News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' බව කී නවුෆර් මවුලවි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කිව්වේ මොනවා ද?

Aug 19, 2026 at 05:40 AM
|

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවෝ සඳුදා (අගෝ: 17) විත්ති කූඩුවේ සිටිමින් තම විත්ති වාචක ඉදිරිපත් කළහ.

ඒ අනුව, අදාළ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන මොහොම්මදු ඊබ්‍රහීම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිටිමින් පැය දෙකකට ආසන්න කාලයක් සිය විත්ති වාචක ඉදිරිපත් කළේ ය.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙයි.

මෙම නඩුකරයට අදාළ පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීම් පසුගිය සතියේ අවසන් කෙරුණු අතර ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ විත්ති වාචක සහ විත්තියේ සාක්ෂි කැඳවීම අගෝස්තු 17 වන දා සිට ආරම්භ කිරීමට අධිකරණය නියම කර තිබිණි.

'සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා'

ඒ අනුව මෙම නඩුවේ ප්‍රථම විත්තිකරු වන නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් "ස්වාමීනි.... මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා, පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, වස්තුන්, ඉන්සාබ්, ඉල්හාම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නව දෙනෙකු සමග තමන් එක්ව ජාතික එකමුතුව බිඳ හෙළමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට. ඒ වගේ ම තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා, අන්තවාදී හා ත්‍රස්තවාදී දේශන පවත්වමින් ජාතීන් අතර එකමුතුව හා සංහිඳියාව බිඳ හෙළමින් කටයුතු කළ බවට. එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහි මේ නඩුව තුළින් චෝදනා 940ක් එල්ල කර තිබෙනවා. මේ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා," යනුවෙන් සඳහන් කළේ ය.

වැඩිදුරටත් සිය විත්ති වාචකය ඉදිරිපත් කළ විත්තිකරු, "පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දින සවස කැකුණගොල්ලේ සිට කාත්තන්කුඩියේ පිහිටි තම බිරිඳගේ නිවසට පිටව යමින් සිටි අවස්ථාවේදී දඹුල්ලේදී පොලිසිය මාව අත්අඩංගුවට ගත්තා. ඉන්පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මාව භාර දුන්නා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ මාව වසර එක හමාරක් පමණ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටියා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ ගණනාවක් සටහන් කර ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගන්නේ අමුතු ම ආකාරයකට. මුලින් ම ප්‍රකාශ සටහන් කර ගන්නවා. පසුව මුද්‍රණය කළ ප්‍රකාශ අඩංගු ලේඛනවලට අත්සන් ලබා ගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී මට පහරදීම් සිදු වුණා. ඒ පිළිබඳව මුලින් ම අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මම ඒ පිළිබඳව පැමිණිලි කළා. මගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කර ගත් පාපොච්චාරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනියි. එය මා ස්වේච්ඡාවෙන් කළ පාපොච්චාරණයක් නෙවෙයි. එම පාපොච්චාරණය සඳහන් මුහම්මදු නවුෆර් යන මගේ නම හැර අන් සියල්ල ම අසත්‍ය කරුණු. එම පාපොච්චාරණය සටහන් කර ගත් බව කියන විජිත පෙරේරා නමැති නිලධාරියා මා දන්නේවත් නැහැ. ISIS ත්‍රස්ත සංවිධානයට සහය පළ කරමින් මා මුහුණු පොතේ පළකිරීම් සිදු කර තිබූ බවට කර තිබූ චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. මා කිසිදු අවස්ථාවක එම සංවිධානයට සහය පළ කරමින් කටයුතු කළේ නැහැ. මුස්ලිම්වරු ඊට සම්බන්ධ නොවිය යුතු බවට මා මගේ දේශනවලින් සඳහන් කර තිබුණා,"යනුවෙන් සඳහන් කළේ ය.

'සහරාන්ගේ NTJ සංවිධානය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර තිබුණා'

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට මුල් වූ බව කියන සහරාන් හෂිම් සමග පැවති සම්බන්ධතා පිළිබඳව ද විත්තිකරු විසින් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබිණි. "ස්වාමීනී... 2005 සහ 2006 වසරවල "දූරුල් අදර්" නමැති සංවිධානයේ සහරාන් හෂිම් කටයුතු කළා. පසුව සහරාන් හෂීම් එම සංවිධානයෙන් ඉවත් වී ජාතික තව්හීද් ජමාත් සංවිධානය නිර්මාණය කළා. මම එම සංවිධානයට විරුද්ධව යි හිටියේ. පසුව මා කටාර් රාජ්‍යයට පිටත්ව ගියා. කටාර්හි සිටින කාලයේ මම එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය ගැන නිරීක්ෂණය කරමින් සිටියා. සහරාන්ගේ NTJ සංවිධානය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර තිබුණා. ලේ දන්දීම වැනි ප්‍රජා සේවාවන් ඉටු කිරීමේ අරමුණින් තමයි එය ක්‍රියාත්මක වුණේ. 2015 සහ 2016 කාලසීමාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී ක්‍රියාකාරකම් මුදා හැර තිබුණා. මුස්ලිම් ජනතාවගේ දේපළවලට ප්‍රහාර එල්ල වුණා. ඉස්ලාමීය දේවස්ථානවලට අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් හානි සිදුවුණා. ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීම සිදුවුණා. මුස්ලිම් ජාතිකයින්ගේ පරිශ්‍රවලට ඌරු මස් විසි කිරීම සිදුවුණා. කුලියාපිටිය ප්‍රදේශයේ ඌරෙකුගේ රුව රැගත් පෙළපාළියක් ගමන් කළා. මේ සියල්ල සිදුවුණේ මහ දවල් පොලිසිය සහ ආරක්ෂක අංශවල ඇස් ඉදිරිපිට යි. නමුත් ඒවා වැළැක්වීමට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ කිසි ම පියවරක් ගත්තේ නෑ."

"මේ පිළිබඳව මා ගැඹුරු සොයා බැලීමක් සිදු කළා. එහිදී මා තේරුම් ගත්තා මෙය සාමාන්‍ය සිංහල ජනයාගේ ක්‍රියාවක් නෙවෙයි. රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන බෞද්ධ අන්තවාදී පිරිසකගේ ක්‍රියාවන් බවට පෙනී ගියා. එම ක්‍රියා පිටුපස රාජ්‍ය අනුග්‍රහය සහිත දේශපාලන හස්තයක් තිබෙන බව මට තේරුම් ගියා. මේ පිළිබඳව ඉස්ලාමීය මවුලවිවරයකු වශයෙන් මුස්ලිම් ජනතාව දැනුවත් කළ යුතු යැයි මා කල්පනා කළා. ඉස්ලාම් ජනතාව තම ආගමික පිළිවෙත් නිසි පරිදි පිළි නොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත් මා කල්පනා කළා." ඒ අනුව තමන් ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග එක්ව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකළ බවත් විත්තිකරු ප්‍රකාශ කර සිටියේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ විත්තිකරු, "2007 වසරේ සිට 2017 වසර දක්වා කාල සීමාව තුළ සහරාන් හෂීම් සමග මගේ කිසි ම සම්බන්ධතාවක් තිබුණෙ නෑ. නමුත් සහරාන් විවාහ වී සිටියේ මගේ ඥාති කාන්තාවක සමග යි. ඒ අනුව සහරන් මා දැනගත්තා. ඔහුගේ සහෝදරයා රිල්වාන්වත් මා දැන සිටියා. නමුත් පාස්කු ප්‍රහාරයට මගේ කිසි ම සම්බන්ධයක් නෑ," යනුවෙන් විත්තිකරු පැවසීය.

වැඩිදුරටත් විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කළ විත්තිකරු, "ස්වාමීනි... මෙම නඩුවේදී 'අනාස්' නමැති පුද්ගලයෙකු සාක්ෂි ලබා දුන්නා. ඔහු සඳහන් කර සිටියා නුවරඑළිය සහ හම්බන්තොට පැවති "බයාන්" නමැති ආගමික දේශනවලදී ආයුධ ගෙන සටන් කළ යුතු බව මා ප්‍රකාශ කළ බවට, "ජිහාද්" පිළිබඳව දේශනා කළ බවට. ස්වාමීනී... ජිහාද් කියන්නේ "අසීරුවෙන් කරන සෑම ක්‍රියාවක් ම" යන්නට යොදන වචනයක්. ඒ යටතේ ආයුධ සන්නද්ධ අරගලයක් කිරීමට අවස්ථා දෙකක් තිබෙනවා. මුස්ලිම් රාජ්‍යයක් පවතින අවස්ථාවක එහි පාලකයාට හැකියාවක් තිබෙනවා වෙනත් ප්‍රදේශයක් ආගමේ නාමයෙන් ආක්‍රමණය කිරීමට සන්නද්ධ අරගලයක් දියත් කිරීමට. දෙවන අවස්ථාව තමයි ආත්මාරක්ෂාව වෙනුවෙන් අවි අරගලයක් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ ගැන තමයි මම එම දේශනවලදී පුළුල් පැහැදිලි කිරීමක් කළේ. නමුත් මේ සාක්කිකරු එම පුළුල් දේශනයේ "ආයුධ සන්නද්ධ අරගලයක් කළ යුතු බවට" මා ප්‍රකාශ කළේ යැයි තෝරාගත් කොටසක් පමණක් ඉදිරිපත් කරමින් සාක්ෂි දී තිබෙනවා. ඒක සම්පූර්ණයෙන් ම වැරදි යි. මා ප්‍රකාශ කළේ එවැනි අදහසක් නෙවෙයි. ඒ පිළිබඳව මගේ නීතිඥවරු හරස් ප්‍රශ්න විමසූ අවස්ථාවේදී අනාස් නමැති සාක්ෂිකරු ඊට පිළිතුරු දීම මග හැර ගියා. මා දේශන පැවැත්වූ අවස්ථාවලදී අවි පුහුණුව, IS කොඩිය ප්‍රදර්ශනය කිරීම, IS ප්‍රතිඥාව ලබාදීම (බයියත්), ස්වයං ඝාතක ප්‍රහාරකයින් සහ සාමාන්‍ය ප්‍රහාරකයින් තෝරා ගැනීම වැනි ක්‍රියා සිදුවුණේ නෑ," යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

'චෝදනාවලින් මා නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා'

වැඩිදුරටත් අධිකරණය හමුවේ සිය විත්ති වාචකය ඉදිරිපත් කළ විත්තිකරු, "ස්වාමීනී .... මා සහරාන් හෂීම්, රිස්වාන් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සමග එක්ව පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය කළ බවට හෝ සැලසුම් කළ බවට කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් වෙලා නැහැ. මා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මගේ ජංගම දුරකතනයත් පොලිසිය භාරයට ගෙන විමර්ශන සිදු කෙරුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් වෙලා නෑ. වත්තල ප්‍රදේශයේදී සහරාන් හෂීම් තමන්ට 9mm ගිනි අවියක් ලබාදුන් බවට පොලිසිය විසින් ප්‍රකාශ කරලා තිබුණත් ඒ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. ඒ වගේ ම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන්, රිල්වාන්, ඉන්සාබ්, ඉල්හාම් වැනි මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග තමා සම්බන්ධතා පැවැත්වූ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමටත් පැමිණිල්ල සමත් වෙලා නැහැ. මේ නඩුවෙන් චෝදනා එල්ල කරලා තිබෙන කාලසීමාවේ ශ්‍රී ලංකාවේ කොහොමත් ජාතික සංහිඳියාවක් තිබුණේ නෑ. සංහිඳියාවක් තිබුණේ නැත්නම් මා ඒක උල්ලංඝනය කරන්නේ කොහොම ද?, ස්වාමීනි. ඒ අනුව මෙම චෝදනාවලින් මා නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් විත්තිකාර නවුෆර් මවුලවි සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් සඳහන් කළේ ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනු කර තිබේ.

- BBC සිංහල

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.