යුක්රේනයේ හිටපු ආරක්ෂක ඇමති ජනාධිපතිවරණයක් ඉල්ලයි..
යුක්රේනය තුළ පවතින යුදමය තත්ත්වය හමුවේ වුවද ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා ජනාධිපතිවරණයක් ඇතුළු මැතිවරණ පැවැත්වීමට සුදුසු, නීත්‍යානුකූල හා ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට යුක්රේනයේ හිටපු ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදොරොව් (Mykhailo Fedorov) ඉල්ලීමක් කර තිබේ.
යුක්රේන ප්‍රජාතන්ත්‍රවාදය රුසියාවේ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් වීමට ඉඩ දිය නොහැකි බව, 35 හැවිරිදි ෆෙදොරොව් යූටියුබ් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
2022 රුසියානු ආක්‍රමණයත් සමග පැනවූ යුද නීති තත්ත්වය හේතුවෙන් යුක්රේනයේ මැතිවරණ පැවැත්වීම මේ වන විට අත්හිටුවා ඇත.
මෙම ප්‍රකාශය හරහා ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ පාලනයට ප්‍රබල දේශපාලන අභියෝගයක් එල්ල වී ඇති බව විදේශ මාධ්‍ය පෙන්වා දෙයි.
පසුගිය ජූලි මාසයේදී ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඔහුව හදිසියේ ඉවත් කරන ලද අතර, ඊට එරෙහිව රට තුළ විරෝධතා ද මතුවිය. හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි සමග පැවති මතභේද මෙම ඉවත් කිරීමට හේතු වූ බව පැවසෙයි.
ජනාධිපතිවරයා වෙනත් තනතුරු කිහිපයක් යෝජනා කළද, ඔහු නැවත රජයට එක්වන්නේ නම් ඒ ආරක්ෂක අමාත්‍ය ධුරයට පමණක් බව ෆෙදොරොව් අවධාරණය කර ඇත.
දීර්ඝ කාලීන යුද්ධයක් හමුවේ වුවද ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකෙන පරිදි යථාර්ථවාදී මැතිවරණ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ඔහු මෙමගින් පෙන්වා දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති