ජනමත විචාරණයක් නැති බවට ඇමති හර්ෂණගේ ප්‍රකාශයට දිනන දකුණෙන් දැඩි විවේචනයක්..
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අධිකරණ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සහගත තත්ත්වයක් මතුවන බව පවසමින් දකුණු සාමුහිකය සංවිධානය සිය දැඩි විවේචනය පළ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභියෝගයකට ලක් කරමින් පෙත්සම් ගොනු කරමින් පවතින පසුබිමක අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සිදු කළ ප්‍රකාශය හෙළා දකින බවයි.
"කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ" යනුවෙන් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශයට පත් කළ අතර ඒ පිළිබදව වත්මන් රජයේ ස්ථාවරය පැහැදිලිව රට හමුවේ ප්‍රකාශ කරන ලෙස දිනන දකුණ සාමුහිකව ඉල්ලා සිටී.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල පෙත්සම් විභාගයට ලක්කර තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී කැබිනට් අමාත්‍යවරයෙකු මෙවැනි ප්‍රකාශ සිදු කිරීම හරහා ස්වාධීන අධිකරණයට යම් බලපෑමක් කිරීමට උත්සහයක් කරන්නේ ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුවනු බවයි එම සංවිධානය පවසන්නේ.
මීට පෙර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මෙවැනිම ප්‍රකාශයක් සිදුකර ඇති බව පෙන්වන දිනන දකුණ සාමුහිකය , අධිකරණ ක්‍රියාවලියට බලපෑමක් එල්ල වන මෙවැනි ප්‍රකාශයන් සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති