ලංකාවේ කිරි ගොවීන්ට ඉන්දියාවේ අමුල් සමාගමෙන් විශේෂ පුහුණුවක් දෙනවා...- නාමල් කරුණාරත්න
ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ග්‍රාමීය ආර්ථිකය බලගැන්වීමේ අරමුණින්, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලාංකික කිරි ගොවීන් වෙනුවෙන් විශේෂ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා සිදුකරන ලද ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරී පත් වූ ගොවීන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මෙම මස 16 වන දින ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත අතර, පිටත්ව යාමට පෙර ඔවුහු කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ.
වසර 20 කට ආසන්න කාලයකට පසුව නැවත ආරම්භ කරන ලද මෙම පුහුණු වැඩසටහනේ පළමු අදියර යටතේ පසුගිය දෙසැම්බර් මාසයේදී ද ගොවීන් 19 දෙනෙකුට ඉන්දියාවේදී පුහුණුව ලබා දී ඇති අතර, ඉදිරියේදීත් තවත් කණ්ඩායම් කිහිපයකට මෙම අවස්ථාව ලබා දීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එකඟතාව පළ කර ඇත.
මෙම විශේෂ පුහුණුව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) මූලික කරගනිමින් පැවැත්වෙන අතර, එහිදී ලොව දැවැන්තම කිරි පිරිසැකසුම් ආයතනයක් වන 'අමුල්' (Amul) සමාගමේ නිෂ්පාදන, තාක්ෂණික හා පාලන ක්‍රියාවලිය සෘජුවම නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලාංකික ගොවීන්ට අවස්ථාව හිමිවේ. නවීන තාක්ෂණය ඔස්සේ දෛනික කිරි අස්වැන්න වැඩි කරගැනීම, අගය දාම සංවර්ධනය, කිරි ගොවිපළ යාන්ත්‍රීකරණය, ගව රෝග පාලනය සහ ගුණාත්මක පෝෂණ සත්කාර පිළිබඳ ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, මෙම පුහුණුවෙන් ලබාගන්නා අත්දැකීම් සහ නව තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් තම ප්‍රදේශවල අනෙකුත් ගොවීන් ද දැනුවත් කර දේශීය කිරි නිෂ්පාදනය සක්‍රීයව ඉහළ නැංවීමට මෙම ගොවීන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) එච්.ඒ.ඒ.එස්. පියසිරි මහතා, අධ්‍යක්ෂ (පශු සම්පත්) යූ.එස්. ගුණරත්න මහත්මිය ඇතුළු පශු සම්පත් අංශයේ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති