අගවිනිසුරු සම්බන්ධයෙන් පැමිණිල්ලක්..
අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට අදාලව කරුණු දෙකක් මුල් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.
එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් 'Fair Comment' නැමති ස්වාධීන ගවේෂණාත්මක මාධ්‍ය ආයතනය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව එම ආයතනය වාර්තා කරයි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම විමර්ශනය සිදු කරන ලෙස 'Fair Comment' ආයතනයේ කර්තෘ ජසීම් ජමීල් විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
අදාළ පැමිණිල්ලි මතු කර ඇති පළමු කරුණ වන්නේ කොළඹ 07, වෝඩ් පෙදෙසේ පිහිටි වටිනා නිවසක් සම්බන්ධයෙන්, වාහන බලපත්‍ර අවභාවිතය සහ වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙනි.
මෙම කරුණු සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගෙන් කරුණු විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හරහා උත්සාහ කළද, ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව එම ආයතනය සඳහන් කරයි.
තමන් කිසිවෙකුට වැරදිකරු ලෙස චෝදනා නොකරන නමුත්, ඉහළ අධිකරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ විවිධ වේදිකාවල පැතිර යන තහවුරු නොකළ තොරතුරු හේතුවෙන් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු වෙමින් පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.
එබැවින්, මෙම කරුණු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා සත්‍යය අනාවරණය කිරීම කොමිසමේ වගකීමක් බව 'Fair Comment' ආයතනය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
- lankacnews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..