News Category
From Date
To Date
Maximum Number of Result

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ.. - නාමල්

Aug 11, 2026 at 06:04 PM
|

"22 වෙනි සංශෝධනය ගැන ඔබ අවංකව ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ. මොකද ගරු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස දික් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් ආණ්ඩුවට දෙන්න විදියකුත් නැහැ,  ​දැන් අධිකරණයේ පවතින නඩු වල විභාග කිරීම කඩිනම් කරන්න ඕනේ නම්, ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම තුළ ඒක වෙන්නේ නැහැ කියලා ඕන කෙනෙක් දන්නවනේ. එහෙමනම් දැනට තියෙන පුරප්පාඩු පුරවන්න ඕනේ. තව පැත්තකින් අලුතෙන් අධිකරණ පිහිටුවන්න ඕනේ. ඉතින් ඒ දෙක නොකර කාලය දික් කරා කියලා ඒකට විසඳුමක් ලැබෙනවා කියන එක නම් ඉතින් කිසිම කෙනෙක්ට විශ්වාස කරන්න බැහැ. ඉතින් මං හිතන්නේ ඒ සංශෝධනය ගේන්නේ ඇයි කියලා ආණ්ඩුව දන්නෙත් නැහැ. ජනාධිපතිවරයා දන්නවද කියන්න මං දන්නේ නැහැ" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය 

ඔහු මේ බව ප්‍රකාශ කලේ දඹුල්ල රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,

"එක පැත්තකින් අද ලංකාවේ නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, ගරු පහළ අධිකරණ වල ගරු විනිශ්චයකාරවරුන්, ඒ වගේම මේ රටේ වෘත්තිකයින් සහ බහුතරයක් ජනතාව මේ පිළිබඳව විශ්වාසයක් නැහැ. ඉතින් ඔවුන් පැහැදිලිවම මේ අධිකරණ පද්ධතිය තුළ ස්වාධීනත්වයට බලපාන්න හැකියි කියන කාරණය සඳහන් කරලා තියෙනවා.

​ඒ වගේම තමයි අද පොලීසිය හැසිරෙන විදියෙන් මේ රටේ ආණ්ඩුව පැහැදිලිවම පොලීසිය තමන්ගේ දේශපාලන හස්තයක් විදියට මෙහෙයවන බව පේනවා. දැන් එක පැත්තකින් සංවිධානාත්මක අපරාධ වැඩි වෙනවා. හැබැයි පොලිස්පතිවරයා හෝ පොලීසිය ඒවා වලක්වන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද? හැබැයි තවත් පැත්තකින් පක්ෂයේ මහ ලේකම්වරයා, සාගර කාරියවසම් මහත්මයා ප්‍රකාශයක් කරාම ඉතාමත් වේගයෙන් පරීක්ෂණ කටයුතු කරලා කටඋත්තර දෙන්නත් එන්න කියනවා.

​හැබැයි ඉතින් දිනෙන් දින දැන් වෙඩි තියෙනවා විතරක් නෙවෙයිනේ, දැන් ගෙවල් වලට බෝම්බ ගහලත් යනවනේ, අර 88-89 වගේ. ඒ තත්ත්වයට මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වුණාම ඒකට ක්‍රියාත්මක නොවන පොලීසිය පක්ෂයක මහ ලේකම්වරයෙක් වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පොලීසිය පැහැදිලිවම දේශපාලන හස්තයක් බවට මේ ආණ්ඩුව පාවිච්චි කරනවා. ඒක තමයි සාගර කාරියවසම් මහත්මයා කිව්වේ.

​ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික ආරක්ෂාවයි, මහජන ආරක්ෂාවයි දෙකක් කියලා දැන් ඔය එයා දිව්‍ය ලෝකෙන්  ආව කෙනානේ.මං හිතන්නේ පොළොවට බැහැලා දැන් කියනවා මේක දෙකක් කියලා. එයාමනේ කිව්වේ දිව්‍ය ලෝකේ ඉඳන් එනවා කියලා. ඉතින් මේ ආණ්ඩුව පැහැදිලිවම උත්සාහ කරනවා තමන්ගේ ඒකාධිපති පාලනයකට මේ රට අරගෙන යන්න. ඒක අද පැහැදිලියි, ඒක මේ රටේ ජනතාවට තේරෙනවා දැන්.

​බන්ධනාගාරය සම්බන්ධයෙන් ඒ ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද අපිට චෝදනා කරන්න ලේසියිනේ ආණ්ඩුවට. හැබැයි ඉතින් අද වෙනකම් බන්ධනාගාර ඇමතිවරයා, අමාත්‍යවරයා බවට පත් වුණාට පස්සේ බන්ධනාගාර කීයක් නිරීක්ෂණය කරන්න ගියාද? ඇයි වැඩබලන කොමසාරිස්වරයෙක් මේක පාලනය කරන්නේ? ඇයි ස්ථිර කොමසාරිස්වරයෙක් පත් කරන්න බැරි? මේවට ඇමතිවරයා උත්තර දෙන්න ඕනේ.

​ඒවට උත්තර දෙන්නේ නැතුව විපක්ෂයට චෝදනා කරලා ඵලක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔහුට අයවැයෙන් වෙන් වෙච්ච මුදල් තියෙනවා. ඒ මුදල් වලින් බන්ධනාගාරයේ සිරකරුවන්ගේ සුභසිද්ධිය සඳහා, සුභසාධනය සඳහා කීයක් වියදම් කරාද? බන්ධනාගාර වගේම අධිකරණ පද්ධතිය තුළ යටිතල පහසුකම් හදන්න වෙන් වෙච්ච මුදල් කීයක් මේ ආණ්ඩුව වියදම් කරාද?

​ඉතින් ඒවට උත්තර දෙන්නේ නැතුව අද ආණ්ඩුව මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියලා හොයා දක්වන්න හදනවා නම් ඒක ආණ්ඩුවේ බංකොලොත්භාවය. සහ මේ ආණ්ඩුවේ නොහැකියාව සහ ජනාධිපතිවරයාගේ නොහැකියාව. ඉතින් ඔය මං අහපු ප්‍රශ්න වලට අධිකරණ ඇමතිවරයා උත්තර දෙන්න ඕනේ. එක; ඔහු අමාත්‍යවරයා බවට පත් වුණාට පස්සේ බන්ධනාගාර කීයක් නිරීක්ෂණය කරන්න ගියාද? ඒ නිරීක්ෂණය කරනකොට ඔබට වැටහුණාද බන්ධනාගාර ඇතුලේ තියෙන යටිතල පහසුකම් සහ රැඳවියන්ගේ තියෙන පහසුකම් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය?

​එහෙම වැටහුණා නම් ඇයි ඔබ නිශ්ශබ්දව හිටියේ? ඔබ විපක්ෂයේ ඉන්න කාලේ ඔබ කතා කරපු කාරණා අද කතා කරන්නේ නැහැනේ, ඇයි නිශ්ශබ්දව හිටියේ? ඔබට වෙන් වෙච්ච අයවැයෙන් වෙන් වෙච්ච මුදල් වලින් බන්ධනාගාරයේ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සහ බන්ධනාගාර පද්ධතියේ යටිතල පහසුකම් වැඩි කරන්න ඔබ කොච්චර මුදල් වියදම් කරාද? ඉතින් මේවට අධිකරණ ඇමතිවරයා උත්තර දෙන්න ඕනේ. දැන් මට බැනලා වැඩක් වෙන්නේ නැහැ ඇමතිතුමා, ඕවට උත්තර දෙන්න.

​ඒක JVP එකේ හැටිනේ මර්ධනය කියන එක JVP එකේ කොටසක්නේ. ඉතින් ඔය මර්ධනයම තමයි දැන් පොලීසිය හරහා දේශපාලන අධිකාරියට, මාධ්‍යයට, සමාජ මාධ්‍යයට ගේන්නේ. ඔය මර්ධනයම තමයි ගොවියට ගෙනල්ලා තියෙන්නේ. ගොවියා එළියට බැස්සම කසිප්පුකාරයා කිව්වේ. ඔය මර්ධනයම තමයි වෛද්‍යවරුන්ට ගෙනාවේ. වෛද්‍යවරු තමන්ගේ වෘත්තීය කාරණා ගැන කතා කරාම හොරු කියලා කිව්වේ.

​ඔය මර්ධනයම තමයි ව්‍යවසායකයන්ට ගේන්නේ. ව්‍යවසායකයෝ තමන්ගේ බදු ප්‍රශ්නය ගැන කතා කරනකොට තව බදු වැඩි කරලා කටවහන් ඉඳපන් කියලා කිව්වේ. ඔය මර්ධනයම තමයි මේ රටේ පුරවැසියන්ට අවසානයේ ගේන්නේ. උපාධිධාරීන් අස්සයින් ලඟට ගියාම ගහලා එලෙව්වේ. ඔය මර්ධනයේ කොටසක්. ඒක තමයි මේ ආණ්ඩුවේ ස්වභාවය. ඉතින් JVP එකෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

​හැබැයි ඉතින් අපි ආණ්ඩුවටත් කියන්නේ, මේ ඔබ කොතෙක් මේ රටේ විපක්ෂය සහ ජනමතය මර්ධනය කරන්න හැදුවත්, ඔබ කොතෙක් මේ රටේ ජනතාව පාගලා, බිම දාලා නිශ්ශබ්ද කරන්න හැදුවත් අපේ රටේ ජනතාව එහෙම නිශ්ශබ්ද වෙන්නේ නැහැ. මේ රටේ දේශපාලන අධිකාරිය, අපි නිශ්ශබ්ද වෙන්නේ නැහැ. ඉතින් අපි හැමදාම මේ රටේ ජනතාව වෙනුවෙන් හඬක් නගනවා.

​ඉතින් ඔබට පුලුවන් ඔබේ මර්ධනය සුපුරුදු ආකාරයෙන් අරගෙන යන්න. ඉතින් පහුගිය කාලේ අපි දැක්කනේ සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි, මාධ්‍යවේදීන්ට, එදා මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී හිටපු JVP එක අද මාධ්‍යවේදීන්ව මර්ධනය කරන තැනට පොලීසිය පාවිච්චි කරනවා. දැන් කී දෙනෙක් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කී දෙනෙක් CID එකට ගිහිල්ලා කටඋත්තර දුන්නද? ඒක තමයි මං කිව්වේ පොලීසිය මාලිමාවේ කොටසක් බවට පත් කරලා තියෙනවා.

​ඒ පත් කිරීම තුළ මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයටත්, පොලීසියේ ස්වාධීනත්වයටත් සෘජු බලපෑමක් තියෙනවා. ඉතින් පොලිස්පතිතුමා මේ ඔය ආණ්ඩුවට කඩේ යන කාලසීමාව ඇතුලත පොලීසියේ රාළහාමිලාගේ, නිලධාරීන්ගේ  සුබසාධනය බැලුවොත් හොඳයි. මොකද අවංකවම ඒ ජනතාව, ඒ පුද්ගලයෝ, ඒ නිලධාරීන් ඉතාමත් දැඩි පීඩාවක තමයි තමන්ගේ රාජකාරී කරන්නේ. ඉතින් අපි ගම්වලට ගියාම අපි දකිනවා. නගර වලට එනකොට අපි ඒක දකිනවා. ඉතින් ඒක පොලිස්පතිවරයාටයි ඇමතිවරයාටයි පේන්නේ නැහැ.

පො​දු විපක්ෂය විදියට යම් කාරණා වලදී අපි එකඟතාවයකට එන අවස්ථාවල් තියෙනවා. ඒක දේශපාලන එකඟතාවයක් නෙවෙයි. රටේ ජනතාව වෙනුවෙන් වෙන එකඟතාවයක්. ඉතින් විශේෂයෙන්ම අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට යම් බලපෑමක් වෙන බව ලංකාවේ නීතිඥ සංගමය සෘජුවම සඳහන් කරනවා, අදටත් ඔවුන් ඒ මතයේ ඉන්නවා.

​ඒ වගේම පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය මතක් කරලා තියෙනවා. ඒ වගේම ආසියාතික නීතිඥ සංගමය ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. පහළ අධිකරණ වල විනිශ්චයකාරවරු ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ කාරණය සම්බන්ධයෙන් අපි පොදු එකඟතාවයක ඉන්නවා. ඒ තමයි මේ රටේ අධිකරණයේ ස්වාධීන බව ආරක්ෂා කරන්න ඕනේ.

​මොකද එදා අපේ ආණ්ඩුවලට විරුද්ධවත් අධිකරණයේ ස්වාධීනත්වයට සටන් කරේ JVP එකනේ. ඉතින් ඔවුන් ඒක ස්වාධීනත්වය ආරක්ෂා කරනවා කියලා බලයට ඇවිල්ලා ඒකට ගහන එක වැරදියි. මොකද ඔවුන් ඒ සටනෙ හිටපු අය. ඔවුන් ගොවියාගේ සටනේ, ධීවරයාගේ සටනේ, වෘත්තිකයාගේ සටනේ, අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන්, පොලිස් නිලධාරීන් වෙනුවෙන් හිටපු අය.

​ඉතින් අද ඔවුන් බලයට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි යම් බලපෑමක් ඇති කරන බවට මේ විශේෂයෙන්ම නීති ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ සහ නීතිඥයන් තුළ මතයක් තියෙන වෙලාවක, මං හිතනවා අනිත් දේශපාලන කාරණා වලදී අපි වෙනම සටන් කරමු. හැබැයි මේ රටේ පොදු මතයක් හැදිච්ච අවස්ථාවක ඒ සඳහා අපි එකඟතාවයකින් කටයුතු කරනවා.

​අපිට පන්සල් වලට එන්න රහස් ඕනෙත් නැහැ, විශේෂ අවස්ථාවල් ඕනෙත් නැහැ. ඉතින් දඹුල්ලට එන හැම අවස්ථාවකම නායක හාමුදුරුවෝ බැහැදැකලා ආශීර්වාද ලබා ගන්නවා. ඉතින් ඒකට විශේෂී අවස්ථාවක් වෙනකම් ඉන්න ඕනේ නැහැ.

​ඉතින් අද දඹුල්ලට ආපු වෙලාවේ මං හිතුවා මහානායක හාමුදුරුවෝ දැකලා ආශීර්වාද අරගෙන යන්න ඕනේ කියලා. උන්වහන්සේ බැහැදකින්න ආවා. ඒකේ දේශපාලන හේතුවකුත්, හේතුවක් අවශ්‍යත් නැහැ, පෞද්ගලික හේතුවක් අවශ්‍යත් නැහැ. අපි හැදුනේ පන්සල් වලින්නේ."


සම්බන්ධිත පුවත් | Related News

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.
කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

ප්‍රධාන පුවත්

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.