22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය පරීක්ෂාවට කළින් විනිසුරු පුරප්පාඩු පුරවන්නැයි කියයි..
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය පරීක්ෂාව සිදු කිරීමට ප්‍රථම, එහි පවතින පුරප්පාඩු වහාම පුරවා අධිකරණයේ සංයුතිය තහවුරු කරන ලෙස 'දිනන දකුණ' සාමූහිකය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
එම සංවිධානය විසින් නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 වන වගන්තිය ප්‍රකාරව පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීමේ පරම බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු වන අතර, 22 වන සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට යෝජනා කර තිබීම මෙහිදී විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක් බව එම සාමූහිකය පෙන්වා දෙයි.
තමන්ටම බලපාන කරුණක් සම්බන්ධයෙන් තමන්ම විනිසුරුවරයෙකු නොවිය යුතුය (Nemo judex in causa sua) යන ස්වභාවික යුක්ති මූලධර්මය මෙහිදී අභියෝගයට ලක්විය හැකි බවත්, පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් පසුව "අවශ්‍යතාවය පිළිබඳ න්‍යාය" (Doctrine of Necessity) පදනම් කරගෙන තීරණ ගැනීමට සිදුවීම බරපතල ව්‍යවස්ථාමය ගැටලුවක් බවත් එම නිවේදනයේ දැක්වේ.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්