දොස්තර මාරු යළිත් අර්බුදයක.. GMOA විරෝධය..
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනයයි.
2027 ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු ලැයිස්තුව සැකසීමේදි මතු වී ඇති ගැටලු පිළිබඳවයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දැඩි වෛද්‍ය හිඟය මධ්‍යයේ රට පුරා රෝහල් වල රෝගී සත්කාර සේවා අනවරතව පවත්වා ගැනීම සිදු වන්නේ වෛද්‍යවරුන් තම රාජකාරියට එහා ගොස් ස්වෙච්ඡාවෙන් සිදු කරනු ලබන දැඩි කැපවීම තුලින් වේ. මෙම අනවරත සේවා සැපයීම සඳහා වාර්ෂික ස්ථානමාරු ඔස්සේ සිදු වන වෛද්‍ය ස්ථානමාරු ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරයි.
අවාසනාවට කරුණ නම් 2025 ට පෙර වර්ෂ වල වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කරවීමේ සතියක් ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ස්ථානමාරු නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට කටයුතු ආරම්භ කලද, එම ක්‍රියාවලිය මේ වන විට අසාර්ථක ප්‍රයත්නයක් බවට පත් වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයට ක්‍රියාත්මක කර ගත හැකි වූ වාර්ෂික ස්ථානමාරු ප්‍රමාණය මුලු සංඛ්‍යාවෙන් 50% කටත් අඩු වීම නිසාය.
එසේ අසාර්ථක වී තිබියදි මේ වන විට 2027 වර්ෂයට නියමිත ස්ථානමාරු ලැයිස්තු සකස් කිරීමද ආරම්භයේදිම සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් අර්බුදයකට ඇද දමා තිබේ.
2025 අගභාගයේදි මුහුණපාන්නට සිදු වූ අවාසනාවන්ත දිට්වා අපදා තත්ත්වය නිසා වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කරවීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ම වාර කිහිපයක්ම අත්හිටුවා කල් දැමීම නිසා මාස කිහිපයක්ම ප්‍රමාද වීමද මෙම අර්බුදයට බලපා ඇති ප්‍රධානතම කාරණාවයි.
මෙම ගැටලුව නිසා 2027 වර්ෂයට නියමිත ස්ථානමාරු ලැයිස්තු සැකසීමේදි එම ස්ථානමාරු සඳහා අයදුම් කිරිමට සුදුසුකම් ලබන දිනය පිළිබඳව ස්ථානමාරු මණ්ඩලය විසින් ලබා ගෙන තිබු එකඟතාවය සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් අත්තනෝමතිකව කඩ කිරීම නිසා වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් අගතියටත්, අපහසුතාවයටත් මේ වන විට පත් වී ඇත. ඉන් සමහරක් මෙම ගැටලුව නොවිසදේ නම් සේවයෙන් ඉවත් වීමට හෝ නියමිත කාලයට කලින් සේවයෙන් විශ්‍රාම යෑමට බලාපොරොත්තුවෙන් සිටින බවටද අපහට දැනුම් දී ඇත. ස්භාවික ආපදා තත්ත්වයක් මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා ගත් තීරණ මත වෛද්‍යවරුන් අසාධාරණයට ලක් කිරීම පිළිගත නොහැකි කාරණයක් වේ.
එමෙන්ම වෛද්‍ය ස්ථානමාරු සඳහා බලපාන සම්මත මෙහෙයුම් පටිපාටිය (Stand Operating Protocol) සකස් කිරීමද නිසි ක්‍රමවේදයට මාරු මණ්ඩල සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තුල සිදු නොවීමද මීට බලපා ඇත. ඒ පිළිබඳව අප විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවටද පැමිණිලි කර ඇත.
මෙම ගැටලු සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදි සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් සිදු වී ඇති ඉහත කී අඩුපාඩු සහ වැරදි අප විසින් එතුමාට පෙන්වා දෙන ලදී.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මැදිහත් වීම තුල රට පුරා විහිදි ඇති සෞඛ්‍ය සේවාව බිඳ වැටීමකින් තොරව අනවරතව පවත්වාගෙන යාමටත්, වෛද්‍යවරුන් අපහසුතාවයට පත් නොවන ආකාරයටත් වාර්ශික ස්ථානමාරු ක්‍රියාත්මක කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් සාධනීය ප්‍රතිචාරයක් අප බලාපොරොත්තු වන්නෙමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්