News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති ලේකම් වරායෙන් කන්ටේනර් පන්නලා අහුවෙලා.. හැබැයි ඒක යටගහගෙන ඉන්නවා.. - නාමල් රාජපක්ෂ

Aug 23, 2026 at 07:56 AM
|

ජනාධිපතිතුමා හොරු අල්ලන එක ගැන කතා කරනවා දැන් ජනාධිපතිතුමාට පුළුවන් තමන්ගේ සද්භාවය පෙන්වන්න ජනාධිපති ලේකම්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් අරගෙන. ජනාධිපති ලේකම්වරයා වරායෙන් කන්ටේනර් පන්නලා අහුවෙලා. හැබැයි ඒක යටගහගෙන ඉන්නවා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා අවංක නම්, අපි බලමු. ජනාධිපතිතුමා අපි බලාගෙන ඉන්නවා ඔබතුමා දැන් ලේකම්ට මොකද කරන්නේ කියලා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ කුලියාපිටියේදී රැස්වීමක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,​

"​මැතිවරණ කාලයේ ජේවීපී එකේ දේශපාලනය කරපු උදවිය මේ ගම් මට්ටම්වලට ඇවිල්ලා, ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවා වෙනුවෙන් සටන් කරපු විදිහ දිහා බැලුවම​අද එදා අසීමිත බලාපොරොත්තු දීලා, ගෙයින් ගෙට ගිහිල්ලා, රටේ ජනතාව රවට්ටපු ආණ්ඩුව අද බලයට ඇවිල්ලා තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නැතුව තවදුරටත් බොරුවෙන්, වංචාවෙන්, දූෂණයෙන්, මර්දනයෙන් තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න උත්සාහ කරනවා.

​අපි ආණ්ඩුවට කියන්නේ, ආණ්ඩුව තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මර්දනයට මේ රටේ ජනතාව නවත්වන්න බැහැ. මේ ගමේ ජනතාව නවත්වන්න බැහැ. මේ ගම්වල ඉන්නේ මර්දනයට මුහුණ දීපු අය. අවුරුදු 30ක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මුහුණ දීපු අය. අභියෝගවලට මුහුණ දුන්නා. ඔබ මේ රටේ හැම අභියෝගයකටම, 88/89 ඉඳන් මුහුණ දීපු අය. ඒ හැම අභියෝගයක්ම ජයග්‍රහණය කරන්න ඔබට ආත්මශක්තිය තිබ්බා. ඒ හින්දා මේ ගම්වල ජනතාව මර්දනයට බය වෙන්නේ නැහැ.

​ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නය යටගහන්න පුළුවන්, උපාධිධාරියාගේ ප්‍රශ්නය යටගහන්න පුළුවන්, තරුණයාගේ ප්‍රශ්නය යටගහන්න පුළුවන්, ඒ ගැන කතා කරන, ඒ ගැන ප්‍රශ්න කරන, ආණ්ඩුවට අභියෝග කරන මන්ත්‍රීවරු වෙනවා නම්, මහා සංඝරත්නය වෙන්න පුළුවන්, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්, සිවිල් සංවිධානවල පුද්ගලයෙක් වෙන්න පුළුවන්, මාධ්‍යවේදී සහෝදරයෙක් වෙන්න පුළුවන්, පොලීසිය පෙන්වලා බය කරන්න පුළුවන් කියලා...

​පොලීසිය පෙන්වලා බය කරන්න පුළුවන් කියලා ආණ්ඩුවට වැරදිලා.

​අද ගමට එනකොට ගොවියා දැවැන්ත අපහසුතාවයකට මුහුණ දෙනවා. නගරයට යනකොට බත් කන දෙමාපියෝ දැඩි අපහසුතාවයකට මුහුණ දෙනවා. වී මිල අඩුයි, එක පැත්තකින් හාල් මිල වැඩියි. බලයට ආවේ නැහැ, එක පෑන් පාරෙන් වැඩේ කරනවා කිව්වා. දැන් පෑනේ තීන්ත ඉවරද දන්නෙත් නැහැ. තීන්ත ඉවර වෙලා. අත්සන් කළාට වදින්නේ නැහැ. වදින්නෙම රූවීටර් එක. මැකිලා! ​එදා ආවේ එක පෑන් පාරෙන් ගොවියා රකිනවා කියලා. රැක්කාද? නැහැ. ​උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වා. දුන්නාද? නැහැ.

​ලක්ෂ 12ට කාර් එකක් දෙනවා කිව්වා. මං දැක්කා ඒ මහත්තයා පාර්ලිමේන්තුවේ අහනවා "කෝ රාවණා බලයේ හාමුදුරුවෝ?" කියලා. මං කිව්වා "ඉන්නවා" කියලා. මං ඉන්නකොට අහන්නේ නැහැ. මං යනකන් ඉඳලා අහනවා. මං යනකන් ඉඳලා අහනවා "කෝ නාමල්?" කියලා. ඉතින් මම ගිහිල්ලානේ. ඉන්නකොට නැහැ!

​ඒ හින්දා අපි ආණ්ඩුවටත් කියන්නේ, කරුණාකරලා ඔය මර්දනය පැත්තකින් තියලා මේ රටේ ජනතාවට වැඩ කරන්න. අද අසීමිත බදු බරක්. අද තරුණ ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් මුණගැසුණා. ඔවුන්ට තියෙන මේ බදු ප්‍රතිපත්තියත් එක්ක, මේ තියෙන අසීමිත බදු බරත් එක්ක ව්‍යාපාර කරගෙන යන්න බැහැ. දිනෙන් දින විදුලි බිල වැඩි කරනවා, තෙල් මිල වැඩි කරනවා. ඇයි ඒ? ආණ්ඩුව පාලනය ගිලිහුණු ගෙනැල්ලා වෙච්ච පාඩුව මකාගන්න ජනතාව පිට පීඩනය දානවා.

ආණ්ඩුවේ හොරකම්වලින් රටට වෙච්ච පාඩුව මකාගන්න මොකද්ද කරන්නේ? බදු වැඩි කරලා ජනතාවගෙන් ඒක පියවගන්නවා. ​ජනාධිපතිතුමා හොරු අල්ලන එක ගැන කතා කරනවා, සත්භාවය ගැන. දැන් ජනාධිපතිතුමාට පුළුවන් තමන්ගේ සද්භාවය පෙන්වන්න ජනාධිපති ලේකම්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් අරගෙන. ජනාධිපති ලේකම්වරයා වරායෙන් කන්ටේනර් පන්නලා අහුවෙලා. හැබැයි ඒක යටගහගෙන ඉන්නවා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා අවංක නම්, අපි බලමු. ජනාධිපතිතුමා අපි බලාගෙන ඉන්නවා ඔබතුමා දැන් ලේකම්ට මොකද කරන්නේ කියලා.

​මුදල් අමාත්‍යාංශයට ගෙනැල්ලා දාපු පාර්ලිමේන්තුවේ ලේකම් කෙනෙක්, මුදල් අමාත්‍යාංශයට ගෙනැල්ලා දාපු ලේකම්වරයා ආපු දවසේ ඉඳන් හැකර් කෙනෙක් පනිනවා මුදල් අමාත්‍යාංශයට. හැමදාම හැක් කරනවා. තැපැල් එකත් හැක්, මුදල් අමාත්‍යාංශයත් හැක් කරලා. "කෝ සල්ලි?" කියලා අහපුවාම ගෙනිච්ච කෙනෙක් නැහැ. හැබැයි අන්තිමට මොකද කියන්නේ?ඒ පාඩුව පියවන්න රටේ ජනතාවගේ බදු බර වැඩි කරනවා. පනින්නේ කොහෙන්වත් නැති හැකර් කෙනෙක්. ගෙවන්නේ ජනතාව. හැබැයි හැකර් පනින එකක් කවුද දන්නේ?"

මුදල් අමාත්‍යාංශයට දේශපාලන පත්වීමක් දීලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්කරගෙන, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පක්ෂයෙන් ගෙනැල්ලා දාපු දවසේ ඉඳන්. එදා ඉඳන් පෞද්ගලික අංශයේ බැංකුවල මුදල් අතුරුදහන් වෙනවා. ​ඒවා පිටිපස්සේ ඉන්න මහා මොළකරුවෝ හොයන්න හම්බවෙන්නේ නැහැ. ආණ්ඩුව මේවා හොයන්න ඕනේ, යටගහන්න බැහැ.

​හැබැයි දැන් ආණ්ඩුවේ ලේසිම කාරණය මොකද්ද? බන්කරේ ගාර්ඩ් දෙන්නෙක් ගහගත්තත් ෂුවර් එකට මේක නාමල්ගේ වැඩක් කියනවා ලේසිම දේ ඒක.වී මිල අඩු වුණොත්, නාමල් ගේමක් ගහලා වගේ වී මිල අඩු වෙලා තියෙනවා කියනවා. හැම එකම මෙහෙමයි.

​දැන් ආණ්ඩුවට අපි කියන්නේ කරුණාකරලා දැන් ඔය භීතිකාව පැත්තක තියලා වැඩ කරන්න පටන් ගත්තොත් හොඳයි. මොකද ආණ්ඩුව හිතන් ඉන්නවා නම් අපිට... නේද? අපි ඉන්නේ විපක්ෂයේ. අපිට පුළුවන්ද වරායේ කන්ටේනර් 323ක් පන්නන්න? අපිට පුළුවන්ද වරායේ කන්ටේනර් දෙකක් පන්නන්න? ජනාධිපති ලේකම් පන්නපු කන්ටේනර්  කොහොමද අපි පන්නන්නේ? අපි බලයේ හිටපු කාලෙක කන්ටේනර් පැන්නුවේ නැහැනේ. ​දැන් විපක්ෂයේ ඉන්නකොට කොහොමද කන්ටේනර් පන්නන්නේ? කන්ටේනර් පන්නන සංස්කෘතිය හඳුන්වා දුන්නේ ජේවීපී එකෙන්, වරායේ.

​අද සම්පූර්ණයෙන්ම ආණ්ඩුව රටේ ජනතාවට මඩ ගහනවා. මං දැක්කා අර හම්බන්තොට වරායට ලැම්බෝගිනි වගයක් ඇවිල්ලා තියෙනවා. නිකන් හරි අපේ තාත්තා ජනාධිපති වෙලා හිටියා නම් ඔය ලැම්බෝගිනි 14ම මගේ. වෙලාවකට අනුර ලොක්කා ජනාධිපති.මම කියන්නේ නැහැ ඒක එයාගේ කියලා, ඒක එයාගේ නෙවෙයි. කාගෙද කියලා මම දන්නෙත් නැහැ, හැබැයි අනුර ලොක්කාගේ නෙවෙයි.

​අනුර ලොක්කා කිව්වට "නාමල් කොලුවා ලැම්බෝගිනි 14ක්, 18ක් බානවා මම දැක්කා" කියලා මම නම් දැක්කේ නැහැ. මං බොරු කියන්නේ නැහැ. ඒ හින්දා මම කියනවා මේ ලැම්බෝගිනි 14 අනුර කුමාර ජනාධිපතිවරයාගේ නෙවෙයි, එයාගේ දරුවන්ගෙත් නෙවෙයි.

​මේ එදා තනිකර බොරුව හැදුවේ වෛරය, ඉරිසියාව, සමාජයේ වෛරය පැතිරෙව්වේ. ඒ තුළින් උත්සාහ කළා තමන්ගේ දේශපාලනය කරන්න. ඒ හින්දා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, මිත්‍රවරුනි, අපිට වෛරය වැඩක් නැහැ. අපිට ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන් දේශපාලනය කරන්න ඕනේ නැහැ. ප්‍රතිපත්තියක් එක්ක යමු. අපි පැහැදිලිව ඔබේ දරුවාට ගැලපෙන රටක් අපි හදන්න ඕනේ. පක්ෂයක් විදිහට අපි නවීකරණය වෙලා තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා අපි ඉස්සරහට යන්න ඕනේ.

​අපි විශ්වාස කරනවා නූතනත්වය. අපි විශ්වාස කරනවා මේ රටේ නව, ලෝකයේ ප්‍රවණතාවයන් එක්කම මේ රට වෙනස් වෙන්න ඕනේ. සංස්කෘතිය, ආගම, දහම අපි රකින්න ඕනේ. සංස්කෘතිය, ආගම, දහම රකිනවා වගේම, නූතනත්වය කරා යන්න පුළුවන් තාක්ෂණය, වෙළඳපොළ, ආයෝජකයෝ ලංකාවට ගේන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය දැවැන්ත ආර්ථික, සමාජ, දේශපාලන පරිවර්තනයකට සූදානම් වෙච්ච නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එක අපි වගකීමෙන් ඔබතුමන්ලාට කියන්නේ.

සම්බන්ධිත පුවත් | Related News

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.
කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

ප්‍රධාන පුවත්

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.