පාදයක නහරයක් පුපුරා සුගීෂ්වර බන්ධනාගාර රෝහලට..
හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් ලෙස සිටි සුගීෂ්වර බණ්ඩාර මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
රුපියල් කෝටි 22කට අධික රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සහ විශ්වාසය කඩකිරීම සම්බන්ධ චෝදනා මත ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙයි.
නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සුගීෂ්වර බණ්ඩාර මහතා මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ඔහුගේ පාදයේ පැවති ‘වෙරිකෝස්’තත්ත්වය උත්සන්න වී නහරයක් පුපුරා යාම හේතුවෙනි.
ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ, මෙම තත්ත්වය හමුවේ නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් දරුණු බැක්ටීරියා ආසාදනයක් වර්ධනය විය හැකි බවයි.
එමගින් පාදය ඉවත් කිරීමට පවා සිදුවීමේ බරපතළ අවදානමක් පවතින බවට නීතිඥවරු අනතුරු අඟවති.
මෙම රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබිණි.
එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ, බන්ධනාගාරගත රැඳවියෙකුගේ අභ්‍යන්තර පරිපාලන හෝ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් සෘජු නියෝග නිකුත් කිරීමට අධිකරණයට නීතිමය බලයක් නොමැති බවයි.
එම බලය බන්ධනාගාර පාලනාධිකාරිය සතු වන්නක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, අදාළ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත සෘජුව යොමු කරන ලෙස නියෝග කළේය.
මෙම නීතිමය ක්‍රියාපටිපාටියෙන් අනතුරුව, උද්ගත වූ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (21) පස්වරුවේ ඔහුව බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
සුගීෂ්වර බණ්ඩාර මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලයේදී විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති