News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධිකරණයට..

Aug 18, 2026 at 10:53 AM
|

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මීට සුලු මොහොතකට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, තම කාර්යය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 04 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධන හලක සේවයේ යොදවා ගනිමින් ද, තවත් සේවකයෙක් තනතුරට අදාළ වෙන් කර තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා ගැනීමකින් තොරව එම සේවකයන් වෙත රජයෙන් රු.2,768,836.14 ක වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මතයි ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ.

මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන හිටපු ඇමති අකිලගේ ඉන්ධන පිරවුම් හලේ සේවකයාද අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

එම සැකකරු ද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන එනු ලැබීය.

සිද්ධියට අදාල නඩුව කැඳවිමට නියමිතයි.

සම්බන්ධිත පුවත් | Related News

2026 ජුනි 29 සිට ජූලි 31 දක්වා ජැමෙයිකාවේ කිංස්ටන් නුවරදී ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරියේ (International Seabed Authority – ISA) වැනි සැසිවාරයේ දෙවැනි කොටස පැවැත්විණු අතර මෙම සැසිවාරයට රුසියානු අන්තර්රාජ්‍ය නියෝජිත කණ්ඩායමක් සහභාගී විය.
චීනයේ බීජිං නුවරදී පසුගිය 17 වනදා චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මියාඕ ඩෙයූ සමඟ පැවති හමුවකදී ජ්‍යෙෂ්ඨ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීවරයා පවසා සිටියේ ඉරාන–චීන සබඳතා ගොඩ නැගී ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය මත බවයි .
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන හලේ සේවකයා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මහීල් සේනාරත්න අල්ලස් කොමිසම විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින ශිරාන් බාසික් නමැත්තා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් පොලිසිය පළ කරන අදහස් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා පවසයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සඳහා අලුතින් බඳවා ගන්නා ලද වේලාසටහන්කරුවන් 18 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විසින් පැවසුවේ මෙම වේලාසටහන්කරුවන් විශ්‍රාම යන්නෙත් මාලිමා රජය යටතේම බවයි.

ප්‍රධාන පුවත්

ඉරාන–චීන සබඳතා ගොඩ නැගී ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය මතයි- ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සහ නීති හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කසෙම් ඝරිබාබාදි

චීනයේ බීජිං නුවරදී පසුගිය 17 වනදා චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මියාඕ ඩෙයූ සමඟ පැවති හමුවකදී ජ්‍යෙෂ්ඨ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීවරයා පවසා සිටියේ ඉරාන–චීන සබඳතා ගොඩ නැගී ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය මත බවයි .

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට..

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

චීන හිටපු ජනාධිපති චියං ත්ස-මින් ගේ ජන්ම සංවත්සර සමරුව..

චීන මහජන ජනරජයේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ චියං ත්ස-මින් (江泽民, Jiang Zemin) මහතාගේ ජන්ම සංවත්සරය (අගෝස්තු 17) වෙනුවෙන් තබන ලද සටහනකි.

වසර අගදී එල් - නිනෝ ප්‍රබල වෙයි.. වසර 75කට පසු ලංකාවට දරුණු අවදානමක්..

මේ වසර අගවනවිට එල් - නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල් - නිනෝ තත්ත්වයක්වීමේ සම්භාවිතාව සියයට 90ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගෝලීය ආතතිය ඉහළට.. රුසියානු ප්‍රහාර දැඩි වෙයි.. මැදපෙරදිගින් නව ආරක්ෂක සන්ධානයක්.. - ලෝක දේශපාලනය උණුසුම් කළ සතියේ ප්‍රධාන සිදුවීම් මෙන්න..

සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කර ඇති අතර, එය මැදපෙරදිග කලාපීය බල සමතුලිතතාව කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානි කිරීමක්ද?.. - නීතිඥ රාජා ගුණරත්නගෙන් නීතිමය විග්‍රහයක්

ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව මේ දිනවල ප්‍රසිද්ධ සංවාදයක් නිර්මාණය වී ඇති පසුබිමක විශ්‍රාමික වයස දීර්ඝ කිරීම වැනි සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමේදී මතු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නීතිමය ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් විශේෂ නීතිමය විශ්ලේෂණයක් සිදු කර තිබේ.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5කට 15%කින් පහළට..

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වන ජනතා අනුමැතිය පසුගිය මාස පහක කාලය තුළ 15%ක සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කර ඇති බව වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සිදුකල නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

දකුණු කොරියාවට කිම් සමඟ ඇති “ඉතා යහපත් සබඳතාව” ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කනගාටුවට හේතුවෙලා

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ දකුණු කොරියාවට ඇති “ඉතා යහපත් සබඳතාව” හේතුවෙන්, දකුණු කොරියාව සමඟ පවත්වන ඒකාබද්ධ හමුදා අභ්‍යාස සැලකිය යුතු ලෙස සීමා කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්ටගනයට නියෝග කර තිබේ.

මහනාහිමිවරු විරුද්ධයි.. නීතීඥ ප්‍රජාව විරුද්ධයි.. ජනතාව විරුද්ධයි.. ජාත්‍යන්තරය විරුද්ධයි.. මේ කවුරු විරුද්ධ වුණත් රජය 22 ගේන්න අවදානම ගන්නවාලු..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට පීඩිත ජනතාව වෙනුවෙන් නොව, ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ දේශපාලන ආයු කාලය දීර්ඝ කර ගැනීමේ තුච්ඡ අරමුණින් ගෙන එන්නක් බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජපානයේ යටත් වීමෙන් වසර 81කට පසු: ආසියාව සැබවින්ම මිලිටරිවාදයේ සෙවණැල්ලෙන් ඔබ්බට ගොස් තිබේද?

2026 අගෝස්තු 15 වැනිදා දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වීමේ 81 වැනි සංවත්සරය සනිටුහන් විය. එය ජපානය ආසියාව පුරා ගෙන ගිය විනාශකාරී ආක්‍රමණකාරී යුද්ධය අවසන් කළ සහ කලාපයේ නූතන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ඓතිහාසික අවස්ථාවකි.

යුක්රේනය සතු Patriot මිසයිල තොග අවසන් වීමත් සමඟ බිම දැමූ රුසියානු මිසයිල දත්ත ප්‍රකාශයට පත් කිරීම අත් හිටුවයි!

යුක්රේන නිලධාරීන් උපුටා දක්වමින් Financial Times පුවත්පත සෙනසුරාදා(15) වාර්තා කළේ, රුසියානු මිසයිල බිම දැමීමට යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිවලට නොහැකි වීම හේතුවෙන්, එම පද්ධති මගින් විනාශ කළ රුසියානු මිසයිල සංඛ්‍යාව වාර්තා කිරීම යුක්රේන ගුවන් හමුදාව නතර කර ඇති බවයි.

22ට එරෙහිව නඩු වැලක් එයි.. දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකතුවී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම අරඹයි..

උපරිමාධිකරණයන්හි විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම වෙනුවෙන් සැකසූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂය, සිවිල් සංවිධාන සහ පුද්ගල වශයෙන් පෙත්සම් රැසක් ගොනු කිරීමට කටයුතු කරමින් සිටී.

දෙවන ලෝක යුද්ධයේ කොන්දේසි විරහිත යටත්වීමේ 81 වැනි සංවත්සරයේදී යසුකුනි යුද සිද්ධස්ථානය වන්දනා කළ ජපාන දේශපාලනඥයන්ට චීනයෙන් දැඩි විරෝධය

යසුකුනි යුද සිද්ධස්ථානය සම්බන්ධයෙන් ජපානය විසින් ගෙන ඇති අහිතකර ක්‍රියාමාර්ග පිළිබඳව චීනය දැඩි කනගාටුව පළ කරන අතර, ජපානයට එරෙහිව බරපතළ විරෝධතාවක් ඉදිරිපත් කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද(15) ප්‍රකාශ කළේය.

බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.