ඩොලර් බිලියන ගණන් රට පැන්නූ බැංකු හතරක මැනේජර්ලා මෙන්න..
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස මෙරටින් පිටකිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා ලැබූ දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික වාණිජ බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු ලබන අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ පහත සඳහන් නිලධාරීන්ය.
- සම්පත් බැංකුව - උමේෂ් රන්දික
- සෙලාන් බැංකුව - ශිරාන් මාරියෝ
- යූනියන් බැංකුව - ධර්මලිංගම් ප්‍රසාන්ත්
- NDB - අමිල උදාර
ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් සැබැවින්ම ආනයනය නොකර, කොටුව ප්‍රදේශයේ පිහිටි මුදල් හුවමාරු ආයතනයක් මාර්ගයෙන් විදේශ විනිමය රටින් පිටකර ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇත. බැංකු පහසුකම් අවභාවිත කරමින් සහ වංචාසහගත ලෙස මෙරට විදේශ සංචිතවල පැවති ඩොලර් මිලියන ගණනින් විදේශයන් වෙත යැවීමට මොවුන් කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි.
මෙම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප හිමිවුවහොත් එය විමර්ශනවලට දැඩි බාධාවක් වන බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..