News Category
From Date
To Date
Maximum Number of Result

අපි ගමට බැස්සම ජනාධිපතිටත් ගමට බහින්න සිද්ධවෙලා.. - නාමල්

Aug 25, 2026 at 06:51 AM
|

අපි ගමින් ගමට බැස්සම ජනාධිපතිවරයටත් ගමට බහින්න සිද්ධවෙලා ඔන්න දැන් ජනාධිපතිවරයාත් රැස්වීම් තියෙනවා. ජනාධිපතිතුමාව කොලඹ හතේ ඒසී කාමරයේ ඉඳලා මහපාරට බස්සලා ජනතාව අතරට යවා අපට හැකිවෙලා තියෙනවා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය 

ඔහු මේ බව ප්‍රකාශ කලේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,

"රටේ අධිකරණ ඇමතිවරයාට කියන්න පුළුවන් නම් ජනමත විචාරණයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්, 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යන්නේ නෑ කියලා. රටේ අධිකරණ ඇමතිවරයා පූර්ව නිගමනවලට ඇවිල්ලා කලින් නඩු තීන්දු ප්‍රකාශ කරනවා නම්, ඒ වගේම ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනයි ජනාධිපතිවරයයි, "25 වෙනි වෙනකන් බලන්නකෝ කවුද හිරේ යන්නේ කියලා අත්පොඩි ගහන්න ලෑස්ති වෙන්න, රතිඤ්ඤා පත්තු කරන්න" කියනකොට...

​පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු, මන්ත්‍රීවරු "අහවලාට වෙන දේ බලන්න, අහවලාට වෙන දේ බලන්න" කියලා නඩු තීන්දු කලින් ප්‍රකාශයට පත් කරනකොට ඉතින් සමාජ මාධ්‍ය තුළ ඒ පණිවිඩය අරගෙන යනවා.මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක්.​ඉතින් අද නීතිඥ සංගමය හෝ වේවා, මේ රටේ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරු හෝ වේවා, ගරුතර මහා සංඝරත්නය, කතෝලික සභාව, මේ හැම කෙනෙක්ම මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ ඔය නිසා.

​ඉතින් අද මේ ආණ්ඩුව මේ අරගෙන යන වැඩපිළිවෙලත් එක්ක පැහැදිලිවම අධිකරණ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වෙන බව තහවුරුයි.​

​ජනාධිපති ලේකම්වරයා කන්ටේනර් පන්නලා තියෙනවා. ඒ වාර්තාවල වැරදිකරු වෙලා තියෙනවා. හරියටම කන්ටේනර් 323 ක් වරායෙන් පන්නලා තියෙනවා. හරියටම බාල ගල්අඟුරු ගෙනැල්ලා තියෙනවා. හරියටම හැකර් කෙනෙක් පැනලා සල්ලි ටිකත් අරන් ගිහිල්ලා තියෙනවා.

​ඒවා හරියට කරනවා! හැබැයි ඉතින් හරියට වෙලාවට පොහොර ටික දීගන්න බෑ. වී මිලදී ගන්න බෑ. ධීවරයාගේ තෙල් සහනය දෙන්න බෑ. වෙලාවට උපාධිධාරියාගේ රක්ෂාව දෙන්න වැඩපිළිවෙලක් හදාගන්න බෑ. රටේ මෙතෙක් කල් පැවැතිගෙන ආපු කර්මාන්තශාලා වැහෙන්න යනකොට ඒවා ආරක්ෂා කරගන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න බෑ.

​අනවශ්‍ය දේවල් සියල්ලම ආණ්ඩුව හරියට කරනවා! හොරකම් ටිකත් හරියට කරනවා. හැබැයි රටේ ජනතාවට තමන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීපු ඒවා හරියට කරගන්න බැරි එක තමයි ප්‍රශ්නයකට තියෙන්නේ.

ඉතින් හොරකම් ටිකයි, වංචා ටිකයි, හැක් කරලා දාලා පන්නන ඒවායි, කන්ටේනර් පන්නන ඒවායි, බාල ගල්අඟුරුයි ආණ්ඩුව හරියටම කරනවා.

​මේ ආණ්ඩුව බලයට ආවාට පස්සේ ගහපු ගැහිල්ල කෙසේ වෙතත්, මේ පරීක්ෂණ වාර්තා දිහා බැලුවාම, විශේෂයෙන්ම ඔය පාර්ලිමේන්තුවේ තෙල් සම්බන්ධයෙන් තියෙන වාර්තාව දිහා බැලුවාම, ඒකේ සමහර නිලධාරීන්ව අයින් කරලා තමයි පරීක්ෂණය කරලා තියෙන්නේ. සමහර නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයක් කරලා නෑ. ඇයි තෝරාගත්තු පිරිසක් සම්බන්ධයෙන් විතරක් වාර්තාවක් හැදුවේ? ඒ ප්‍රශ්නය තියෙනවා.

​ඒ එක්කම ඉතින් ඒකට හේතුව වෙන්න පුළුවන් කතානායකවරයාටත් අල්ලස් හෝ දූෂණ කොමිසමේ පැමිණිල්ලක් දාලා තියෙනවනේ. ඉතින් ඒ හින්දා සමහර විට පාර්ලිමේන්තුවේ ඉඳලා ඒ ඉහළ නිලතලවලට පත් කරපු අයව අයින් කරලා, අනිත් අය ගැන පරීක්ෂණ කරාද කියන්න අපි දන්නේ නෑ. ඒකත් දන්නේ නෑ ආණ්ඩුවේ බලාපොරොත්තුව.

​හැබැයි ඉතින් පැහැදිලිවම මේ වාර්තාව දිහා බලපු බැල්මට.ඒ පිළිබඳව තව අපි අධ්‍යයනය කරනවා, දීර්ඝ වශයෙන් අපි අධ්‍යයනය කරනවා—හැබැයි බලපු බැල්මට තෝරාගත්තු පිරිසක් ඉලක්ක කරගෙන කරපු වාර්තාවක් බව සනාථ වෙලා තියෙනවා.

​ඒ සියල්ලටම උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ හරියට ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සහ හරියට පරීක්ෂණයක් කරොත්. හැබැයි තෝරාගත්තු පිරිසක් සම්බන්ධයෙන් වාර්තාවක් හදලා, ඒ පිරිස ඉලක්ක කරගෙන වාර්තාව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා නම් ඉතින් ඕකට පැහැදිලි උත්තරයක් ලැබෙන්නේ නෑ.​

වර්තමාන ආණ්ඩුවේ තොරතුරු වර්තමාන ආණ්ඩුවෙන්ම එළියට දෙනවා. ඒක අපි ආයේ අමුතුවෙන් හොයන දෙයක් නෑ. හැබැයි ඉතින් වර්තමාන ආණ්ඩුවේ කතානායකවරයා පිළිබඳවත් ඉතින් ලොකු කතිකාවතක් තියෙනවනේ. ඉතින් ඒක එතුමාගේ පෞද්ගලික කාරණා. හැබැයි ඉතින් අපි අවධානයෙන් ඉන්නවා.

​ඉතින් ඒ හින්දා මේ එක්කෙනෙක් දෙන්නෙක් තමන්ට හිතවත් එක්කෙනෙක් දෙන්නෙක් පරීක්ෂණ වාර්තාවලින් අයින් කරලා, පුද්ගලයෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඉලක්ක කරගෙන වාර්තා හදලා සාධාරණයක් ඉෂ්ට වුණා කියලා හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා. ඉතින් මේ ආණ්ඩුව ඔය 22 වෙනි සංශෝධනය ගේන්නෙත් හරියටම කරන්න උත්සාහ කරන්නෙත් අර හරියටම කරපු හොරකම් ටික වහගන්න. මොකද ඊළඟට නඩුව වැටෙන්නේ ඒවාටනේ.

​දැන් කතානායකවරයාටත් පැමිණිල්ලක් තියෙනවා අල්ලස් හෝ දූෂණ කොමිසමේ. ඒ වගේම මේ හුඟක් අයට පැමිණිලි තියෙනවා. සමහරු වරෙන්තු වුණාම උසාවි යන්නෙත් නෑ. සමහරු ඔය මහ ලොකුවට අධිකරණය ගැන සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව, පොලිසිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම, හොරු අල්ලන එක ගැන කතා කරන අය තමන්ට වරෙන්තු වුණාම උසාවියට යන්නෙත් නෑ. අඩු ගානේ අධිකරණයට ගරු කරලා උසාවියට යන්න තරම්වත් නියතමානී නෑ උන්.

​ඉතින් ඒ හින්දා ඔය 22 වෙනි සංශෝධනයට ඔච්චර මහන්සි වෙන්නේ ඒ අය බේරෙන්න මිසක් හෙට ජනතාවගේ ප්‍රශ්නයක් විසඳන්න නෙවෙයි.

​මේ එල්නිනෝ තත්ත්වය පිළිබඳව මීට පෙරත් කතිකාවතක් ගොඩනැඟුණා. රජයේ ආයතනවලට මීට පෙර සූදානම් වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලවල් පහුගිය හැම රජයකින්ම සූදානම් වෙලා තිබ්බා. ඒක මේ රටේ, ලෝකයේ මේ වසර තුළ එල්නිනෝ තත්ත්වයක් එනවා කියන කාරණය පිළිබඳව නිරන්තරයෙන් ලෑස්ති වුණා

හැබැයි ඉතින් අවාසනාවකට මේ ආණ්ඩුව අර දිට්ඨවා සුළි කුණාටුව එනවා කියලා දැන දැනත් මඟහැරියා වගේ, බන්ධනාගාරය ඇතුලේ සිදුවීමක් සිද්ධ වෙන්න නියමිතයි කියලා දැන බුද්ධි අංශ වාර්තා ලැබිලා තියෙද්දිත් නිලධාරීන් 10 දෙනෙක් සහ රැඳවියන් 20 ක් විතර මැරෙනකම් බලන් හිටියා වගේ, එල්නිනෝ තත්ත්වයක් ඇතිවෙනවා කියන මතය ලෝකයේ ක්‍රියාත්මක වෙලා ලෝකයේ හැම රටක්ම මේකට සූදානම් වෙද්දි, අපි අඩුම ගානේ ගොවියාට වතුර ටික ලැබිච්ච වෙලාවේ වගා කරගන්න පොහොර ටික දුන්නෙත් නෑ.

​වතුර ටික ලැබිච්ච වෙලාවේ වගා කරගන්න. දැන් ඉතින් වතුර හිඟයක් ආවාට පස්සේ වගාවට කෙඳිරි ගාලා හරියන්නේ නෑ. ඉතින් පැහැදිලිවම අර දිට්ඨවා සුළි කුණාටුව ආපු වෙලාවේ ආණ්ඩුව මඟහැර ගත්තා වගේ, ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණා නම් ජීවිත ගණනාවක් බේරගන්න තිබ්බා. ජීවිත ගණනාවක්! බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් දැනගන්න ලැබුණාම ඒ ගැන මඟහැරියා වගේ, නිලධාරීන් 10 දෙනා ඇතුළු ජීවිත ගණනාවක් බේරගන්න, රැඳවියන්ගේ ජීවිත බේරගන්න තිබ්බා.

​අද එල්නිනෝ තත්ත්වය පිළිබඳව සඳහන් වෙලා තියෙද්දිත් ආණ්ඩුව ඒ කාරණය මඟහැරලා ඉදලා, දැන් කියනවා මේකට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා කෙඳිරි ගානවා. ඉතින් ඒක සාධාරණ නෑ. මොකද රජයක් වුණාම මේ හැම කාරණයක් සම්බන්ධයෙන්ම පෙර සූදානමක් තියෙන්න ඕනේ.

​මට වගකීමක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නත්, ගමේ දේශපාලනය කරන්නත්, මේ රටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක බැඳිච්ච ගමේ පාක්ෂිකයෝ බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒකට නායකත්වය දෙන්න මට වගකීමක් තියෙනවා.

​වැඩේ වෙන පැත්තකින් වෙනවාද, මගේ පැත්තෙන් වෙනවාද කියන කාරණය කෙසේ වෙතත්, අද අපි ගමට බැස්සාම ජනාධිපතිවරයාටත් ගමට බහින්න සිද්ධ වෙලා තියෙනවා. ඔන්න දැන් ජනාධිපතිතුමාත් රැස්වීම් තියෙනවා.

​ඉතින් ජනාධිපතිවරයාව කොළඹ 7 AC කාමරේ ඉඳලා මහ පාරට බස්සලා ජනතාව අතරට යවන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. අන්න ඒක තමයි අපි විපක්ෂයක් විදියට ලබපු පළවෙනි ජයග්‍රහණය.

ඉතින් ඒ හින්දා ජනාධිපතිවරයා ඒ රැස්වීම් මාලාව යනවා වගේම, තමන්ගේ කතාව කියලා අර නීතිඥ සංගමයට කරා වගේ තමන්ගේ කතාව කියලා ගෙදර යන්නේ නැතුව ජනාධිපතිතුමා, ජනතාවගේ ගැටලුත් අහලා ඒවට විසඳුම් ලබාදෙන්න කටයුතු කරන්න ඕනේ. අපි ඒ තැනටත් ජනාධිපතිතුමාව තල්ලු කරනවා.​

මං හිතන්නේ අනිත් අය කරනවාද නැද්ද කියලා හොයන එක නෙවෙයිනේ මගේ වගකීම. මම වැඩේ කරන එක.

​ඉතින් පාර්ලිමේන්තුව ඇතුලේ පොඩි කෑල්ලක් වුණත්, ජනතාවගේ හදවතේ ලොකු කෑල්ල නාමල්.

ටිකට් එක කැපෙන්න මම ටිකට් ගත්තේ නෑනේ. ටිකට් ගත්තොත්නේ කැපෙන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා මට කාගෙවත් ටිකට් කපන්න ඕනෙත් නෑ. මං ටිකට් ගන්න යන්නෙත් නෑ.

​මම මේ රටේ ජනතාව එක්ක අපේ දේශපාලනය අපි කරනවා. ඉතින් ඒ හින්දා අද ජනාධිපතිවරයාටත් සිද්ධ වෙලා තියෙනවා ගමට බැහැලා, සඳලුතලයෙන් බැහැලා දේශපාලනය කරන්න පටන් ගන්න. ඉතින් බොහොම හොඳයි ජනාධිපතිතුමනි, හැබැයි ඒ රැස්වීමත් අර නීතිඥ සංගමයේ වාඩි කරගෙන තමන්ගේ කතාව කියලා ගෙදර ගියා වගේ වෙන්නේ නැතුව ජනාධිපතිතුමා, ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීලා විසඳුම් දෙන්න.

​මොකද ඊළඟට අපි ඔබතුමාව... සඳලුතලයෙන් බැස්සුවා, ඊළඟට බලාගමු."


සම්බන්ධිත පුවත් | Related News

කිසිදු භාණ්ඩයක් මෙරටට නොගෙන්වා, ව්‍යාජ ආනයන ගෙවීම් ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැරට යවා ඇති බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේමැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්‍රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.