සෙබලුන් සොයා දිය නොහැකි නම් යුක්‍රේන දේශපාලකයන්ටත් සටන් පෙරමුණට එන ලෙස ඉල්ලා සිටිනවා - යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් වැලරි සලුෂ්නි
යුක්‍රේනයේ සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් වැලරි සලුෂ්නි ඊයේ (04) එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමතමින් "පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව බලමුලු ගැන්වීමේ නීතියක් ගෙන ඒම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි නම්, ඔවුන් යුද පෙරමුණට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම සාදරයෙන් පිළිගන්නවා." යනුවෙන් පැවසූ බව එරට පුවත් පත් වාර්තා කර ඇතැයි වාර්තා වේ.
යුක්‍රේන පුවත් පතක් වන "New Voice" පුවත් පතට අනුව,අවසන් වරට පැවැති ජාතික ආරක්ෂක කමිටු රැස්වීමකදී සලුෂ්නි මෙලෙස ප්‍රකාශකර තිබේ. පුවත් පත තම ප්‍රවෘත්තියේ මූලාශ්‍ර හෙළිදරව් කිරීමෙන් වැලකී සිටීමට කටයුතු කළේය.
“මට මිනිසුන් අවශ්‍යයි.” යනුවෙන් පැවසූ ජෙනරාල්වරයා "රුසියානුවන් දැනටමත් 400,000 ක් පෙරමුණට කැඳවා තිබෙනවා. තවත් ලක්ෂ ගණනක් සෙබළුන් සූදානම් කරමින් සිටිනවා. මට කවුද ඉන්නේ? එක්කෝ වෙනත් රටවලින් මිනිසුන් ගෙන්වා දෙන්න. ඔබට යුද පෙරමුණට සෙබළුන් ලබා දිය නොහැකි නම් ඔබම සටන් බිමට එන්න."
දැඩි බලමුලු ගැන්වීමේ නීති රීති අනුගමනය නොකරන්නේ නම්, "රාජ්‍යය ආරක්ෂා කිරීමට කිසිවෙකු නොසිටිනු ඇත" යනුවෙන් සලුෂ්නි අවධාරණය කර ඇතැයි පුවත් පත පවසයි. පුවත් පතට අනුව, වරදකරුවන් ලෙස පුදගලයන් නම් කරන කෙටුම්පතටද ඔහු විරුද්ධ වෙමින් පවසා ඇත්තේ හමුදා සේවය දඬුවමක් බවට පත් කරන බවට එම නීතිය මගින් සිදුවන බවට මතයක් ඇති කරන බව අවධාරණය කර ඇත.
" සෑම පුද්ගලයෙකුටම යුද පෙරමුණට යැවීමට පෙර දින 80 ක පුහුණුවක් ලබා දෙනවා. නමුත් මට යුද පෙරමුණට යැවීමට මිනිස්සු දෙන්න.” ජෙනරාල්වරයා නීති සම්පාදකයින්ට පැවසූ බව පුවත් පත පවසයි.
අසාර්ථක ගිම්හාන ප්‍රහාරයෙන් අහිමි වූ ඇස්තමේන්තුගත 125,000 භට පිරිස් ප්‍රතිස්ථාපනය කිරීමට කියෙව් හමුදා කටයුතු කරමින් සිටී.මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේ පැවති සාකච්ඡාවකදී රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේදී රුසියානු යුක්‍රේන ගැටුම් ආරම්භ වූ අවස්ථාවේ සිට යුක්රේනයට දැවැන්ත අලාභ හානි සිදු වී 383,000 කට වැඩි යුක්‍රේන සෙබළු ප්‍රමාණයක් මිය ගොස් හෝ තුවාල ලබා ඇතැයි අනාවරණය කළේය. මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි පසුගිය මාසයේ නිවේදනය කළේ යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් වැලරි සලුෂ්නි ඔහුගෙන් තවත් අතිරේක සෙබළු 500,000ක් ඉල්ලා ඇති බවයි.
රුසියානු බුද්ධි අංශවලට අනුව යුක්රේනයට ආධාර කරන බටහිර රටවල් ,යුක්‍රේන තරුණ හා වැඩිහිටි පිරිමින් මෙන්ම කාන්තාවන් යුද සේවයට බඳවා ගැනීම සඳහා අදාළ කෙටුම්පත පුළුල් කිරීමට ජනාධිපති සෙලෙන්ස්කිට බලපෑම් කර ඇත. සෙලෙන්ස්කි බලය හොබවන 'ජනතා සේවක' පක්ෂයේ මන්ත්‍රීවරියක් වන මරියානා බෙසුග්ලායා යුද පෙරමුණට කාන්තාවන් යැවීමට නීතිමය ප්‍රතිපාදන ලැබෙන පරිදි කෙටුම්පත සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. කෙසේ වෙතත්, ඇය කළ ෆේස්බුක් මත විමසුමකින් අනාවරණය වූයේ, පිරිමින්ගෙන් 74% ක් සහ කාන්තාවන්ගෙන් 65% ක් බලහත්කාරයෙන් යුද සේවයට බඳවා ගැනීම වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ යුක්රේන පුරවැසිභාවය අත්හැරීමට කැමැත්තෙන් සිටින බවයි.
නව බලමුලු ගැන්වීමේ පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන සඳහා එක් කිරීමට අවශ්‍ය එකම කමිටු සාමාජිකයා Bezuglaya බව ආරක්ෂක අමාත්‍ය Rustem Umerov කමිටු රැස්වීමේදී පැවසූ බව වාර්තා විය. මෙම කෙටුම්පත් යෝජනාව කමිටුවෙන් ඉවත් කර පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සාකච්ඡාවට ගන්නා ලෙස ඔහු නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේය. මේ අතර රට තුළ දැනට පවතින තත්වයට අනුව මෙම යෝජනාව සම්මත කිරීමට අපහසු බව ජනාධිපති සෙලෙන්ස්කි ගේ සහායක Mikhail Podolyak පවසා ඇතැයි වාර්තා වේ.
https://www.rt.com/russia/590140-ukraine-politicians-fight-zaluzhny/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..