නිදහස් සෞඛ්‍ය සේවය සුරැකීමට, සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව වහා යාවත්කාලීන කරන්න.. – GMOA වෙතින් හදිසි ඉල්ලීමක්
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයේ අනාගත පැවැත්ම සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව (Approved Cadre) වහාම විද්‍යාත්මක පදනමක් මත යාවත්කාලීන කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගුණාත්මක රෝගී සත්කාරක සේවාවක් අඛණ්ඩව පවත්වාගෙන යාමට නම්, වර්තමාන සේවා අවශ්‍යතාවලට ගැලපෙන සේවක මණ්ඩලයක් ස්ථානගත කිරීම අත්‍යවශ්‍ය බව එම සංගමය පෙන්වා දෙයි.
මාධ්‍ය නිවේදනය
නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව (Approved Cadre) වහාම යාවත්කාලීන කිරීමේ (Cadre Revision) අවශ්‍යතාවය.
ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතිගත රෝගී සත්කාර සේවාවන් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුල අඛණ්ඩව සහ සමානාත්මතාවයෙන් යුතුව සැපයිමෙහිලා තීරණාත්මක සාධකය වනුයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.
එහිදි, සියලු සෞඛ්‍ය සේවා ස්ථානයන්හි සපයන ලබන සේවාවන්ට අනුරූපව ප්‍රමාණවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ස්ථානගත වීම අනිවාර්ය වේ. මෙම කරුණ සාක්ෂාත් කර ගැනීමේදි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම, බඳවා ගැනීම, ස්ථානගත කිරීම, ඔවුන් පද්ධතිය තුල රැදි සිටීම සහ බලාත්මක කිරීම එකිනෙකට බැදුණු ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගේ අනුමත කාර්ය මණ්ඩල ප්‍රමණය (Approved Cadre) සමස්ත දිවයිනම ආවරණය වන විද්‍යාත්මක හා විශ්ලේෂණාත්මක සංශෝධනයක් (Cadre Revision) දීර්ඝ කාලයක් තිස්සේ සිදු වී නැත.
අවසන් වරට අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩලය යාවත්කාලීන කර ඇත්තේ 2015 වර්ෂයේදිය ඉන් අනතුරුව තෝරාගත් රෝහල් කිහිපයක පමණක් සංශෝධනය කිරීම් සිදු කර තිබුන ද සෞඛ්‍ය සේවාවේ වත්මන් අවශ්‍යතාවයන්ට සහ පුලුල් කිරීම් වලට අනුරූපිව මුලු රටම ආවරණය වන පරිදි අනුමත වෛද්‍ය හෝ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ යාවත්කාලීන වීමක් සිදු වී නැත.
2015 සිට ගෙවුණු දශකය තුල ජනගහණය වැඩිවීම, නව රෝහල් පිහිටුවීම, රෝහල් තුල නව ඒකක පිහිටුවීම, නව විශේෂඥ ක්ෂේත්‍ර සහ උසස් ප්‍රතිකාර සේවා හදුන්වා දීම, සෞඛ්‍ය පද්ධතියේ ව්‍යුහාත්මක වෙනස්කම්, රෝග රටාවන්ගේ වෙනස් වීම, වසංගත සහ ස්වාභාවික ව්‍යසන වැනි කරුණු මත සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙතින් බලපොරොත්තු වන සේවා ඉල්ලුම වේගයෙන් ඉහළ ගොස් ඇත.
එහෙත් එම වෙනස්කම් සහ සේවා පුලුල් කිරීම් වලට සාපේක්ෂව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුලුල් වී නොමැති හෙයින් සෞඛ්‍ය සේවකයින්ට දරා ගත නොහැකි මට්ටමේ රෝගීන් සංඛ්‍යාවක් සහ සේවා ප්‍රමාණයක් ආවරණය කිරීමට සිදු වී ඇත.
2022 වර්ෂයෙන් පසු විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 2500 කට වැඩි පිරිසක් මෙරටට අහිමි වූ තත්ත්වයකදි වුවද මේ වන විට මෙරට අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව එනම් 2015 වර්ෂයේ අනුමත වූ සංඛ්‍යාව සංතෘප්ත වී ඇත.
එහෙත් එම ප්‍රමාණය ශ්‍රී ලාංකීය සෞඛ්‍ය පද්ධතියේ වත්මන් සේවා අවශ්‍යතාවය සපුරාලීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.
අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩලය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය පසුගිය වසර කිහිපය පුරාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සියලු බලධාරීන්ට අවධාරණය කලද එය මෙතෙක් ඉටු නොවීම තුල නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතය දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව ඇත.
අනුමත කාර්ය මණ්ඩලය යාවත්කාලීන කිරීමේ අවසන් තිරණය ගත යුතු කළමණාකරන සේවා කොමිෂන් සභාවද සෞඛ්‍ය සේවාවේ සැබෑ අවශ්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව අපගේ නිරීක්ෂණයයි. ඒ තුල ඉදිරියේදි නවක වෛද්‍යවරුන් බඳවා ගැනීමද අවහිර වී ඇත.
ඒ අනුව මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගත ස්ථායිතාවය රැක ගැනීම වෙනුවෙන්, අනුමත වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යාවත්කාලීන කිරීම වහාම සිදු කල යුතුය. එම ක්‍රියාවලිය හුදෙක් පරිපාලන ක්‍රියාවලියට පමණක් ලඝු නොවු අනාගත දැක්මක් සහිත විද්‍යාත්මක සහ විශ්ලේෂණාත්මක සංශෝධනයක් විය යුතුය.
එහිදි,
1. රෝගීන් සංඛ්‍යාව, සේවා ප්‍රමාණය, ක්‍රියාපටිපාටි, පරීක්ෂණ, සේවාවේ සංකීර්ණත්වය සහ පැය 24 පුරා අඛණ්ඩව සපුරන සේවා අවශ්‍යතා සැලකිල්ලට ගත යුතුය.
2. පසුගිය දශකය තුළ සිදුවූ සෞඛ්‍ය සේවා පුළුල් කිරීම්, නව ඒකක හා ආයතන පිහිටුවීම් සහ නව විශය සහ විශේෂඥ ක්ෂේත්‍ර පිහිටුවීම් සැලකිල්ලට ගත යුතුය.
3. විදේශගත වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු හඳුනා ගනිමින් ඒ සඳහා සුදුසු මානව සම්පත් සැපයීමට කටයුතු කල යුතුය.
4. සෞඛ්‍ය සේවාවේ ඉදිරි අභියෝග, පුලුල් කිරීම් සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතුලත් කර ගත යුතුය.
5. තත්ත්ව වැඩිදියුණු කිරීම සහ රෝගී ආරක්ෂාව සඳහා අවශ්‍ය මානව සම්පත් සහතික කල යුතුය.
ඉහත කරුණු පදනම් කර ගනිමින් අදාල පාර්ශවයන්ගේ සාකච්ඡාව සහ එකඟතාවය සහිතව සෞඛ්‍ය සේවාවේ සමස්ථ කාර්ය මණ්ඩලයේ අනුමත සේවක ප්‍රමාණය වහාම යාවත්කාලීන විය යුතුය. එමෙන්ම ඉදිරියේදී මෙවැනි දීර්ඝ කාලීන ප්‍රමාදයක් ඇති නොවන පරිදි ක්‍රමවත් ලෙස අනුමත කාර්ය මණ්ඩලය සේවා අවශ්‍යතාවයන් අනුව සමාලෝචනය වන ක්‍රමවේදයක් ස්ථාපිත කල යුතුය.
ශ්‍රී ලංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ස්ථායිතාවය තහවුරු කිරීම වෙනුවෙන් සේවා අවශ්‍යතාවයන් සැපයීමට ප්‍රමාණවත් ගුණාත්මක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පද්ධතිය තුල අඛණ්ඩව පවත්වා ගැනීම අනිවාර්ය කරුණක් වන අතර ඒ වෙනුවෙන් වහාම අනුමත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යාවත්කාලීන නොවන්නේ නම් මෙරට රෝහල් පද්ධතිය ඉදිරියේදි ස්ථාවරව පවත්වා ගැනීම දැඩි අභියෝගයක් බවට පත් වනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..