණ්ඩලය අහෝසි කර දැන් වෙනත් පනතක් ඒ සම්බන්ධයෙන් ගෙන එන බැවින්, මෙම මාසයේ 28 වෙනිදා අවසන් වන ඒ දින 180 රැඳවුම් නියෝගය තවදුරටත් බලනොපාන, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සුදුසු නොවන බව හෙතෙම කියා සිටියේය.
එසේම සලේගේ බිරිඳ ද ජනාධිපතිතුමාට ලිපියක් යවමින් මෙම රැඳවුම් නියෝගය නොමැතිව රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසත්, එවිට එම විමර්ශනවලට සලේ පූර්ණ සහය ලබාදෙන බවත් දැනුම් දී ඇති බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, දින 180 ක් ගතවීත් චෝදනා ගොනුකර නොමැති නම් සහ අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කර නොමැති නම් සලේව රැඳවුම් නියෝගයක් නොමැතිව රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස තමන් ද ප්‍රකාශ කරන බවත්, එවිට පවතින අධිකරණ ක්‍රියාවලිය දිගටම ගෙනයා හැකි බවත් පෙන්වා දුන්නේය.
තවද, සහරාන් සහ නවුෆර් මවුලවි එකතුවී මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බව 2015 සිට සීඅයිඩීය දැන සිටි බවත්, ප්‍රහාරයට මාස 03 කට පෙර වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ සියයක් පමණ හසුවූ අතර මාවනැල්ලේ බුදුපිළිම ද විනාශ කළ බවත් ඔහු පැවසීය.
මෙම සියල්ලෙන්ම යම්කිසි ප්‍රහාරයක් නුදුරු අනාගතයේ සිදුවන බව සීඅයිඩීය දැන සිටි බවත්, ප්‍රහාරයට පැය 24 කට පෙර ඉන්දියානු බුද්ධි අංශය විසින් ස්ථාන පවා ප්‍රකාශ කර තිබියදීත් සීඅයිඩීය හෝ පොලිසිය කිසිදු පියවරක් නොගත් බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
එලෙස සියල්ල දැනගෙන ජීවිත 269 ක් බිලිදෙනතුරු කිසිවක් නොකර, 2016 සිට 2019 දෙසැම්බර් දක්වා මැලේසියාවේ සහ ඉන්දියාවේ සිටි සුරේෂ් සලේව අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි ප්‍රශ්න කළ ඔහු, එසේනම් ඔහුව දින 180 ක් රඳවාගෙන සිටින්නේ කුමන හේතුවක් මතදැයි වැඩිදුරටත් විමසා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..