ඩොලර් බිලියන ගණන් රට පැන්නූ බැංකු හතරක මැනේජර්ලා මෙන්න..
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස මෙරටින් පිටකිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා ලැබූ දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික වාණිජ බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු ලබන අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ පහත සඳහන් නිලධාරීන්ය.
- සම්පත් බැංකුව - උමේෂ් රන්දික
- සෙලාන් බැංකුව - ශිරාන් මාරියෝ
- යූනියන් බැංකුව - ධර්මලිංගම් ප්‍රසාන්ත්
- NDB - අමිල උදාර
ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් සැබැවින්ම ආනයනය නොකර, කොටුව ප්‍රදේශයේ පිහිටි මුදල් හුවමාරු ආයතනයක් මාර්ගයෙන් විදේශ විනිමය රටින් පිටකර ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇත. බැංකු පහසුකම් අවභාවිත කරමින් සහ වංචාසහගත ලෙස මෙරට විදේශ සංචිතවල පැවති ඩොලර් මිලියන ගණනින් විදේශයන් වෙත යැවීමට මොවුන් කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි.
මෙම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප හිමිවුවහොත් එය විමර්ශනවලට දැඩි බාධාවක් වන බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්