හිරිකැටිය කෑම කඩයක් මුවාවෙන් පවත්වාගෙන ගිය අනීතික ඊශ්‍රායල ආගමික ස්ථානයකට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන් දැවැන්ත විරෝධයක්..
හිරිකැටිය ප්‍රදේශයේ කෑම කඩයක් මුවාවෙන් පවත්වාගෙන ගිය අනීතික ඊශ්‍රායල ආගමික ස්ථානයකට විරුද්ධව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
මුලින් කෑම කඩයක් විදිහටත්, පසුව චැබඩ් හවුස් යනුවෙන් හැඳින්වෙන ඊශ්‍රායල ප්‍රජා මධ්‍යස්ථානයක් ලෙසත් පවත්වාගෙන ගිය ස්ථානය පසුව සිනගොග් synagogue නමින් හැඳින්වෙන ඊශ්‍රායල ආගමික ස්ථානයක් බවට ඔවුන් ප්‍රසිද්ධියේ හඳුන්වනු ලැබීය.
ඊශ්‍රායල සංචාරකයන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය අනෙක් අයට පීඩාකාරී බව ගම්වාසීන් මෙහිදී ප්‍රකාශ කරයි.
මෙවන් ආගමික ස්ථාන නිසා ඊශ්‍රායල ජාතික සංචාරකයන් ප්‍රදේශයට වැඩි වැඩියෙන් ඒමට ඉඩ ඇති බවත්, ඒ හරහා අනෙක් සාමකාමී සංචාරකයන් බියට පත්වී හිරිකැටිය සංචාරක කලාපයට හානි වීමේ අනතුර නිසා මේ උද්ඝෝෂණය පැවැත්වූ බවත් ඊට සහභාගී වූ නිල්වැල්ල සහ දික්වැල්ල ගම්වාසීන් සහ ස්වාමීන් වහන්සේලා උද්ඝෝෂණය අතරදී පැවසුහ.
විශේෂයෙන්ම IDF සේවයේ බිහිසුණු අපරාධ වලට දායකව මානසික අස්ථාවර තත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන සමහර ඊශ්‍රායල් සංචාරකයන් පුරවැසියන් හා අනෙකුත් සංචාරකයන් හා ඇති කරගන්නා ගැටුම් බලධාරීන්ට වාර්තා කලද ඒ සම්බන්ධව වැඩිදුර ක්‍රියාකරන බවක් නොපෙනේ. ශ්‍රී ලංකාවේ නීති වලට පිටින්, සංචාරක වීසා මත දිවයිනේ රැඳී සිටින ඊශ්‍රායලය ජාතිකයන් සේවකයන් වශයෙන් බඳවා ගනිමින්, වෙරළාරක්ෂක කලාප වල ගොඩනැගිලි ඉදි කරමින් පවත්වාගෙන යන ඊශ්‍රායල් ව්‍යාපාර හරහා ප්‍රදේශයේ ජනතාව වඩ වඩාත් අපහසුතාවයට පත්ව තිබේ.
මේ තත්වය පිලිපීනය, ඉන්දුනීසියාව, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවල් ඇතුළු දකුණු ආසියාව පුරා දැකගත හැක. දේශීය ව්‍යාපාර කඩාකප්පල් කරමින් මුළු නගර සහ ගම්මාන පවා ඉශ්‍රායල ජාතිකයන් විසින් ඉශ්‍රායල ජාතිකයන් වෙනුවෙන්ම පවත්වාගෙන යන අවස්ථාද, මුදල් හුවමාරු කිරීම්, ටැක්සි සේවා, ඉඩම් මිලදී ගැනීම් ආදී උපායමාර්ගික ව්‍යාපාර වල යෙදෙන ආකාරයද නිරීක්ෂණය වේ. එවැනි ව්‍යාපාර ඒවා ක්‍රියාත්මක වන ප්‍රදේශවල දේශීය ජනතාවගේ යහපැවැත්මට හෝ ජීවනෝපායන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද දායක වන්නේ ඉතා අල්ප වශයෙනි.
මීට ඉහතදී කොළඹ වැල්ලවත්ත සහ අරුගම්බේ ප්‍රදේශ වලද ප්‍රදේශවාසීන් සහ ශ්‍රී ලාංකික පුරවැසියන් ඊශ්‍රායල චැබඩ් හවුස් සහ සිනගොග් වලට විරෝධතාවය දැක්වූයේ ශ්‍රී ලංකා රජයේ වියදමින් පොලිස් ආරක්ෂාව ලබාදී මේ ස්ථාන පවත්වාගෙන යාමේ අරමුණත් ප්‍රශ්න කරමින්.
පහුගිය කාලයේ ඊශ්‍රායල් සංචාරකයන් විසින් ශ්‍රී ලාංකික පුරවැසියන්ටත්, අනෙකුත් සංචාරකයන්ටත් අඩන් තේට්ටම් කල අවස්ථා සහ අනීතික ව්‍යාපාර කිරීම් බොහොමයක් වාර්තා වී ඇති අතර නිදහස් පලස්තීනය සඳහා වූ ශ්‍රී ලාංකික ව්‍යාපාරය විසින් මේ සම්බන්ධ පොලිසියට පැමිණිලි කල සටහන් ඇතුලු වාර්තා විදේශ අමාත්‍යවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාටද බාර දී ඇත.
පිලිපීනය සහ තායිලන්තය වැනි අනෙක් සංචාරක ගමනාන්තයන් වලද මෙවැනි උණුසුම්කාරී තත්ත්වයන් වාර්තා වී ඇති අතර, එහිදී සමහර ඉශ්‍රායල සංචාරකයන්ගේ කලහකාරී හා පීඩාකාරී හැසිරීම් වලට විරුද්ධ වලට එරෙහි වූ ඒ රටවල පුරවැසියන්ට පහරදීම් සහ දේපළ හානි සිදු කල අවස්ථා පවා වාර්තා වී ඇත.
- Melani Gunathilaka
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති