
රටේ ලක්ෂ 55ක් අන්ත දිළින්දෝ වෙලා
ඇති වූ ආර්ථික අර්බුදයත් සමග බදු බර ජනතාව මත පැටවීම හේතුවෙන් දැඩි දිළිඳුභාවයට පත්වූ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය පනස් පන් ලක්‍ෂය ඉක්මවා ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා මගින් තහවුරු වී තිබේ.
2019 වන විට දරිද්‍රතා රේඛාවට යටින් සිටි දිළිඳුම පිරිස මුළු ජනගහනයෙන් ලක්‍ෂ විසිපහක් ලෙස සටහන් වී තිබුණද මේ වනවිට දිළිඳුම ජන කොටසට අලුතින්ම ලක්‍ෂ තිහක් එක්වී ඇති බවද වාර්තා වේ.
මෙරට මුළු ජනගහනය දෙකෝටි විසිලක්‍ෂයක් පමණ වේ. එම ජනගහනයෙන් 2019 වනවිට සියයට 11.9ක් දිළිඳුම පිරිස ලෙස සටහන් වී තිබුණත් මේ වනවිට එම ප්‍රතිශතය සියයට විසිපහක මට්ටමට පත්ව ඇත.
ජනසවිය, සමෘද්ධිය හා අස්වැසුම යන දිළිඳු සහන ලබාදිය යුතු පිරිස ඒ අනුව සියයට 11.9 සිට සියයට විසිපහක මට්ටමට ඉහළ නැග තිබේ.
මෙම වසරේ (2024) ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාවට නැංවූ වැට් බදු ප්‍රතිශතය සියයට දහඅට දක්වා වැඩි කිරීමට පෙරාතුව ලෝක බැංකුව පුරෝකථනය කර තිබුණේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 27.9ක් 2024 වසරේදී දිළින්දන් බවට පත්වනු ඇති බවයි.
මෙතෙක් කලක් වැට් බදු පනවා නොතිබූ ඉන්ධන, ගෑස් ආදී භාණ්ඩ හැත්තෑනවයකට අලුතින්ම සියයට 18ක වැට් බදු පැනවීම නිසා මෙරට අන්ත දිළිඳු ජනතාවගේ ප්‍රමාණය තව තවත් ඉහළ යනු ඇතැයි ආර්ථික හා මූල්‍ය විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
