පඳුරු අස්සේ හැංගිලා වැරදි කරන රියැදුරන් අල්ලන්න යන්න එපා.. – මාර්ග ආරක්ෂක දිසාව භාර නි. පොලිස්පති
මාර්ග රථවාහන වරදක් සම්බන්ධයෙන් වාහනයක් නතර කිරීමට අවශ්‍ය වූ විට පොලිස් නිලධාරීන් වෙනත් මාර්ග පරිශීලකයන්ට පැහැදිලිව පෙනෙන ස්ථානයක සිට විනිවිදභාවයෙන් සහ වෘත්තීය මට්ටමින් එම මෙහෙයුම සිදු කළ යුතු බවත්, හුදෙකලා ස්ථානවල හෝ පඳුරු අස්සේ සැඟවී සිටිමින් රියැදුරන් නතර කිරීමට උත්සාහ නොකළ යුතු බවත් රථවාහන සහ මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා අවධාරණය කරයි.
මහජනතාවට සැකයක් ඇතිවන පරිදි අත්තනෝමතික ලෙස වාහන නතර කිරීම හෝ මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙහෙයුම් නොකළ යුතු බවත්, පාරිසරික වශයෙන් මහජනතාවට පෙනෙන බස් නැවතුම්පොළක් වැනි සුදුසු ස්ථානයක දී පමණක් වාහන නතර කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
රියැදුරන් කිසිදු හේතුවක් මත පොලිස් නිලධාරින්ට ඍජුව මුදල් ලබා නොදිය යුතු අතර දඩ මුදල් ගෙවිය යුත්තේ තැපැල් කාර්යාල වැනි නීත්‍යනුකූල මාර්ග හරහා පමණක් බවද, මාර්ගයේ දී ලබා දෙන අල්ලස් දීම් හෝ ගැනීම් බරපතළ වරදක් බවද හෙතෙම සඳහන් කළේය.
දඹුල්ල අධිවේගී මාර්ග ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරියකු අල්ලස් ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා ශීඝ්‍රයෙන් සංසරණය වීමත් සමග හෙතෙම එලෙස සඳහන් කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකාර පොලිස් නිලධාරියා රථවාහන රාජකාරිවලින් ඉවත් කර වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යවා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා හමුවේ ශ්‍රී ලංකා පොලිසිය කිසිදු නම්‍යශීලීතාවයක් නොදක්වන බවත් වරදකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ දැඩි තීන්දු ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති