සෙබලුන් සොයා දිය නොහැකි නම් යුක්‍රේන දේශපාලකයන්ටත් සටන් පෙරමුණට එන ලෙස ඉල්ලා සිටිනවා - යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් වැලරි සලුෂ්නි
යුක්‍රේනයේ සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් වැලරි සලුෂ්නි ඊයේ (04) එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමතමින් "පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව බලමුලු ගැන්වීමේ නීතියක් ගෙන ඒම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි නම්, ඔවුන් යුද පෙරමුණට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම සාදරයෙන් පිළිගන්නවා." යනුවෙන් පැවසූ බව එරට පුවත් පත් වාර්තා කර ඇතැයි වාර්තා වේ.
යුක්‍රේන පුවත් පතක් වන "New Voice" පුවත් පතට අනුව,අවසන් වරට පැවැති ජාතික ආරක්ෂක කමිටු රැස්වීමකදී සලුෂ්නි මෙලෙස ප්‍රකාශකර තිබේ. පුවත් පත තම ප්‍රවෘත්තියේ මූලාශ්‍ර හෙළිදරව් කිරීමෙන් වැලකී සිටීමට කටයුතු කළේය.
“මට මිනිසුන් අවශ්‍යයි.” යනුවෙන් පැවසූ ජෙනරාල්වරයා "රුසියානුවන් දැනටමත් 400,000 ක් පෙරමුණට කැඳවා තිබෙනවා. තවත් ලක්ෂ ගණනක් සෙබළුන් සූදානම් කරමින් සිටිනවා. මට කවුද ඉන්නේ? එක්කෝ වෙනත් රටවලින් මිනිසුන් ගෙන්වා දෙන්න. ඔබට යුද පෙරමුණට සෙබළුන් ලබා දිය නොහැකි නම් ඔබම සටන් බිමට එන්න."
දැඩි බලමුලු ගැන්වීමේ නීති රීති අනුගමනය නොකරන්නේ නම්, "රාජ්‍යය ආරක්ෂා කිරීමට කිසිවෙකු නොසිටිනු ඇත" යනුවෙන් සලුෂ්නි අවධාරණය කර ඇතැයි පුවත් පත පවසයි. පුවත් පතට අනුව, වරදකරුවන් ලෙස පුදගලයන් නම් කරන කෙටුම්පතටද ඔහු විරුද්ධ වෙමින් පවසා ඇත්තේ හමුදා සේවය දඬුවමක් බවට පත් කරන බවට එම නීතිය මගින් සිදුවන බවට මතයක් ඇති කරන බව අවධාරණය කර ඇත.
" සෑම පුද්ගලයෙකුටම යුද පෙරමුණට යැවීමට පෙර දින 80 ක පුහුණුවක් ලබා දෙනවා. නමුත් මට යුද පෙරමුණට යැවීමට මිනිස්සු දෙන්න.” ජෙනරාල්වරයා නීති සම්පාදකයින්ට පැවසූ බව පුවත් පත පවසයි.
අසාර්ථක ගිම්හාන ප්‍රහාරයෙන් අහිමි වූ ඇස්තමේන්තුගත 125,000 භට පිරිස් ප්‍රතිස්ථාපනය කිරීමට කියෙව් හමුදා කටයුතු කරමින් සිටී.මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේ පැවති සාකච්ඡාවකදී රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේදී රුසියානු යුක්‍රේන ගැටුම් ආරම්භ වූ අවස්ථාවේ සිට යුක්රේනයට දැවැන්ත අලාභ හානි සිදු වී 383,000 කට වැඩි යුක්‍රේන සෙබළු ප්‍රමාණයක් මිය ගොස් හෝ තුවාල ලබා ඇතැයි අනාවරණය කළේය. මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි පසුගිය මාසයේ නිවේදනය කළේ යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් වැලරි සලුෂ්නි ඔහුගෙන් තවත් අතිරේක සෙබළු 500,000ක් ඉල්ලා ඇති බවයි.
රුසියානු බුද්ධි අංශවලට අනුව යුක්රේනයට ආධාර කරන බටහිර රටවල් ,යුක්‍රේන තරුණ හා වැඩිහිටි පිරිමින් මෙන්ම කාන්තාවන් යුද සේවයට බඳවා ගැනීම සඳහා අදාළ කෙටුම්පත පුළුල් කිරීමට ජනාධිපති සෙලෙන්ස්කිට බලපෑම් කර ඇත. සෙලෙන්ස්කි බලය හොබවන 'ජනතා සේවක' පක්ෂයේ මන්ත්‍රීවරියක් වන මරියානා බෙසුග්ලායා යුද පෙරමුණට කාන්තාවන් යැවීමට නීතිමය ප්‍රතිපාදන ලැබෙන පරිදි කෙටුම්පත සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. කෙසේ වෙතත්, ඇය කළ ෆේස්බුක් මත විමසුමකින් අනාවරණය වූයේ, පිරිමින්ගෙන් 74% ක් සහ කාන්තාවන්ගෙන් 65% ක් බලහත්කාරයෙන් යුද සේවයට බඳවා ගැනීම වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ යුක්රේන පුරවැසිභාවය අත්හැරීමට කැමැත්තෙන් සිටින බවයි.
නව බලමුලු ගැන්වීමේ පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන සඳහා එක් කිරීමට අවශ්‍ය එකම කමිටු සාමාජිකයා Bezuglaya බව ආරක්ෂක අමාත්‍ය Rustem Umerov කමිටු රැස්වීමේදී පැවසූ බව වාර්තා විය. මෙම කෙටුම්පත් යෝජනාව කමිටුවෙන් ඉවත් කර පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සාකච්ඡාවට ගන්නා ලෙස ඔහු නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේය. මේ අතර රට තුළ දැනට පවතින තත්වයට අනුව මෙම යෝජනාව සම්මත කිරීමට අපහසු බව ජනාධිපති සෙලෙන්ස්කි ගේ සහායක Mikhail Podolyak පවසා ඇතැයි වාර්තා වේ.
https://www.rt.com/russia/590140-ukraine-politicians-fight-zaluzhny/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..