ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක් ඇරඹීමේ සූදානමක්..
බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් වුවද, ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසීම් මුනීර් සමඟ ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු වන දුල්ෆිකාර් බුකාරි ප්‍රකාශ කර සිටි.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉම්රාන් ඛාන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ලබාදුන් නියෝගයෙන් පසුව, රටේ අනාගතය වෙනුවෙන් පවතින දේශපාලන නොසන්සුන්තාව අවසන් කිරීමට තම පක්ෂය සූදානම් බවයි.
73 හැවිරිදි ඉම්රාන් ඛාන්ව පැය 48ක් ඇතුළත පෞද්ගලික රෝහලකට මාරු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට පවසා ඇත්තේ.
ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් නොහොත් PTI පක්ෂයේ ප්‍රකාශක දුල්ෆිකාර් බුකාරි පෙන්වා දෙන්නේ, ඉම්රාන් ඛාන් නිදහස් වුවද රටට හානියක් වන කිසිදු ක්‍රියාවක නිරත නොවන බවයි.
හමුදා නායකත්වය සමඟ ගැටෙනවාට වඩා වේදනාවන් ඉවසමින් රට වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු සූදානම් බවත්, හමුදාපතිවරයා සුබවාදී පියවරක් තබන්නේ නම් පැය 24ක් ඇතුළත සියලු දේශපාලන සිරකරුවන්ට නිදහස හිමිවනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරයි.
කෙසේවෙතත්, විදේශගතව සිටින PTI පක්ෂ නායකයින්ගේ මෙම අදහසට බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන් එකඟ වන්නේ ද යන්න පිළිබඳව දේශපාලන විශ්ලේෂකයෝ සැක පළ කරයි.
මෙම ලිහිල් ප්‍රවේශය හමුවේ වුවද, ඉම්රාන් ඛාන්ට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සහ ඔහුව නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සැප්තැම්බර් 27 වනදා රට පුරා දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්වීමට PTI පක්ෂය තීරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති